රට යළි ගොඩනැඟීමට දේශීය ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි | සිළුමිණ

රට යළි ගොඩනැඟීමට දේශීය ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි

- වෙළෙඳපොළ මිල විකෘතිය වෙනස් කළ යුතුයි
- දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛතාව
- වස විස නැති කෘෂිකර්මය දියුණු කරමු

ලෝකයේ කොරොනාවෙන් පසුව ආර්ථික අවපාතයකට පත්වූයේ අපේ රට පමණක් නොවෙයි. මුළු ලෝකයම ආර්ථිකමය වශයෙන් බිඳවැටෙමින් අවපාතයකට යමින් පවතී. මේ දරුණු බිඳවැටීමට පත්වූයේ කෝවිඩ් 19 පැතිර යාමත් සමඟ බව සත්‍යයකි. විශේෂයෙන් මෙරට කොරෝනා වසංගතයට පෙර සිටම ප්‍රපාතයට ගමන් කරමින් තිබුණි. රටේ ආර්ථිකය නැවත ගොඩගැනීම මුල්කරගෙන රටේ නිෂ්පාදන ආර්ථිකය උද්දීපනය කිරීම අනිවාර්යය සාධකයකි. ලෝකය පුරා මේ මොහොතේ කතිකාව බවට ඇති පොදු මාතෘකාව බවට පත්ව ඇත්තේ මේ ආර්ථික අවපාතයෙන් යළි ගොඩ ඒමට ගත යුතු ආර්ථිකම ම ප්‍රතිපත්තීන් කවරේද යන්නයි.

ඒ අනුව ඒ ඒ රටවල් අනුව එය වෙනස් වෙයි. මේ අනුව සුවිශේෂයෙන් අපේ රට පිළිබඳ ව කතා කිරීමේදී ඒ සඳහා අවශ්‍ය වන මූලික පූර්ව කොන්දේසියන් සැපිරීමෙන් තොරව කිසි දිනෙක එම ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒමට නොහැකිය. දේශිය නිෂ්පාදන ඉල්ලුම අඩුවීම, මුදල් සංසරණය අඩුවීම සැපැයුම් අඩුවීම නිසා ආර්ථික අවපාතයකට ලක්වෙයි. ඒ නිසා මේ මුල්‍යමය අර්බුදය ඔස්සේ මිනිසුන්ට බහු විධ ගැටලු රාශියක් මතුවී ඇත. අපි ආර්ථිකය නැවත ගොඩනැඟීමේදි ඒ සඳහා විසඳුම් සෙවීමේදි මෙතෙක් ඇලවූ බටහිර ගැති පැලැස්තර ඇලවීම නොකළ යුතුයි. විශේෂයෙන් සඳහන් කළහොත් ණය ගෙවා ගැනීමට නොහැකි මිනිසුන්ට ණය ලබාදීම තුළ ඒ තැනැත්තා තව ණය බරට පත්වීම මිස ඉන් ගොඩ ඒමක් නැත. ආර්ථිකය පුළුල් නොවන තත්ත්වක් හමුවේ බිඳ වැටෙන වෙළඳපොළ අවස්ථාවන් හිමි නොවන තත්ත්වයන් යටතේ කර්මාන්ත හිමියන්ට ණය ලබා දිමෙන් ඇති පලක් නොවෙයි. අපේ රටේ කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත හිමියන්ට දායකත්වය ඇත්තේ සියයට විස්සක ප්‍රමාණයකි. ඉන්දියාව එය සියයට පනහක් වෙයි. අපි සියයට විස්සක ප්‍රමාණයක සිටිමට හේතු ව වන්නේ දේශිය වෙළදපොළ අවස්ථා නැතිවීමයි. රටේ ප්‍රමුඛතාව දියයුතුවන්නේ කුමක්ද? වෙළදපොළට මේ ව්‍යවායකයන්ට ඇතුළු වීමට අවස්ථාව නොලැබෙයි. රාජ්‍ය යනු රටක ලොකුම මිලදී ගන්නා වෙයි

