ඩිලන්ත ගිනස් වාර්තාවකට ළං වෙයි | සිළුමිණ

ඩිලන්ත ගිනස් වාර්තාවකට ළං වෙයි

සැප්තැම්බර් 5 සිට නොවැම්බර් 15 දක්වා ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය සහ ස්පාඤ්ඤය පුරා පැවැත්වෙන ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ යුරෝපා ශූරතාවලියේ 2020 දී ලෝක ප්‍රකට ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ස්පාඤ්ඤයේ බාර්සිලෝනාහි කැටලෝනියා ධාවන පථයේ පැවැති පළමු අදියරේ තෙවැනි ස්ථානය සහ දෙවැනි අදියරේ දෙවැනි ස්ථානය දිනා ගැනිමට සමත්විය.සමස්ත ආසියාවම නියෝජනය කරන එකම ක්‍රීඩකයාද ඩිලන්ත මාලගමුවයි.වසරක පමණ කාලයකට පසු ඩිලන්ත එක්වු මුල්ම අන්තර් ජාතික තරගය ද මෙය වු අතර එහිදි ඉතාලි ජාතික මැසිමෝ මන්ටෝවානි සමඟ හවුලේ තරග කළේය.

පසුගිය වසර 36 පුරා ලෝකයේ බොහෝ රටවල ශ්‍රී ලංකා ධජය සහ එහි අභිමානය ඉහළින්ම ඔසවා තබා ඇති ඩිලන්ත විවිධ සම්මාන ඒ සඳහා හිමිකර ගෙන තිබේ. ඩිලන්ත සිය උපරිමයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම අගය කළ යුතුය. අන්තර් ජාතික මෝටර් රථ ධාවන ක්‍ෂේත්‍රයේ ජාතියක් ලෙස එහි දෘශ්‍යතාව ඉහළ නැංවීමේ ශක්තිය. ඩිලන්ත සතුය.

මෙම වසරේ ශූරතාවලියේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා පශ්චාත් COVID19 වසංගතය පරාජය කිරීමේ ජාතික ප්‍රයත්නයන්ට සහාය වෙමින් යුරෝපීය ව්‍යාපාර සඳහා ජාතික වෙළඳ නාම ඒකාබද්ධ කිරීමයි. ක්‍රීඩාවට ජාතික සන්නාමයන් ඒකාබද්ධ කිරීමේ වැදගත්කම හදුනාගත් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සමස්ත ශූරතාව සඳහාම ඩිලන්ත සමඟ හවුල් වී ඇති අතර එය ඔහුගේ වෘත්තීය ක්‍රීඩා ජීවිතයේ දශක 3 කට අධික කාලය තුළ රාජ්‍ය අනුග්‍රහාය හිමි වු ප්‍රථම වතාව මෙය විය.

‍ඩිලන්ත මාලගමුව ආසියාවේ, යුරෝපයේ ශූරයා ලෙස කිරුළු පළඳී. ඔහු අවුරුදු 42 ක මෝටර් රථ ධාවන තරගයේ දීර්ඝ කාලීන වෘත්තීය ජීවිතය වෙනුවෙන් ‘ලොව වැඩිම කාලයක් ක්‍රියාකාරී ක්‍රීඩකයා’ ලෙස ගිනස් වාර්තාවකට ළගා විමටද සූදානම් ය.

ලෝක ප්‍රකට ක්‍රීඩකයෙකු වීමට අමතරව ශ්‍රී ලංකාව ජාතියක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිලන්ත මාලගමුව ප්‍රබල උපදේශකයෙකු බව මම හඳුනාගෙන ඇත්තෙමි. කෘතඥතා පූර්වක ජාතියක් ලෙස ඔහුගේ දක්ෂතාවයෙන් යුත් පුද්ගලයන්ට සහයෝගය දැක්වීම සහ ඔවුන්ට ප්‍රමාණවත් වටිනාකමක් ලබා දීම අපගේ වගකීමයි. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. මම සැමවිටම පවසන පරිදි, ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් මට ලැබී ඇති ආදරය හා ප්‍රශංසාව ගැන මම නිහතමානී වෙමි. මක්නිසාද යත්, මගේ ක්‍රීඩාවට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ගැන මම නිතරම ආඩම්බර වන බැවිනි.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය පැමිණීමත් සමඟ මෙම වසර සුවිශේෂී වන අතර, දශක ගණනාවක් තිස්සේ සංචාරක කර්මාන්තය හා ක්‍රීඩාව අතර පවතින පරතරය හඳුනාගෙන, ඒවා වළක්වා ගැනීම සඳහා කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග වගේම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන් විශේෂයෙන් සඳහන් කළ යුතුයැයි ඩිලන්ත පැවසීය.

Comments