මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය ඇමරිකානු කිවිඳියක් වන ලොයිස් ග්ලුක්ට... | සිළුමිණ

මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය ඇමරිකානු කිවිඳියක් වන ලොයිස් ග්ලුක්ට...

 

“හිම කැටිති

පොළව මගෙන් එය සඟවයි

ඒත් මා නොසිතූ ලෙස අවදි වේය.

නැවතත් එය, මට දැනෙන්නේ

මා සිරුරත...පොළවේ තෙතමනයයි.

නැවතත් විය හැකි දෙයක් වේ එය,

සිහි කිරීමයි

සීතල ආලෝකයක් තුළ

අතීතය නම් වසන්තය

බිය, ඔව්...ඒ අතර ඔබ නැවත හඬයි, විනෝදය අවදානමකි

නව ලෝකයේ කෲර මාරුතය තුළ....”

ය එසේ ලියුවා ය. බොහෝ කාලයක් තිස්සේ සිය කවීත්වයත් සමඟ ඇය ජීවත් වුවා ය. කාලය ගෙවී ගියේ හිම කැටිති දියුදුරට වී යන අයුරිනි. පසුගිය දිනෙක ඇයගේ දුරකථනය නාද විය. ඇමතුම ලද සැණින් ඇය විස්මයට පත් වුවා ය. කොතෙක් දුරට විස්මපත් වීද යත් එය ඇගෙන් විමසීමට නොහැකි තරම් විය. ස්වීඩන් ඇකඩමියේ ස්ථිර ලේකම් මාත්ස් මාම් ඒ ගැන පවසමින් තමන් ලබා දුන් ඒ “පණිවිඩය ඇයට මහත් පුදුමයක් වුණා.” යැයි පවසයි. තවද “ඇය එය සාදරයෙන් පිළිගත් ආකාරය වචනයෙන් විස්තර කරන්නට බැරි තරම්.”

මෙවර සාහිත්‍යය සඳහා වු නොබෙල් සම්මානය දිනු ඇමරිකානු කිවිඳියක වන ලොයිස් ග්ලුක් (එය උච්චාරණය කෙෙරන්නේ ග්ලික් ලෙසින් යැයි වින්සන්ට් ඩොව්ඞ් නම් කලා විචාරකයා පවසයි.) 1943 අප්‍රේල් මස නිව්යෝර්ක් නගරයේ උපත ලබා මේ වන විට යේල් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරියක ලෙසින් ඇය කටයුතු කරයි. සුවිශේෂ කාව්‍ය හඬක් මතු කළ විශ්වීය සුන්දරත්වය යන හඳුනාගැනීම තුළ ඇයට නොබෙල් සම්මානය හිමි වු බව සඳහන් විය. නොබෙල් සම්මානය නිසා ලොවේ අවධානය ඇය වෙත ලැබුණත්, ඊට පෙර සිට ම ඇගේ කවිය පිළිබඳව කතා බහට ලක් වී තිබේ. ඒ අනුව ඇගේ කවීත්වය වනාහි මානුෂීය වේදනාවකින් මතුවන යථාර්ථයක් යැයි පෙන්වා දී තිබේ. තවද ඒ යථාව හා බැඳී ඇති මරණය, ළමා විය හා පවුල කේන්ද්‍රීය වු පැවැත්ම මතු කරන ආකාරය වෙසෙස් තත්වයකින් හඳුනාගෙන ඇති බව ද පැහැදිලි ය. ඒ ආකාරයේ ඒ

කවිය වෙනුවෙන් ඇය ග්‍රීක පුරාවෘත්තයන්හි චරිත ප්‍රතිනිර්මාණය කරගන්නා ආකාරය ද වෙසෙසින්ම සාකච්ඡාවට ලක් වී ඇත.

වදින්නේ නිර්මලත්වය වෙනුවෙනි.“ ඒ චරිත නිරූපණය විසින් පිලළිගත් ගැඹුරක් නැති සරල ධර්මතාවන් මතු නොව විශ්වාසයන් ද ඉරා දමන ආකාරයක් ද දැකිය හැකි බවක් ද ඔහු පෙන්වා දෙයි.