රාජ්‍ය යනු රටක ලොකුම මිලදී ගන්නා වෙයි. නමුත් රාජ්‍ය දේශිය නිෂ්පාදකයාගේ නිෂ්පාදන මිලදී ගැනීමට ප්‍රමුඛතාවයක් ලබා නොදෙයි. සැපයුම් අංශයේ සියළු මැදිහත්වීම් සිදුකොට තිබියදී කර්මාන්තකරුවන්ට හිස එසවීමට නොහැකි වීමට හේතුවවන්නේ වෙළඳපොළ අහිමි වීම යි. ඒ නිසා වෙළඳපොළ තුළ පවතින මිල විකෘතීන් නිවැරදි කිරීම සඳහා රජය මැදිහත් වීමක්ද මෙහිදි සිදු නොවෙයි . රජයේ මිලදී ගැනීමේ උපදේශන සංග්‍රාහයට එම අවශ්‍යතාවය මීට වසර 14 කට පෙර 2006 දී සංකල්පයක් ලෙස ඇතුල්කොට ඇතත් අද වන තුරු මඟ පෙන්වීමේ ලේඛනවල එය අනිවාර්යය කිරීමට අවශ්‍යය පියවර ගෙන නැත.

රාජ්‍ය ප්‍රමුඛතාවය දෙනු ලබන්නේද විවිධ සැපැයුම් කරුවන් හරහා ආනයනයන කරනු ලබන භාණ්ඩ ලබා ගැනීමටයි. රජය විශාලම ගැනුම්කරුවා ලෙස දේශිය නිෂ්පාදකයාගේ භාණ්ඩ මිලදි ගැනිමට සහ නිෂ්පාදකයාට වෙළදපොළ නිර්මාණය නොකිරීමෙන් දේශිය ආර්ථිකය ගොඩනැගිමේ පදනම බිඳවැටෙයි. විශේෂයෙන් ළදරු කර්මාන්තවලට ආනයනික භාණ්ඩ සමඟ තරඟ කළ නොහැකිය. දේශිය නිෂ්පාදකයාට නැගී සිටිමට හැකිවනුයේ රාජ්‍ය යාන්ත්‍රණය විසින් දායකත්වයක් ලබා දිමෙන් පමණි. වෙනත් ආයෝජන කරමින් කර්මාන්ත පුළුල් කර ගැනිමෙන් පලක් නොවන අතර මේ මූලික පදනම අප හඳුණා ගත යුතුයි. මෙය අපේ ආර්ථිකයේ මූලධාර්මීක ගැටලුවකි. මේ ආකාරයට ලෝකය පුරා සිදුවන වෙළඳපොළ මිල විකෘති කිරීමයි.

ඇතැම් රටවල දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ දැමීමට එරෙහිව විවිධ ක්‍රමවේද සහ උපාංග යොදා ගැනේ. ඒ සම්බන්ධයෙන් දකුණු කොරියාව, ජපානය සහ ඉන්දියාව වැනි රටවල් ඉදිරියෙන්ම සිටියි. අද නිදහස් වෙළඳාම පොළ නිශේධනය කරනු ලබන ඇමෙරිකාව මීට වසර 75 කට පෙර නිෂ්පාදන වෙළඳපල තුළ මිල විකෘතීන් නිවැරදි කිරීම සඳහා ආනයනවලට බදු පැනවූ ආකාරය ඔවුන්ගේ බදු මට්ටම් අධ්‍යයනය කිරීමෙන් වටහා ගත හැක. මහාචාර්ය කොරියානු ජාතික හෝජුන් චැන්ග් මහතා තම ‘ඉනිමගට පයින් ගැසීම’ නැමැති කෘතියෙන් ඇමෙරිකාව විසින් ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කරමින් තම රටේ නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කර ගැනීමෙන් පසුව අන් රටවලට ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අනුගමනය කරමින් අන් රටවලට ආරක්ෂණවාදී නොවී නිදහස් වෙළඳාම ප්‍රචලිත කිරීම සඳහා බදු අඩු කරන ලෙස උපදෙස් දෙන ආකාරය අපූරුවට පැහැදිලි කරයි.

