කලා­වට අත­ර­මැ­දි­යන් එපා | සිළුමිණ

කලා­වට අත­ර­මැ­දි­යන් එපා

ජගත් චමිල රංග­නයට පිවි­සෙන්නේ පාසල් වියේදි. අන­තු­රුව වේදි­කාව පුංචි තිරය හා සින­මාවේ අපූර්ව ප්‍රති­භා­වක් පෙන්වන ඔහු වේදි­කාව අත් නොහල වේදි­කාව මත ජීවිත අභ්‍යා­සය ප්‍රගුණ කරන විශි­ෂ්ට­යෙක්. අද අප අභි­මු­ඛව සිටින්නේ ඒ් අපූර්ව රංග­ධ­ර­යායි. 

 වත්මන් කලා ජීවි­ත­යෙන්ම සාක­ච්ඡාව ආරම්භ කරමු ? 

නිර්මාණ කට­යුතු කීප­යක්ම අලු­තින් ආරම්භ කළා. නමුත් අනා­ග­තය පිළි­බඳ අවි­නි­ශ්චිත තත්ත්ව­ය­කයි අද අපි ඉන්නේ. රූප­වා­හිනි මාධ්‍ය ගත්තොත් ලක්ෂ්මන් පුෂ්ප­කු­මා­රගේ නිර්මා­ණ­යකට රංග­න­යෙන් දායක වුණා. ඒව­ගේම සුමිත් රත්නා­යක ගේ දෙවන ටෙලි නාට්‍ය නිර්මාණ වන "මහ­පො­ළොව" ටෙලි නාට්‍යයේ කෙටි චරි­ත­යක් මං සතු­ටින් බාර ගත්තා.  සුමිත් රංගන ක්ෂේත්‍රයේ කට­යුතු කරන හොඳ මිත්‍ර­යෙක්. එහි රූප­ගත කිරීම් ඉතා­මත් ලස්ස­නට සිදු­වෙ­නවා. එය සතු­ටක්. රවින්ද්‍ර විජේ­රත්න අධ්‍ය­ක්ෂ­ණය කරන "අපි අපේ"  දීර්ඝ ටෙලි නාට්‍ය­යේත් නිවන්ත ප්‍රසාර අධ්‍ය­ක්ෂ­ණය කරන "සිහින ගෙනෙන කුමා­රියේ" නාට්‍ය­යේත් රංග­න­යෙන් එකතු වුණා. ඒ නාට්‍ය මේ දින­වල විකා­ශ­නය වෙනවා.

ඔය අතරේ වේදිකා නාට්‍ය පැත්තෙන් අලුත් වැඩක් ආරම්භ කළා. ඒ අසංක සාය­ක්කාර අධ්‍ය­ක්ෂ­ණය කරන "කොටු" අලුත්ම වේදිකා නාට්‍යයේ. පෙර පුහු­ණු­වීම් අව­ධියේ දැන් අපි ඉන්නේ. එය ජන­වාරි මස වේදි­කා­වට ගෙන එන්න බලා­පො­රො­ත්තු­ව­කින් ඉන්නවා.

 වේදිකා නාට්‍ය කලාව පිළි­බඳ අපේ රටේ  පහු­ගිය දින­වල තිබූ ප්‍රබෝ­ධ­ය ඔබ දුටුවේ කොහොම ද?

ඔව්. මිනි­සුන්ගේ රස­වි­න්ද­න­යට මැදි­හ­ත්වී­මක් කළ ටව­ර්හෝල් රඟ­හල පද­නම මූලි­ක­ත්ව­යෙන් ගොඩ­නැ­ඟුණු "ප්‍රේක්ෂා රංග කලා මහෝ­ත්ස­වය" සුවි­ශේෂී අව­ස්ථා­වක්. විශේ­ෂ­යෙන්ම නීතිඥ ඩග්ලස් සිරි­ව­ර්ධන මහතා අපට අම­තක කරන්න බැහැ. ඔහුගේ මූලි­ක­ත්ව­යෙන් තමයි මෙම නාට්‍ය උත්ස­වය පැවැ­ත්වුණේ.

මා රංග­න­යෙන් දායක වුණු නාට්‍ය හත­රක් එහිදී වේදිකා ගත වුණා. එක් නාට්‍ය­යක් නැවත වේදි­කා­වට ගෙනාවේ වසර හත­කට පසුවයි. මේ නාට්‍යය  නැවත වේදිකා ගත වීමත් සමඟ තවත් දර්ශන වාර කිහි­ප­යක්ම ඉදි­රියේ රංග­ගත වීමට නිය­මි­තයි. එයත් සාධ­නීය තත්ත්ව­යක්. 

 වේදිකා නාට්‍ය මාධ්‍ය ඔබේ ජීවි­තයේ එක්තරා කොට­සක්. ඒ කැප­වීම ගැනත් අපි කතා කළ යුතුයි.

