ප්‍රංශ ජනපති බිරිඳ ස්වයං නිරෝධායනයට | සිළුමිණ

ප්‍රංශ ජනපති බිරිඳ ස්වයං නිරෝධායනයට

ප්‍රංශ ජනාධිපති බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් ස්වයං නිරෝධායනයට යොමුව ඇත.
 
විදෙස් වාර්තා කර ඇත්තේ ඇයව හමුවූ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඇය මෙලෙස ස්ව කැමැත්තෙන් මෙලෙස හුදකලා වී තිඛෙන බවයි.
 
67 හැවිරිදි ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ බිරිඳට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නමුත් ඇය දින හතක් ස්වයං හුදෙකලා වනු ඇතැයි ඇගේ කාර්ය මණ්ඩලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

Comments