කොමර්ෂල් බැංකුවේ කාඩ් හිමියන්ට වටිනා ත්‍යාග | Page 2 | සිළුමිණ

කොමර්ෂල් බැංකුවේ කාඩ් හිමියන්ට වටිනා ත්‍යාග

(වමේ සිට) කොම­ර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී – අලෙ­වි­ක­රණ, හස්රත් මුණ­සිංහ, ප්‍රධාන මෙහෙ­යුම් නිළ­ධාරී සනත් මන­තුංග, මෙම ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හනේ ජය­ග්‍රා­හ­ක­යන් වන වයි. එම්. ජෝර්ජ් අමිල යට­න්වල සහ එච්. බී. ආර­ච්චිගේ දර්ශන මදු­රංග සහ බැංකුවේ කාඩ් මධ්‍ය­ස්ථා­නයේ ප්‍රධානී තුසිත සුර­වීර.

මාසිකව මුද්‍රණය කළ බැංකු වාර්තා ලබාගැනීම වෙනුවට ඉලෙක්ට්‍රොනික බැංකු වාර්තා තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වූ දිනුම් ඇදීමේ දී කොමර්ෂල් බැංකුවේ වාසනාවන්ත ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් දෙදෙනකු සිංගප්පූරුවේ සංචාරය කිරීමට වැයවන මුදලකට සමාන මුදලක් ත්‍යාග වශයෙන් දිනාගෙන තිබේ.

ඉලෙක්ට්‍රොනික බැංකු වාර්තා භාවිත කිරීම මගින් බැංකුවේ කඩදාසි භාවිතය අඩුකිරීම සඳහා බැංකුව විසින් පැවැත් වූ ප්‍රවර්ධන වැඩසටහනට සහභාගි වූ කාඩ්පත් හිමියන් විශාල සංඛ්‍යාවක් අතුරින් වයි. එම්. ජෝර්ජ් අමිල යටන්වල සහ එච්. බී. ආරච්චිගේ දර්ශන මදුරංග ප්‍රධාන ත්‍යාගය දිනාගැනීමට සමත්විය.

මෙම ප්‍රවර්ධන වැඩසටහනේ දී ත්‍යාග ලෙස දෙදෙනෙකුට සිංගප්පූරුවට යාමට සහ ඒමට ගුවන් ටිකට් පත්, හෝටල්වල නවාතැන් පහසුකම්, ගුවන් තොටුපොළවල සිට ප්‍රවාහන පහසුකම් ලබාදීමට එකඟවී තිබුණු අතර කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා පනවා තිබෙන ගමන් සීමා හමුවේ ඒ වෙනුවෙන් වැයවන මුදල ත්‍යාග වශයෙන් ලබාදීමට බැංකුව තීරණය කරන ලදී. සේයාරුව- මෙම ජයග්‍රාහකයන් දෙදෙනා කොමර්ෂල් බැංකුවේ කළමනාකාරීත්වයේ නියෝජිතයන් සමඟ සිටින ආකාරයයි.

Comments