අප වැනි රටවල ආණ්ඩුවලට උපදෙස් දෙන ඊනියා නව ලිබරල් විද්වතුන් මන්තරයක්සේ ජප කරන්නේ ඇමෙරිකාව එදා කළ දේ අප විසින් අද නොකළ යුතු බවටය. කෙසේ වෙතත් කොරියාව වැනි රටවල් විදේශීය රටවල දී සහනාධාර ලබා දී තම රටට භාණ්ඩ ප්‍රතාපනය කිරීම වැලැක්වීම සඳහා එම සහනාධාරවල වටිනාකම ගණනය කොට එය නිශේධනය කිරීම සඳහා එම ප්‍රමාණයට හෝ ඊට ඉහළ ආනයන බදු ප්‍රමාණයක් පනවනු ඊට අමතරව ඉන්දියාව අනගමනය කරන්නේනම් දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහා ආනයන ධෛර්යමත් කිරීම මුල් කරගෙන විවිධ බදු නොවන බාධකද පැනවිය හැක. එහිදී ආනයන බල පත්‍ර සහ කෝටා ක්‍රමයක් හදුන්වා දීම මගින් ප්‍රමාණාත්මක සීමා පැනවිය හැක. ලෝකයේ සියලු රටවල් අනුගමනය කළද එය අපිට ආදේශ කරගත නොහැකිය අපිට ගැලපෙන ආර්ථික රටාවක් අපි ගොඩනැගිය යුතුයි.

එ ක්‍රමවේදයන් අපි ආරම්භ කර පදනම ශක්තිමත් කර ගත යුතුයි. මේ රටේ පදනම වන කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන්ට ආර්ථිකයේ දායකත්වය ලබාදිය යුතුයි. මේ මූලික කරුණු ශක්තිමත් කරගන්නේ නම් වෙළද පොළ හි ඇති මිල විකෘතිය වෙනස් කළයුතුයි. ආනයනික භාණ්ඩ වල මිල, දේශිය නිෂ්පාදන වල මිලට වඩා අඩුමිලට පවත්වා ගෙන යනු ලබයි. එසේ පවත්වාගෙන යන ක්‍රමවේදයන් රාශියක් වෙළද පොළ තුළ ඇත. වෙළද පොළ ආර්ථිකයේද වෙළද පොලේ මිල විකෘතිය ඇති කළවිට දේශිය නිෂ්පාදකයාට මුහුණ දිය නොහැකිව ඔවුන් බිමට වැටෙයි. හැමදාම ආනයනික නිෂ්පාදනවලට හුරු වී සිටිම නිසා දේශිය නිෂ්පාදන වල ඉල්ලුමද අඩුවෙයි.

මේ තත්ත්වය වෙනස් කළයුතුය. කෘෂි කර්මන්ත ය මුල් කරගත් කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත මුල් කරගත් රටෙ බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩ ප්‍රස්ථා ඇති ආර්ථික මොඩලයක් නිර්මාණය වියයුතුයි.

කෙසේ වෙතත් වෙළඳපොළ තුළ පවතින සියළුම මිල විකෘතීන් නිවැරදි කිරීමට රජය මැදිහත් විය යුතු නොවේ. වෙළඳ පොළ තුළ නිර්මාණය කෙරෙන මිල විකෘතීන් නිවැරදි කිරීම මඟින් දේශීය නිෂ්පාදකයාට වෙළඳපොළ පුළුල් කිරීම සඳහා රජය මැදිහත් විය යුත්තේ යම් නිර්ණායක ප්‍රමාණයක් පදනම් කර ගෙනය. එහිදී පැරටෝගේ නීතිය හෙවත් වැඩි ප්‍රතිඵලයක් හෙවත් වැඩි බලපෑමක් සහිත භාණ්ඩ සහ සේවා සඳහා වැඩි ප්‍රමුඛතාවයක් දිය යුතුය. ඊට අමතරව මැදිහත්විය යුතු වෙළඳපොළ හෙවත් නිවැරදි කළ යුතු මිල විකෘතින් හඳුනා ගැනීම සඳහා මූලික නිර් ණායක 05 ක් යොදා ගත හැක.

