Global Banking and Financial සම්මාන උලෙළේදී සිංගර් සම්මා­න­යට පාත්‍ර වෙයි | Page 2 | සිළුමිණ

Global Banking and Financial සම්මාන උලෙළේදී සිංගර් සම්මා­න­යට පාත්‍ර වෙයි

 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, Global Banking and Financial Awards උළෙලේදී, ශ්‍රී ලංකාවේ Retail Brand of the Year ලෙසින්, සම්මානයෙන් පිදුම් ලැබ තිබේ.

බ්‍රිතාන්‍ය පදනමක් සහිත, Global Banking and Financial Awards යනු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වඩාත් අවධානයට පාත්‍ර වන සම්මාන උළෙලක් වන අතර, සිංගර් ශ්‍රී ලංකා සමාගම එම උළෙලේදී ප්‍රථම වතාවට, Retail Brand of the Year ලෙසින් සම්මාන හිමි කර ගැනීම විශේෂත්වයකි.

බ්‍රිතාන්‍යය පාදක කර ගත්, Global Banking and Finance Review යනු, මූල්‍යමය කරුණු රාශියක් පිළිබඳ ලොව පුරා පාඨකයන් දැනුවත් කරන අන්තර්ජාල අවකාශයක් වන අතර, Fortune 500 ලැයිස්තුවට අයත් සමාගම්වල ජ්‍යෙෂ්ඨ තීරකයන්, ආයෝජකයන්, හා බැංකුකරුවන් ඇතුළු දහස් ගණනක පිරිසක් තමන් නිරත ව සිටින ක්ෂේත්‍රය පිළිබඳ කාලීන දැනුවත්භාවයක් ලබා ගැනීම සඳහා එම අවකාශය භාවිත කරති.

Global Banking and Financial Awards මුල්වරට දියත් කළ 2011 වසරේ පටන්ම, මෙම සම්මාන උළෙලෙහි සම්මාන හිමි කර ගැනීම සඳහා ලොව සුපතල සමාගම් අතර, දැඩි තරගකාරිත්වයක් පවතී.

එවැනි පසුබිමක සිංගර් ශ්‍රී ලංකා සමාගම, එම සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාවේ පළමු හා එකම Retail Brand of the Year ලෙසින් සම්මානයට පාත්‍ර වීම, සිංගර් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි.

Comments