කොරෝනා වයි­ර­සය ප්ලාස්ටික් මත පැය 72ක් | සිළුමිණ

කොරෝනා වයි­ර­සය ප්ලාස්ටික් මත පැය 72ක්

කොවිඩ් 19 රෝගය ඇතිකරවන කොරෝනා වර්ගයේ වයිරසය ඝනත්වයෙන් වැඩි බැවින් එය මිනිස් මුවකින් පිටවී සුළු කාලයකින් බිමට පතිත වන බව විද්‍යාඥයන්ගේ මතයයි. එලෙස බිමට පතිතවන වයිරසයට විවිධ මතුපිට මත පැය ගණන් ආරක්ෂිතව පැවතීමේ හැකියාව තිබේ.

එලෙස කිසියම් මතුපිටක් මත ආරක්ෂිතව පවතින වයිරසයක් ස්පර්ෂය වැනි ක්‍රමවේදයකින් යළිත් මිනිස් සිරුරට ඇතුළු වුවහොත් ආසාදනය වීමේ හැකියාව වයිරසය තිබේ.

මෙහිදී විවිධ පෘශ්ඨයන් මත වයිරසය ජීවත්වන කාල සීමාවන් වෙනස් වේ.

ඒ අතරින් වයිරසය වැඩිම කාලයක් ජිවත් වන්නේ ප්ලාස්ටික් මතය. ඒ දින තුනක කාලයකි. පැය වශයෙන් ගතහොත් පැය 72කි.

බොහෝ සුපිරි වෙළඳසැල් සහ බැංකු කවුන්ටර් වැනි ස්ථානවල මතුපිට ප්ලාසිටික්වලින් සාදා ඇති බව විශේෂයෙන් සිහියේ තබා ගත යුතුය.

කුඩා දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩද බොහෝ විට නිමවා ඇත්තේ ප්ලාස්ටික්වලිනි. දොර අගුළු, ජංගම දුරකථන, මුළුතැන්ගෙයි උපකරණ, පරිගණක යුතුරු පුවරු මතද වයිරසය පැය හැත්තෑ දෙකක් ජීවත් වන බව ඔබ සිහියේ තබා ගත යුතුමය.

මළ නොබැඳෙන වානේ මතද වයිරසය පැය හැත්තෑ දෙකක් සජීවීව රඳා පවතින්නේය. වයිරසය කාඩ්බෝඩ් මත ජීවත් වන කාලය පැය 24කි.

තඹ ලෝහය මත වයිරසය ජීවත් විය හැක්කේ පැය 4ක් පමණක් වන අතර කඩදාසි මත එයට පැය 48ක් ආරක්ෂිතව ජීවත් වීමේ හැකියාව තිබේ. ඒ අනුව කඩදාසිවලින් සැදුණු මුදල් නෝට්ටු මත වයිරසය පැය 48ක් ජිවත් වන බව අමතක කළ යුතු නැත.

වයිරසය සහිත පුද්ගලයකුගේ එක් කැස්සකින් හෝ එක් කිවිසීමකින් වාතයට එක්වන වන විෂබීජ අංශු ප්‍රමාණය 3000කි.

ඒ අනුව ආසාදිත පුද්ගලයකුගේ එක් කිවිසීමකින් පුද්ගලයන් 3000ක් ආසාදනය විය හැකිය.

එමෙන්ම මේ වයිරසය අංශු වාතයේ පැය තුනක පමණ කාලයක් රඳා සිටින බවද අමතක කළ යුතු නැත. මේ අනුව වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා නිතර දෑත් සේදීමට අමතරව, අත් ආවරණ පැළඳීමද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබේ.

Comments