පළමු වැන්න වෙළඳපොළ තුළ ප්‍රමාණාත්මක වැදගත් කමයි. දෙවැන්න වටිනාකම් එකතු කිරීමේ දාමයට එකතුවන පිරිස කොතෙක්ද යන්නයි. එනම් රැකියා අවස්ථා සහ ඒ මඟින් ඊට දායක වන්නන්ගේ අදායම් මට්ටමේ ඉහළ යාමේ ප්‍රමාණයයි. තුන්වැන්න රටේ ආහාර සුරක්ෂිතතාවය, දේශීය අමුද්‍රව්‍ය බහුලව භාවිත කිරීම, පරිසර හිතකාමී බව ආදී ජාතික අවශ්‍යතාවයන්ට අනුව කෙතරම් වැදගත්ද යන්නයි. හතරවැන්න විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ වැදගත්කමයි. පස්වැන්න මහජන සෞඛ්‍ය, ආරක්ෂා කිරීම, යහපත් ජිවන ක්‍රමයක් සහ ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීමේ හැකියාව ආදියයි. ලෝකයේ තත්ත්වය කෙසේ වෙතත් අප රටට අදාළව වෙළඳපොළ මිල විකෘතීන් නිවැරදි කිරීම සඳහා ඒ සියළු ක්‍රමවේද යොදා ගැනීමේ නීතිමය ඉඩ කඩ ඇත. ඒ සඳහා දැනට පවතින අනපනත් 8ක් පමණ යොදා ගත හැක. ඒ සඳහා වන පූර් ව කොන්දේසිය වන්නේ ආනයන බදු සහ බදු නොවන බාධක පිලිබඳව මහජනයා දැනුවත් කොට විනිවිද භාවයෙන් කටයුතු කිරීමය. එනම් රජය විසින් ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය හෙවත් දේශීය නිෂ්පාදන ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව විවෘතව ප්‍රකාශ කිරීමයි. මෙම ආකාර වෙළඳපොළ ත්‍රිත්වය මඟින් ආර්ථිකයට සිදුවන බලපෑම සහ මිල විකෘතිය වැළැක්වීම මඟින් දේශීය නිෂ්පාදනය වර්ධනය කිරීමෙන් තොරව දීර්ඝ කාලීනව සහන ලබා ගත නොහැකිය.

කෘෂිකර්මාන්තය පමණක් නගා සිටුවිය යන කාරණ පමනක් නොව ඒ සදහා අවශ්‍ය මූළික පදනම දැමිය යුතුයි කියන කාරන මෙහිදි මතු කළයුතුයි. අපි කළයුතු වන්නේ කෘෂිකර්මාන්තය සහ සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා පදනම දමා අනෙක් මහ පරිමාණ කර්මාන්ත වලට යෑමයි. එනම් සංචාරක කර්මාන්තය විදේශ ආයෝකයන් මහ පරිමාණ කර්මාන්ත සියල්ල ගොඩනැගිම ඉන් අනතුරුව අපි ගමන් කළයුතුයි. මෙ පදනම ශක්තිමත් කර ගත හොත් අනෙක් කාරණා සම්බන්ධයෙන් ගැටලුවක් මතු නොවෙයි. මේ වනවිට සංචාරක කර්මාන්තයෙන් ලැබෙනුයේ මිලියන හාරදහසක් පමණයි . අපේ සංචාරක කර්මාන්තය වෙනස් කළ යුතු තැන් විශාල ලෙස ඇත .