 අද වේදි­කාවේ අත්දැ­කීම් ගැන සම­හර අයෙක් කතා කරන්නේ එක්තරා ලයි­සන් එකක් විදි­හට. රංග­නය පිළි­බඳ පව­තින ශක්‍ය­තාව හඳු­න­ගන්න වේදි­කාව එක්තරා මිණුම් දඬු­වක්. ඒ තර­ම­ටම  ජීව ගුණ­යක් ඇති සජීවී අර්ථ­ස­ම්පන්න මාධ්‍ය­යක් විදි­හට වෙිදිකා නාට්‍යය එළියේ සමා­ජ­යත් බාර­ග­න්නවා. හොඳ නාට්‍ය­යක අප යෙදෙන අභ්‍යා­සය එක් ආකා­ර­ය­කින් බැලු­වොත් සර­ස­වි­යක උපා­ධි­යක් සම්පූර්ණ කර­නවා වගේ වැඩක්. ප්‍රවී­ණ­යන් මෙත­නදී අම­තක කරන්න බැහැ නේද...

ඇත්ත­ටම වේදි­කා­වක් එක්ක ගනු­දෙ­නු­වක් යනවා කියන එක ලේසි කට­යු­ත්තක් නෙවෙයි. ඔවුන් වේදි­කාවේ ජීව­ගු­ණය අපට පෙන්නල දීපු නිසයි මේ ගමන ඉදි­රි­යට යන්නේ.

නමුත් අපේ පර­ම්ප­රාව අතින් ඉටු­විය යුතු යුතු­කම් පිළි­බඳ කති­කා­වක් ඇති­විය යුතුයි. වේදි­කාවේ නිර­න්ත­ර­යෙන්ම කට­යුතු කළත් ඒ ප්‍රශ්නය මම මගෙන්ම අහ­නවා. අපේ පර­ම්ප­රාව ඒ පිළි­බඳ සවි­ඤ්ඤා­ණික වුණොත් මේ මාධ්‍ය අනා­ග­ත­යට බාර දෙන්න අපි බිය විය යුතු නැහැ. එත­නදි වේදි­කාවේ කට­යුතු කරන අපි අවංක විය යුතුයි. පිරි­සුදු විය යුතුයි.

 වේදි­කාව සාමූ­හික කලා මාධ්‍ය­යක්. ඒ තුළ විශ්වා­ස­යක් ගොඩ­නැ­ගෙන්න ඕන නේද?  

ඔව්...එසේ ගොඩ­නැ­ගිය යුතුයි. නමුත් යම් අව­ස්ථා­ව­ලදි පෞද්ග­ලික න්‍යාය පත්‍රවල වැඩ කිරීම නිසා ඒ විශ්වා­සය බිඳ­වැ­ටිලා තිය­නවා. සමූහ ව්‍යාපාර විදි­හට නාට්‍ය මාධ්‍ය ඉදි­රි­යට යන්නේ නැහැ. මං ජීවිතේ බොහෝ අත්දැ­කීම් ලබපු කෙනෙක්. සමූ­හ­ගත වෙන බොහෝ කාර­ණා­ව­ලදී අපේ රටේ පොදු අර­මුණු අම­තක කරලා දානවා. ඒ නිසා මනු­ෂ්‍ය­ත්වය කියන අර­මුණ හද­වතේ තියා­ගෙන පෞද්ග­ලික අර­ග­ල­යක යෙදෙන්නයි අද අපිට වෙලා තියෙන්නේ.

 අධ්‍ය­ක්ෂ­­ව­ර­යාගේ භූමි­කා­වට එන්න අනා­ග­තයේ අද­හ­සක් තිබෙ­න­වද?

මම කලාව ඇතුළේ වැඩ කට­යුතු කර­ගෙන එන­කොට මතු උප­දින නිර්මාණ තිබෙ­නවා. නමුත් නිෂ්පා­ද­න­යක් විදි­හට ගොනු කිරීම මේ වට­පි­ටාව තුළ අභි­යෝ­ගා­ත්ම­කයි. අඩු තරමේ නිර්මා­ණ­යක් අගය කරන්න තරම් සුදුසු, විනි­ශ්චය ලබා­දෙන්න සුදු­සු­කම් තියෙන පිරි­සක් ඇග­යීම් මණ්ඩල සඳ­හා­වත් යොදා ගන්නවා දකින්න නෑ. මං ස්වාධීන කලා­ක­රු­වෙක්. අපිට කෙලින් හිට­ගන්න පුලු­වන් තත්ත්ව­යක නිර්මා­ණය ස්ථාන­ගත කරන සමා­ජ­යක් අපිට තියෙ­න­වද...

මගේ ගැබ තුළ නිර්මාණ කළල තිබෙ­නවා. මම ටෙලි නාට්‍ය­යක් නිෂ්පා­ද­නය කරන්න කැම­තියි. නමුත් ටෙලි නාට්‍යය විකා­ශ­නය කර ගන්න අමුතු ගනු­දෙ­නු­ව­ලට යන්න මට බැහැ. හොඳ නිර්මා­ණ­ක­රුවෝ අද වෙද්දි මේ මාධ්‍ය අත­හැර ගිහින්. අත­ර­මැ­දි­යෙක් ඒ මැදට ඇවිත්. කලා­වට අත­ර­මැ­දි­යෙක් අවශ්‍ය නැහැ. වග­කි­ව­යුතු යාන්ත්‍ර­ණ­යක් අපට අව­ශ්‍යයි. ප්‍රේක්ෂ­ක­යාට යහ­පත් නිර්මාණ ගෙන එන්න අපේ රටේ කලා­ක­රු­වන් ජීවිත පරි­ත්‍යාග කරන්න ඕනද කියන ප්‍රශ්නයයි මම අහන්නේ.

Comments