මට තවම එයට අයි­ති­වා­සි­කම් නෑ | Page 2 | සිළුමිණ

මට තවම එයට අයි­ති­වා­සි­කම් නෑ

කලාවේ ඇගේ ගමන ඇර­ඹෙන්නේ සින­මා­වෙන් වූවත් ඇය ප්‍රේක්ෂක හද­වත් ස්පර්ෂ කිරී­මට සමත් වන්නේ පුංචි තිරයේ විකා­ශය වූ ‘බොඳ මිදුම්‘ ටෙලි නාට්‍යයේ  අහිං­ස­කාවී ලෙසිනි. එතැන් පටන් රංගන ශිල්පි­නි­යක් ලෙස සින­මාවේ සහ පුංචි තිරයේ එකසේ ප්‍රේක්ෂක ආද­රය දිනා ගන්නට තරම් ඇය සමත් වෙයි. කලින් කලට විරා­ම­යක් ලබ­මින් සිය රංග කාර්ය­යයේ නිරත වුණත් ඇයව කිසි විටෙ­කත් ප්‍රේක්ෂ­ක­යාට අම­තක නොවන චරි­ත­යක් බව ඇගේ කතා­බ­හෙන් අපි නිග­ම­නය කළේ. ඒ, උදාරි වර්ණ­කු­ල­සූ­රිය නම් වූ ඒ ජන­ප්‍රිය රංගන ශිල්පි­නිය පසු­ගිය දව­සක රස­ඳුන හා පිළි­ස­ඳ­රට එක්වූ­විටකය.

  සිංග­ප්පූ­රුවේ දිගු නිවා­ඩු­වක් ගත කර උදා­රිට හදි­සි­යේම ලංකා­වට එන්න හිතුණේ ඇයි?

  චිත්‍ර­ප­ටවල භාර­ගත්තු වැඩ කොට­සක් තියෙ­නවා. ඒ රූ ගත කිරී­ම්ව­ලට තමා ලංකා­වට ආවේ.

  මේ වගේ කාලෙක සැරෙන් සැරේ එහේ මෙහේ යන්න එන්න බය හිතුණේ නැද්ද?

 අවු­රුදු 13ක ඉඳලා මගේ පදිං­චිය සිංග­ප්පූ­රුවේ. රංගන කට­යු­තු­ව­ල­ටයි දුවගේ පාසල් නිවා­ඩු­ව­ටයි මම මෙහෙ එනවා. ඉතින් ඇගේ නිවාඩු අව­සන් වෙද්දි මට ආයිත් ඇයව ඇර­ල­වන්න එහේ යන්න සිද්ධ වුණා. කොවිඩ් තත්ත්ව­යත් එක්ක මට එයා­ලත් එක්ක පහු ගිය කාලේ ගත කරන්න ලැබුණා. ලංකා­වට ඇවිත් දැන් සති තුනක් විතර වෙනවා. තව මාස හයක් වගේ යන­කල් මට සිංග­ප්පූ­රු­වට යන්න බැරි වෙයි. නමුත් දුවට නිවාඩු ලැබුණු ගමන් තාත්තයි දුවයි ඒවි මාව බලන්න.

  හෝට­ල­යක සඳලු තල­යට වෙලා නිරෝ­ධා­ය­නය වුණා කියලා ආරංචි?

 ඔව්. දවස් 14 ක් මං මෙහේ ඇවිත් ඒ සඳහා වෙන් කර තිබුණු හෝට­ල­යක නිරෝ­ධා­ය­නය වුණා. ඉතින් මගේ කාමරේ තිබුණු බැල්කනි එකට යන්න අව­සර තියෙන නිසා වැඩි­පුර එතන තමයි කාලේ ගත වුණේ. 

  දැන් ගෙද­රට වෙලා මොකද කරන්නේ?

 රූ ගත කිරීම් ඇර­ඹෙන්න තව මාස දෙකක් විතර යයි. ඒ වැඩ­ව­ලට ලැස්ති වෙන්න මගේ නිරෝ­ධා­යන කාල­යත් ලොකු රුකු­ලක් වෙලා තියෙනවා.

  කොරෝනා නිසා උදාරී ආසා­වෙන් මග බලන් හිටපු නිර්මාණ දෙක­ක­ටත් බාල­ගිරි දෝෙස් ලැබු­වලු නේද ?

ඔව්. මම දැනට චිත්‍ර­පට පහක රංග­න­යෙන් දායක වෙලා තිය­නවා. එයින් ජයන්ත චන්ද්‍ර­සිරි මහ­ත්ම­යාගෙ ‘මිදුනු විශ්වය‘,ජැක්සන් ඇන්තනි මහ­ත්ම­යාගෙ ‘එක­ගෙයි සොකරි‘ යන චිත්‍ර­පට මේ වසරේ මුල්භා­ග­යේදී තිර­ගත වෙන්නයි තිබුණේ. නමුත් මේ තත්ත්වය නිසා ඒ සියල්ල කල් දමන්න වෙලා. ජන­වාරි මාසේ වෙද්දි ඒ චිත්‍ර­පට තිර­ගත වේවි කියලා බලා­පො­රො­ත්තු­වෙන් ඉන්නේ.

  උදාරි දැන් සංකිර්ණ චරි­ත­ව­ලට පම­ණක් යොමු වුණු බවක් පේනවා?