අපේ දේශිය වෙද කම මුල් කරගත් දේශිය සංස්කෘතික උරුමයන් මුල් කරගත් කෘෂිකර්මික කර්මාන්තයේ වස විස නැති ආහාර මුල්කරගත් සංචාරක ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුයි. අපේ දේශිය සංචාරක කර්මාන්තය මෙහෙය වන්නේ ලොකු හෝටල් හිමිකරුවන් පමණයි. සංචාරක කර්මාන්තය අපි දියුණු කර ගතයුතු වන්නේ ලොකු හැරවුමක් ලක්ෂයකට අනුවයි. ඒ ස ඳහා දේශිය කර්මාන්ත නගා සිටුවිමේ පදනම මුලින් සැකසිය යුතුයි. සංචාරක කර්මාන්තය දියුණු කරන්න නම් ඒ අයට දියුණු කරන්න දේවල් රාශියක් තියෙනවා. දිර්ඝ කාලිනව ලංකවේ සිටින සංචාරකයන් අපේ රටට ගෙන ආයුතුයි. අපේ දේශිය වෙදකම මෙන් ම හෙදකම සංස්කාතික උරුමයන් නරඹන සංචාරක කර්මාන්තයක් ගොඩනැගිය යුතුයි. අපේ රටෙ සංචාරක කර්මාන්තය මෙහෙය වනුලබනුයේ ලොකු හෝටල් හිමිකරුවන් අතලොස්සක් විසිනි. මේ තත්ත්වය වෙනස් කළයුතුයි. නියෝ ලිබරල් වාදි මතවාදයන් කරපින්නා ගෙන සිටින පිරිසක් ආනයන කරුවන්ගේ තැරැව්කරුවන් ලෙස පෙනී සිටින මේ අය මේ වෙනස කරනවාට ප්‍රසාදයක් නැත. එමෙන්ම ඇගැලුම් කර්මාන්තයෙන් අපිට සුවිශාල ලාභයක් නොලැබෙයි. ඩොලර් බිලියන පන්දහස් පන්සියයක් විදේශ විනිමය ලැබුණු නමුත් ඩොලර් පන්දහසක් පමණ අමුද්‍රව්‍ය සඳහා නැවත එම රටවලට ම ගෙවිමට සිදුවෙයි. ශ්‍රමයට පමණක් ආදායම හිමි වෙයි. පහෙන් එකක් ආදයම හිමිවෙයි.

මේ කොරොනාවලින් අනතුරුව රටේ ආර්ථිකය වැටුණ මේ අවස්ථාවේදි හෝ මේ රටේ ආර්ථිකය ගොඩනගන්නට නම් ආර්ථිකයේ පදනම ගොඩනැගිය යුතුයි යන කාරණාව සම්බන්ධයේ අපි කටයුතු කළයුතුයි. මේ අවස්ථාවේදිවත් අපි යළි රටක් ලෙස ගොඩනැගිය යුතු කෙසේ කියන කාරණාව පිළිබදව වගකිව යුතු නිළධාරින් කටයුතු කළයුතුයි. අපි මේ අවස්ථාවේදි යළිත් වරක් ප්‍රත්‍යාවලෝකනය සහ ප්‍රඥාව ලෝකනය කළයුතුයි. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ කාලයේ ජි. වී එස්ද සිල්වා , එන් කියු ඩයස් මහ විද්වතුන් පිරිසක් එතුමිට මේ රට ගොඩනගන්න සහය ලබාදුනි. දේශිය කෘෂිකර්මය නගා සිටුවන්න සහ කර්මාන්ත නගා සිටුවන්න නීතිමය පදනමක් එවකට සිදුවිය. ඉන් පසු 1977 පසු ඒ සියල්ල විනාශ කර දැමීය. එදා ඒ ආරම්භ කරපු දේශිය කර්මාන්ත අද වන විට තිබුණි නම් මෙරට ඉතාමත් දියුණු රටකි. අපි දේශිය වශයෙන් ගොඩනැගු හොද ගමනක් එවකට ආරම්භ කලෙමු.ලෝකයේ හොදම ටයර් රෙදි අපි අපේ දේශිය වශයෙන් ගොඩනැගු අතර අද අපිට ඒ සියල්ල අහිමි වීඇත. කෘෂිකාර්මික පදනමක් ඇති කර තිබු අතර කුඩා සහ මධ්‍යම කර්මාන්ත කරුවන් නගා සිටුවීමට කටයුතු කර තිබුණි. අපේ දේශිය කෘෂිකර්මාන්තය බිද වැටුණි. ඒ අපේ අතීතයට ආපස්සට යාම නොව මෙහිදි කිවයුතු කාරනාව නොව මේ සම්බන්ධයෙන් නැවත කියවීමක් අවශ්‍යය.

