ඉදිරි දින කිහිපයේ දී වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක් | සිළුමිණ

ඉදිරි දින කිහිපයේ දී වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක්

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තු වාර්තා සඳහන් කරයි
 
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇති වේ.
 
දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී (50-60) පමණ තද සුළං ඇතිවිය හැක.

Comments