හිනි­ඳුම හඬවා අයෝමා සමු ගනියි | සිළුමිණ

හිනි­ඳුම හඬවා අයෝමා සමු ගනියි

ඝාත­න­යට ලක්වූ අයෝමා විවාහ වූ දා
ඝාත­න­යට ලක්වූ අයෝමා විවාහ වූ දා

දිනය ඉකුත් අඟ­හ­රු­වාදා ය. වේලාව පස්වරු 1.00ට පමණ පාසල් ගොස් සිටි තම දිය­ණි­යන් දෙදෙනා සමඟ ප්‍රියන්ත කුමාර ත්‍රිරෝද රථ­යෙන් තව­ලම තල­න්ගල්ලේ පිහිටි තම නිව­සට පැමි­ණි­යේය. නිවසේ ඉදි­රි­පස දොර වසා තිබුණි. ප්‍රිය­න්තගේ බිරිය අයෝමා වෙනදා මෙන් දිය­ණි­යන් පිළි­ග­න්නට පෙර­ම­ඟට ආවේ නැත. “තාත්තේ අම්මා කෝ ” දිය­ණි­යන් දෙදෙනා අස­න්නට වුහ. ප්‍රියන්ත දොර විවර කළේ කුහු­ලෙනි. ඔහුත් දිය­ණි­යන් දෙදෙ­නාත් නිවසේ ඒ මේ අත ඇවි­ද­මින් අයෝමා සොය­න්නට වූහ. අව­සන ඔවුන්ට අයෝමා හමු විය. ඇය නාන කාම­රයේ වැටී සිටියා ය.

ප්‍රියන්ත ඇය රෝහ­ලට ගෙන යෑමේ අර­මු­ණින් වහාම 1990 හදිසි ගිලන් රථ සේවය ඇම­තු­වේය. හදිසි ගිලන් රථ­යක් සමඟ ප්‍රිය­න්තගේ නිව­සට පැමිණි කාර්ය මණ්ඩ­ලය නාන කාම­රයේ වැටී සිටි අයෝමා පරීක්ෂා කළහ. “ඇය මිය ගිහින්” ඔවුන් එසේ කියද්දී සිය බිරි­යට අත්ව ඇති ඉර­ණම අද­හා­ගත නොහැ­කිව ප්‍රියන්ත විලාප තබ­න්නට විය. ඒ සමඟ අස­ල්වැ­සි­යන් මෙන්ම ඥාති හිත­ව­තුන්ද ප්‍රිය­න්තගේ නිව­සට එක්රොක් වුහ. වහාම අයෝමා හිනි­දුම රෝහල වෙත රැගෙන යනු ලැබූ අතර ඇය මිය ගොස් ඇති බව රෝහල විසින් සනාථ කළේය.

පශ්චාත් මරණ පරි­ක්ෂණ කට­යුතු සඳහා අයෝ­මාගේ දේහය කරා­පි­ටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන එනු ලැබිණි. අයෝ­මාගේ මර­ණය සැක සහිත බව පවුලේ ඥාතීහු හිනි­දුම පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක එම්.ටී. පත්ම කුමාර වෙත පැමි­ණිලි කළහ.

“මම එදා උදේ ඉඳලා දහ­වල් වන තුරු අයෝමා එක්ක තේ වත්තේ දළු කැඩුවා. පසුව මම දුවලා දෙන්නව ගේන්න ත්‍රිරෝද රථ­යෙන් නිව­සින් පිටත් වෙලා ගියා. චුටි දුව පෙර පාස­ලෙන් අර­ගෙන ලොකු දෝණිගේ පාසල ඇරෙ­න­තෙක් ජස්මින් වැලි ප්‍රදේ­ශයේ තියෙන මගේ නිව­සට වෙලා හිටියා. අපි ගෙදර ආවට පසේ තමයි අයෝමා නාන කාම­රයේ වැටිලා ඉන්නවා දැක්කෙ”

