අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි | සිළුමිණ

අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන වේදිකා නාට්‍ය ශිල්පිනි අනුලා බුලත්සිංහල මහත්මිය කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එතුමිය 73 වන වියේ පසුවූවාය.
 
රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, කු‍වේණි, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් ඇතුලු වේදිකා නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වූ අනුලා බුලත්සිංහල මහත්මිය සිනමා පට කිහිපයකටම සිය දායකත්වය දක්වා තිබේ.
 
දී කිරි දී කිරි, නෙයිනගේ සූදුව, රඟහල දැන් ඇත අඬ ඇඳුරේ, පන්සල පාමුල, බුදුන් වඳින මේ දෑතින්, සුදු ඔසරිය ඇඳලා වැනි ගීත හරහා ඇය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත්තාය.

Comments