HNB FINANCE ජයග්‍රාහකයන්ට තිළිණ | සිළුමිණ

HNB FINANCE ජයග්‍රාහකයන්ට තිළිණ

 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිවෙස්වල සිට සැමරූ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ට අලුත්ම අත්දැකීමක් එක් කළ HNB FINANCE ‘‘අපේ ගෙදර අවුරුදු’’ ඩිජිටල් අලූත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන සමගින් එක්ව ජයලැබූ ජයග්‍රාහකයන් ඇගයීමට සමාගම පසුගියදා පියවර ගන්නා ලදී. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හා සබැඳි විවිධ ජන ක්‍රීඩා, අවුරුදු රස පැණ තරග ඇතුළුව විවිධ වැඩසටහන් රැසක් HNB FINANCE ‘‘අපේ ගෙදර අවුරුදු’’ ඩිජිටල් අලුත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලාංකිකයන් වෙත තිළිණ කළේය.

HNB FINANCE PLC විසිවැනි සාංවත්සරික වසරේ දී සිය පාරිභෝගිකයන්ට හා සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ඩිජිටල් සේවා පද්ධති මත බලගැන්වූ කාර්යක්‍ෂම මූල්‍ය සේවාවක් ලබා දීමේ ඉලක්කය වෙත ගමන් කරන සමාගම මෙම වැඩපිළිවෙල තුළින් ද නවතම ඩිජිටල් ක්‍රීඩා අත්දැකීමක් ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට සමත් විය. ‘‘අපේ ගෙදර අවුරුදු’’ HNB FINANCE ඩිජිටල් අලූත් අවුරුදු ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් වෙත තිළිණ ප්‍රදානය කිරීම දිවයින පුරා පිහිටි HNB FINANCE හි ශාඛා ජාලයේ ශාඛා කළමනාකරුවන් අතින් ඒ ඒ ශාඛාවන්හිදි සිදු කෙරුණි.

Comments