පන්නි­පි­ටිය පෞද්ග­ලික රෝහලේ කාමර මිල ගණන් අඩු වේ | සිළුමිණ

පන්නි­පි­ටිය පෞද්ග­ලික රෝහලේ කාමර මිල ගණන් අඩු වේ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් දිනාසිටින පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල රෝගීන් වැඩි ප්‍රමාණයකට එකවර ප්‍රතිකාර ලබාගත හැකි පරිදි නේවාසික ප්‍රතිකාර පහසුකම් තවදුරටත් වැඩිදියුණු කර තිබේ.

ඒ අනුව, තමන්ගේ රුචිකත්වය පරිදි, කාණ්ඩ 3 ක් යටතේ රෝහලේ කාමර පහසුකම් වෙන් කරවාගැනීමේ අවස්ථාව රෝගීන් වෙත දැන් උදාවී ඇත.

සාමාන්‍ය නේවාසික කාමරවල සිට අධිසුඛෝපභෝගී පහසුකම් සහිත කාමර දක්වා විහිදෙන මෙම කාමර පහසුකම් දිනකට රුපියල් 2500 සිට 12,500 දක්වා මුදලකට වෙන්කරවා ගත හැකි බව පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය ආනන්ද කුරුප්පු ආරච්චි පවසයි.

පන්නිපිටිය පෞද්ගලික රෝහලේ මෑතකදී විවෘත කරන ලද අධි සුඛෝපභෝගී ”LOTUS WING ” කාමර සංකීර්ණයද මෙම කාමර පහසුකම් අතරට ඇතුළත් වේ.

නේවාසික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට මෙරට රෝහලකින් හිමිවන ඉහළම පහසුකම් ලබාදෙන ”LOTUS WING ” කාමර සංකීර්ණයේ කාමරයක් දිනකට රුපියල් 8000 සිට 12,500 දක්වා වන ඉතා සහනදායි මිලකට වෙන්කරවා ගත හැකිය. රෝහලේ නේවාසික පහසුකම් පිළිබඳ සියලු විමසීම් සඳහා 0112840065 යන දුරකථන අංකය විවෘත කර තිබේ.

රෝහලේ සභාපති ආචාර්ය ආනන්ද කුරුප්පු ආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ,ගෙවන මුදලට වැඩි සේවයක් ලබාදෙන, පිරිවැය ඵලදායී රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල නේවාසික පහසුකම් නව මුහුණුවරකින් හඳුන්වාදීමට තීරණය කළේ, කොරෝනා වසංගතය හමුවේ රටේ ජනතාව මුහුණදී සිටින ආර්ථික අපහසුතා පිළිබඳවද සැලකිලිමත් වෙමින් බවය.

දිනෙන් දින ඉහළයන ඉල්ලුමට අනුව, ඉදිරි කාලයේදී මෙම සියලුම කාණ්ඩවලට අයත් කාමර සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවා සිය සේවාවන් තවත් පුළුල්කිරීමටද රෝහල සූදානමින් සිටී.

පන්නිපිටිය පෞද්ගලික රෝහල 5D අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනින් පරීක්ෂණ ඇතුළු අධි තාක්ෂණික වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර රැසක් පළමු වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් රෝහල ලෙසද ප්‍රකටව සිටියි.

පන්නිපිටිය පෞද්ගලික රෝහල රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම පිණිස පිරිනමනු ලබන ISO 18001-2007 ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සහතිකය ඇතුළු දේශීය සහ අන්තර්ජාතික ප්‍රමිති සහතික සහ සම්මාන රැසකින්ද පිදුම් ලබා ඇත.

Comments