 මෑත­කාලේ ආරා­ධනා ලැබු­ණේම එවැනි චරි­ත­ව­ලට. බොහෝ විට ඓති­හා­සික චරිත නැති­නම් ගැමි චරිත.

  ඔබ රංග­නය වෙනු­වෙන් ඕනෑම කැප කිරී­ම­කට සූදා­නම් රංගන ශිල්පි­නි­යක්ද?

 රංග­නය කියන්නෙ මගේ ජීවි­තය නෙමෙයි. මගෙ පවුල සහ දරුවා වෙනු­වෙන් තමා මගෙ පළ­වෙනි තැන. රංග­නය මගේ වෘත්තිය පම­ණයි. නමුත් මට ලැබෙන නිර්මාණ තෝරා ගන්නේම ඒවාට සාධා­ර­ණ­යක් කරන්න පුළු­වන්ද බල­ලයි.

  රංග­න­යෙන් කාර්ය­බ­හුල වීම නිසා ඔබට  පවුල මග­හැ­රෙ­නවා ඇති ?

  මගේ සැමියා වෘත්තී­යෙන් වෛද්‍ය­ව­ර­යක්. අපි දෙදෙ­නාට අපේ වෘත්තීන් ගැන හරි අව­බෝ­ධ­යක් නැති වුණත්. ඔහු­ගෙන් මට කිසිම බල­පෑ­මක් නැහැ. මට ගැට­ලු­වක් තිබු­ණොත් අපි සාකච්ඡා කර­නවා. දුව ශෙනෙර්යා උමෙ­යිලි. තවම වයස අවු­රුදු අටයි. එයත් සිංග­ප්පූ­රුවේ තමා අධ්‍යා­ප­නය ලබන්නෙ. ඉතින් නිවාඩු ලැබු­නම අපි එකතු වෙනවා. මම මෙහෙ නම් එයාලා ලංකා­වට එනවා. නැති­නම් බාර ගත්තු වැඩ ඉවර කරපු ගමන් මම එහේ යනවා. 

  ඔබ රිදි තිරයේ සහ පුංචි තිරයේ එකසේ දකින රංගන ශිල්පි­නි­යක් ?

මම ආවේ සින­මා­වෙන්. නමුත් ප්‍රේක්ෂ­කයා මාව වැලඳ ගන්නේ පුංචි තිර­යෙන්. ඒ 'බොඳ මිදුම්' ටෙලි නාට්‍ය­යෙන්. මෙතෙක් මගේ ගමන ගැන මම හරිම තෘප්ති­මත් සින­මාවේ සහ පුංචි තිරයේ දෙකේම එකසේ රැඳෙන්න ලැබීම පෙර පිනක්... භාග්‍යක්. ඒ නිසා මට පුංචි තිරය සහ රිදි තිරය කියලා වර්ගී­ක­ර­ණ­යක් නැහැ. මම ඒ දෙක­ටම එක වගේ ආද­රෙයි.

  උදාරි පස් වතා­වක් ජන­ප්‍රි­ය­තම සම්මා­නය දිනා ගන්නවා. ඔබේ හීනය එතැ­නද?

හොඳම නිළි­යට හිමි සම්මා­නය හීන­යක් තමයි...වෘත්තී­මය වශ­යෙන් එවැනි සම්මා­න­යක් ලැබී­මම දෙයක්. නමුත් මට තවම එකට අයි­ති­වා­සි­කම් නෑ. ඒ වෙනු­වෙන් මම මහන්සි වෙනවා.

  ඔබේ ජීවි­තයේ හැර­වුම් ලක්ෂ්‍යය ඔබේ තාත්තා ?

තාත්තා ග්‍රේෂන් ප්‍රනාන්දු. මං පොඩි­කා­ලෙ­දිත් “මගේ දුව කවදා හරි රූප සුන්ද­රි­යක් කර­නවා“ කියලා ඔහු විහි­ළු­ව­ටත් කිය­න­වලූ. තාත්තා තමයි මේ හැම­දේ­ටම මාව යොමු කළේ. අම්ම­ටයි මටයි හොරෙන් ඇප්ලි­කේ­ෂන් දාලා එදා තාත්තා මාව එක්ක­ගෙන ආපු ගමන තමා මම දැන් මෙච්චර දුරක් ඇවිත් තියෙන්නේ. මවු­පි­යන්ගේ සහ මගේ සැමි­යගේ ආශි­ර්වා­ද­යයි අපේ දුවගෙ වාස­නා­වයි තමා මේ හැම දේම.

  උදාරී රටින් බැහැ­රව සිටි­යත් අධ්‍ය­ක්ෂ­­ව­රුන්ට, ප්‍රේක්ෂ­ක­යන්ට අම­තක නොවන රහස මොකක්ද?

මං කලින් කිව්වා වගේ ආශි­ර්වා­දය සහ වාස­නාව. නම් වශ­යෙන් නොකි­ව්වත් මම ගොඩක් ස්තූති වන්ත වෙනවා හොඳ නිර්මාණ වලින් මාව එළි­යට දාන්න මහන්සි වූ අධ්‍ය­ක්ෂ­ව­රුන්ට , මං වෙනු­වෙන් අකු­රක් හරි ලියන, ලියපූ මාධ්‍ය­වේ­දීන්ට, අනෙ­කුත් සියලු මාධ්‍ය ආය­ත­න­ව­ලට වගේම මාව කිසි­වි­ටෙ­කත් අම­තක නොකළ මගේ ප්‍රේක්ෂ­ක­යන්ට.

Comments