දේශීය කර්මාන්ත කෘෂිකර්මය අනිවාර්යෙන්ම සියයට පනහක් දක්වා ඉහළ වැඩිකිරීමට මෙරට රාජ්‍ය යාන්ත්‍රණය හසුරුවන්නන් වග බලාගතයුතුයි. බටහිර න්‍යායයන් ඇති අයගේ ආර්ථික ප්‍රතිපත්තිය මෙරටට සුදුසු නොවන බවත් එම බටහිර රටවල් දියුණුවීමට පෙර අනුගමනය කළෙද දේශිය සුළු හා මධ්‍යපරිමාණ කෘෂිකර්මය සහ වෙනත් දේශිය නිෂ්පාදන ක්‍රියාවලියයි.දේශිය කර්මාන්ත වලට පයින් ගහපන් ගසා අපි ගොඩනැගෙන්නේ කෙසේද කියන කාරණාවට අපි පිළිතුරු සෙවිය යුතුයි. සමාජ කතිකාවක් ගොඩනැගුවොත් පමණයි අපිට ගොඩ ඒමට හැකිවනුයේ. වෙළදපොළ මේ මිල විකෘතිය වෙනස් නොකර කිසිම කෘෂිකර්මික නිෂ්පාදකයෙකුට දේශිය නිෂ්පාදකයකුට සහ ගොවියෙකුට නැගී සිටින්නට නොහැකියි.

ජාතියක් ලෙස අපි නැඟී සිටිය යුතුයි. අපි ශක්තිමත් ජාතියකි, ජාතිකමය, සංස්කෘතිකමය , හැකියාවන්, සහ දක්ෂතාවලින් පිරිපුන් ජාතියකි. ඒ මෙන්ම මේ පුංචි රට ස්වභාව ධර්මය ලෙස දිය හැකි සියල්ල ලබා දී ඇත. ගොඩබිම මෙන් විසි තුන් ගුණයක මුහුදක් ස්වභාවික සම්පත් ලෝකයේ හොඳම මිනිරන් සහ ඉල්මනයිට් මැණික් ඇති පොළොවකි. සරුසාර වගා බිමකි ,සශ්‍රික පො‍ළොවකි. ජෛවවිවිධත්වය වර්ෂාපතනය සියල්ල සමබර රටකි. අපිට ඇති ආකල්පමය මූලධාර්මික වෙනස ඇති නොකරගැනීම මෙන් අපි තවමත් නැගි සිටීමට ප්‍රමාද වී ඇත.

දේශිය ආර්ථිකයක් ගොඩනැගිය කාලය එළඹ ඇත. එසේ නොමැතිව මේ අඩිතාලය නොමැතිව නැඟි සිටින්නට සුදානම් වූවාට පලක් නැත. ඒ නිසා මේ කොරොනා වසංගතයෙන් අනතුරුව අපි බිමට ම ඇඳ වැටුණ ආර්ථිකය අපිම ගොඩනැගිය යුතුයි.

මුලික පියවර ලෙස දේශිය ආර්ථික ක්‍රමයක් ගොඩනැගිම සඳහා දේශිය මධ්‍ය හා සුළු කර්මාන්ත සහ කෘෂිකර්මය නගාසිටුවිය යුතු සේම සැබෑ විභවය හඳුනා ගෙන කටයුතු කළ යුතුයි. දේශිය ආර්ථිකය ගොඩනගන මාවතට යාමට නම් අපි නිර්භිත හැරවුමකට යා යුතු ම වෙයි.

Comments