DSI ටයර් සිය නිෂ්පාදන ධාරිතාව 60%කින් ඉහළ දමයි | සිළුමිණ

DSI ටයර් සිය නිෂ්පාදන ධාරිතාව 60%කින් ඉහළ දමයි

 DSI ටයර් සමාගම මෝටර් සයිකල් වෙළෙඳපොලේ 60%ක සහ ත්‍රි රෝද රථ වෙළෙඳපොළේ 55%ක වෙළෙඳපොළ කොටසකට උරුමකම් කියමින්, පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් වෙළෙඳපොළ ප්‍රමුඛයා වී ඇත. පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් වන මරණ සංඛ්‍යාව (2019දී මරණ 2839) ශීඝ්‍රයෙන් වැඩි වී ඇත.

එයින් වැඩි ප්‍රමාණය රාත්‍රියේදී සිදු වන මෝටර් සයිකල් අනතුරුය (2019දී මරණ 1162). මෙයට විසඳුමක් සපයමින් DSI ටයර් සමාගම නව තාක්ෂණය භාවිතයෙන් විශේෂ කට්ට රටා සහිතව විද්‍යානුකූලව නිපදවූ Gen X මෝටර් සයිකල් ටයරය හඳුන්වා දුන්නේය.

Gen X ටයරය රාත්‍රියේදී ධාවකයා පහසුවෙන් හඳුනා ගත හැකි Neon Effect සහිතව නිපදවා ඇත. එහි කාබන් සිලිකන් සංයුතිය අඩු ඝර්ෂණයක් ටයරයට ඇති කරන අතර සුපිරි ඉන්ධන ඉතිරියකටද මග පාදයි.

ලොව පුරා රටවල් 80කට අධික ප්‍රමාණයකට DSI ටයර් සාර්ථකව අපනයනය කරන අතර ඉදිරියේදී නිෂ්පාදන ධාරිතාව ඉහළ දමා අපනයන ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂිතය.

SLIM සම්මාන උළෙලේදී Turnaround Brand of the Year-2019 සම්මානයෙන් සහ අපනයන සම්මාන රැසකින් පිදුම් ලැබූ DSI ටයර් සමාගම රැකියා අවස්ථා රැසක් සපයමින් රටට විදේශ විනිමය ගෙන ඒමට සහ ඉතිරි කිරීමට සුවිශාල මෙහෙවරක නිරත වේ.

Comments