CIDයට නව අධ්‍යක්ෂවරයෙක් | Page 3 | සිළුමිණ

CIDයට නව අධ්‍යක්ෂවරයෙක්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධුරයට පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි. තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු ලබාදී තිබේ.
 
හිටපු අධ්‍යක්ෂ ඒ ආර්.පී.ජේ.ද අල්විස් මහතාව, ත්‍රස්ත මර්ධන කොට්ටාසයේ අධ්‍යක්ෂ ලෙස පත්කර යවා ඇත.
 
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත අදාළ ස්ථානමාරු කිරීම් සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව ද එම මූලස්ථානය පවසයි.
 
මීට අමතරව මානව සම්පත් කළමනාකරණ දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා මානව සම්පත් කළමනාකරණ බඳවා ගැනීම්, විනය හා ජාත්‍යන්තර සබඳතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පත් කර තිබේ. 

Comments