මිහිඳු පරිනිර්වාණ පූජෝත්සවය 23 වැනිදා | සිළුමිණ

මිහිඳු පරිනිර්වාණ පූජෝත්සවය 23 වැනිදා

නුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වී වසර 2280ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ‘මිහිඳු පරිනිර්වාණ ජාතික පූජෝත්සවය‘ ඔක්තෝබර් 23 වැනිදා රාජ්‍ය අනුග්‍රහයෙන් ලේක්හවුස් ආයතනයේ සහාය ඇතිව උත්කර්ෂවත් ලෙස මිහින්තලා පුදබිමේදී පැවැත්වේ. මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණුවැවේ ධම්මරතන නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශසනා පරිදි මෙම පූජෝත්සවය සංවිධානය කර ඇත. එදින සවස 4ට ගුවන් හමුදාව විසින් මිහිඳු මහා සෑයට සහ මිහින්තලා පූජා භූමියට ගුවනින් පිච්ච මල් පුෂ්පෝහාර දක්වන අතර ත්‍රිවිධ හමුදාවේ අනුග්‍රහය යටතේ හේවිසි හොරණෑ පූජා මධ්‍යයේ

මිහිඳු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සුරතින් මුල්ගල තබා ආරම්භ කෙරේ. එහිදී මහමෙවුනා අසපුවේ නිර්මාතෘ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිපාණන්ගේ අනුශාසනා පරිදි භික්ෂූන්වහන්සේ දහස් නමකගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරෙන පින්කම් මාලාව එදින රාත්‍රී 10.00 තෙක් සිදු කෙරේ.

Comments