පරිසර හානි වළකන්න ආරක්ෂක ඒකකයක් | Page 2 | සිළුමිණ

පරිසර හානි වළකන්න ආරක්ෂක ඒකකයක්

නීති විරෝධී පරිසර විනාශයන් වැටලීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. යුද හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකුගේ ප්‍රධානත්වයෙන් මෙම ඒකකය පිහිටුවීමට නියමිත බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව පරිසර විනාශයන් ක්ෂණිකව වැටලීම සඳහා එම ඒකකයට හැකිවනු ඇතැයි ඇමැතිවරයා පවසයි.

පරිසර හානි සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අලුතින් හඳුන්වා දුන් අංක අනුව වැටලීම් සඳහා කාර්යක්ෂමව කටයුතු කළ හැකි බව පෙන්වා දුන් ඇමැතිවරයා ඕනෑම පරිසර හානියක් 1991 හා 1981 අංකයවලට දැනුම් දිය හැකි බවද බවද ඇමැතිවරයා කීය.

Comments