හාල් හිඟයට මුහුණ දෙන්න වී අලෙවි මණ්ඩලය සූදානම් | සිළුමිණ

හාල් හිඟයට මුහුණ දෙන්න වී අලෙවි මණ්ඩලය සූදානම්

හාල් හිඟයක් ඉදිරියේදී ඇතිවීම වැළැක්වීමට සහ හාල් මිල පාලනයට වී මෙට්‍රික් ටොන් 150,000 ක ආරක්ෂිත වී තොගයක් ඇති කිරීමට වී අලෙවි මණ්ඩලය සූදානම් බව මණ්ඩලයේ උප සභාපති හා ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික පර්යේෂක දුමින්ද ප්‍රියදර්ශන සිළුමිණට ප්‍රකාශ කෙළේය..

ඒ අනුව මෙවර මහ කන්නයේ වී මිලදී ගන්නා විට පොහොර සහනාධාරය ලබාදුන් සියලු ගොවි මහත්වරුන්ගෙන් වී කිලෝ 1000ක් පාලන මිල යටතේ මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි හෙතෙම වැඩි දුරටත් පැවසීය. මේ දිනවල මෙරට වෙළෙඳ පොළේ හාල් මිල වැඩිවීම හා හාල් හිඟය වැළැක්වීමට මණ්ඩලය හා දිසාපතිවරු සතුව ඇති වී මෙට්‍රික් ටොන් 50,000 ක් සහල් කර අද හෙටම වෙළෙඳ පොළට යොමු කරන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. දැනට මණ්ඩලය සතුව වී මෙට්‍රික් ටොන් 30,000ක් ඇති අතර දිසාපතිවරු සතු ගබඩාවල වී මෙට්‍රික් ටොන් 30,000 ක් ඇත.

Comments