එවැනි පසුබිමක නොබෙල් සාහිත්‍යය සම්මානය ඇයට ලබා දීමට කටයුතු කොට ඇත්තේ කාලයට උචිත දැක්මක් තුළ අතිශය ප්‍රබල කාර්යභාරයක් සාහිත්‍ය ක්ෂේත්‍රයට එකතු කිරීම යන අදහස ද

මුල් කරගනිමිනි. කලා විචාරක වින්සන්ට් ඩොව්ඩ් ඇය සම්බන්ධයෙන් කළ එකතු කිරීමට අනුව සමානව ගත් කල ඕනෑම දේශයක කවීන් කීර්තිය උකහා ගන්නේ සිය ජීවිත කාලය තුළ අත්විඳින්නා වූ පොදු භාවයන් තුළිනි. නමුත් ලොයිස් ග්ලුක් තමන්ට හිමි සෑම ත්‍යාගයක්ම (ඇය මීට පෙර සම්මාය හා සාහිත්‍ය ත්‍යාග කිහිපයක්ම දිනාගෙන ඇත.) දිනාගෙන ඇත්තේ ඇමරිකානු කවිය යන අපේක්ෂාව තුළ පවතිමිනි.” පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් වරක් ඇය පැවසුවේ “පොදු ජීවිතය සම්බන්ධයෙන් මට ඇත්තේ අතිශයින් සුළු විඳීමක්.” බවයි. ඒ අනුව යමින් ඇය මතු කොට ඇත්තේ පැහැදිලිවම ඇගේ විඳීම් ඇය වටාම ප්‍රතිනිර්මාණය වෙමින් ඇති බවකි. එය පොදු බව කියන තැනින් ඉවත්ව ගිය සෙයකි. ඒ අනුව ඇය සිය මතකයන් සිය කාව්‍යයන්හි චරිත නිරූපණ බවට පත් කරගත් අවස්ථා බහුල ය. උදාහරණයක් හැටියට පහත කවිය විමසනු වටී.

“වත්තේ ඇති ඇපල් ගස....

එය එසේ ඇත්තේ

සතළිස් වසක කලක සිට ය.”

ඒ කවියේ අවසාන පෙළ හොඳින් කියවා බලන්න. එහි ඇත්තේ තමන්ගේම මතකය පිළිබඳව ඇය විසින් රඳවාගෙන සිටින්නා වු නොසැලෙන විශ්වාසයයි. එනිසාම ඇගේ මතකය ඇයගේම කවිය තුළ චරිත නිරූපණයක් බවට පත්වේ..

“අප ලොව දකිනා එක විදිහක් වේ.

ඒ ළමා විය ම වන්නේ ය.”

ඇයගේ කවි කියවීමේ අත්දැකීමෙන් පලවන වීමංසනයන්හී කියවෙන අන්දමට ඇය වනාහි කලාතුරකින් හමු වන ආකාරයේ දොම්නස් සහගත කිවිඳියකි. මෙවර සහිත්‍යයට හිමිවන නොබෙල් සම්මානය ඇය ලබන්නේ 2010 වර්ෂයේ සිට බලන කල එම සම්මානය ලද සිව්වන කාන්තාව හැටියට ය. නොබෙල් සම්මානය උපන් 1901 වර්ෂයේ සිට ගත් කල ඇයට හිමි වන්නේ දහසය වැනි කාන්තාවගේ සාහිත්‍යතැනයි. අවසාන වතාවට ඇමරිකාව නොබෙල් සාහිත්‍ය සම්මානය ලැබුවේ 2016 වසරේ දීය. ජනප්‍රිය ගායකයෙකු වු බොබ් ඩිලන් සිය නිර්මාණාත්මක ජන ගී පදනම් කරගත් ගීත රචනා වෙනුවෙන් එසේ ඒ සම්මානය ලැබුවේය.

මෙවර 2020 දී ඇමරිකාව නොබෙල් සාහිත්‍යය සම්මානය ලබන්නේ බොබ් ඩිලන් හා සමානව ගත් කල කාව්‍ය ක්ෂේත්‍රය තුළ වෙනස්ම භාව හා අරුත් මතු කරන කවියක වෙනුවෙනි.

Comments