විස්ස 20 වැනිදා ‍මැති සබයට එයි | සිළුමිණ

විස්ස 20 වැනිදා ‍මැති සබයට එයි

ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 21 සහ 22 දෙදින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට පක්ෂ නායකයෝ ඉකුත් සිකුරාදා තීරණය කළහ. 20 වන සංශෝධනයට එරෙහිව ගොනු කළ පෙත්සම්වල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මේ වන ජනාධිපතිවරයාට හා කතානායකවරයාට මේ වන විටත් ලබාදී අතර එය 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3කින් සම්මත විය යුතුය.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 145ක් වන අතර ආණ්ඩු පක්ෂයට සහාය ලබා දෙන මන්ත්‍රීවරුන් සමඟ කතානායකවරයාට හැරුණුවිට මේ වන විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැති සංඛ්‍යාව 150කි. එයට අමතරව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද පනත් කෙටුම්පත සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්දය ලබා දෙනු ඇතැයි කියති.

 

Comments