උසස් පෙළ විභාගය නිරෝධායන ඇඳිරි නීතිය මත සාර්ථකව | සිළුමිණ

උසස් පෙළ විභාගය නිරෝධායන ඇඳිරි නීතිය මත සාර්ථකව

නිරෝධායන නීති මැද අපොස උසස් පෙළ විභාගය මෙම දිනවල දිවයිනේ විභාග මධ්‍යස්ථාන 2,648කදී පැවැත්වේ. ඉකුත් 12 වනදා ආරම්භ වූ උසස් පෙළ විභාගයට අපේක්ෂකයෝ 3,62,824ක් පෙනී සිටිති. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සිළුමිණට පැවසුවේ සියයට 100ක් අපේක්ෂකයින් විභාගය සඳහා මෙතෙක් පැමිණ ඇති බවය. නිරෝධායන ඇඳිරි නීතිය පවතින ගම්පහ පොලිස් බල ප්‍රදේශයේ රත්නාවලී බාලිකා විදුහලේ සිසුවියන් විභාගයට පෙර ආගමික වතාවත්වල නිරතවන මෙම සේයාරුව ඉකුත් සිකුරාදා ලබාගනු ලැබුවේ සිළුමිණ ඡායාරූප ශිල්පී නිශංක ද සිල්වාය. උසස් පෙළ විභාගය නොවැම්බර් 06 දක්වා නිසි අයුරින් පැවැත්වෙන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පසුගිය සිකුරාදා පවසන ලදී.

Comments