ප්‍රියන්ත පොලි­සි­යට එසේ කීවද ඔහු කී සියල්ල පොලිස් නිල­ධා­රින් විසින් පිළි­ගත්තේ නැත. අයෝ­මාගේ සිරුරේ තුවාල කිහි­ප­යක්ද විය. අයෝ­මාගේ මර­ණය සම්බ­න්ධ­යෙන් මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණ­යක් පැවැත් වීමට පොලි­සිය කට­යුතු අතර උඩු­ගම ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සංජීව විජේ­සිංහ විසින් මුලික මහේ­ස්ත්‍රාත් පරි­ක්ෂ­ණය සිදු­ක­රනු ලැබිණ.කරා­පි­ටිය ශික්ෂණ රෝහලේ සහ­කාර අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි සමාධි දන්දෙ­ණිය විසින් සිදු කළ පශ්චාත් මරණ පරි­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වූයේ අයෝ­මාගේ මර­ණය සිදුව ඇත්තේ ගෙල සිර­කි­රී­මෙන් බවය. ඒ අනුව හිනි­දුම පොලිස් ස්ථානා­ධි­පති එම්.ටී. පත්ම­කු­මා­රගේ උප­දෙස් මත මෙකි ඝාත­නයේ සුල­මුල අනා­ව­ර­ණය කර­ගැ­නීමේ වග­කීම අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක දුන­විල බණ්ඩාර වෙත පැව­රිණි.

ප්‍රධාන පොලිස් පරි­ක්ෂක දුනු­විල බණ්ඩාර විසින් ප්‍රිය­න්ත­ගෙන් ප්‍රශ්න කළේය. අයෝමා දුෂ­ණය කොට ඇය ඝාත­නය කර­න්නට ඇත්තේ පිට­ස්තර පුද්ග­ල­යකු බවට එත්තු ගැන්වී­මට ප්‍රියන්ත දැඩි උත්සා­හ­යක නිර­තව සිටි­යේය. එහෙත් ප්‍රධාන පොලිස් පරි­ක්ෂක දුණි­වල බණ්ඩාර මහ­තාගේ උප­ක්‍රම හා උපා­ය­ශී­ලී­ත්වය හමුවේ ප්‍රිය­න්තගේ උත්සා­හය සාර්ථක නොවීය. අව­සා­නයේ ඔහු සිදුවු දේ පොලි­සිය ඉදි­රියේ පාපො­ච්චා­ර­ණය කළේය. ඒ අනුව එම අප­රා­ධයේ සුල­මුල අනා­ව­ර­ණය වූයේ මේ අයු­රිනි.

අයෝමා අව­සන ගමන් ගිය නාන කාම­රය

තව­ලම තල­න්ගල්ල ප්‍රදේ­ශයේ පදිංචි මුතු­හේ­ටි­ට­ග­මගේ ප්‍රියන්ත කුමාර හත­ලි­ස්පස් හැවි­රිදි වියේ පසු­විය. හේ දක්ෂ චිත්‍ර ශිල්පි­යෙකි. පසු­ගිය කාලයේ තව­ලම ප්‍රදේ­ශයේ අඳිනු ලැබු චිත්‍ර­ව­ලින් වැඩි ප්‍රමා­ණ­යක් අඳිනු ලැබුවේ ප්‍රියන්ත කුමාර විසිනි. කලා අංශ­යෙන් උස­ස්පෙළ සමත් වූ ප්‍රියන්ත තේ කම්හ­ලක සහ­කාර කළ­ම­ණා­ක­රු­වකු ලෙස කලක් සේවය කළේය. පසුව නාවික හමු­දා­වට එක්වී වසර 5ක් නාවික හමු­දාවේ සේවය කළ ඔහු පසුව විදේ­ශ­ගත විය. සවුදි අරා­බිය, කටාර් ඩුබායි යන රට­වල වසර 9ක පමණ කාල­යක් විවිධ රැකි­යා­වන් කළ ප්‍රියන්ත වරින් වර මෙර­ටට පැමි­ණි­යේය.

මේ අත­ර­තුර නාව­ල­පි­ටිය ප්‍රදේ­ශයේ කාන්තා­වක් හඳුනා ගත් ඔහු ඇය සමඟ යුග දිවි­යට පිවි­සු­ණේය. ඒ විවා­හ­යෙන් ඇයට වයස අවු­රුදු 16 දරු­වකු සිටින අතර ඔහු ගාල්ල පිලාන පින්න­දුව ප්‍රදේ­ශයේ පදිංචි අයෝමා සමඟ විවාහ වන්නේ පළමු බිරි­ය­ගෙන් දික්ක­සාද වීමෙන් පසු­වය.

අයෝමා සහ ප්‍රිය­න්තගේ වැඩි­ම­හල් දිය­ණිය පළමු වසරේ ඉගෙ­නුම ලබ­න්නීය.බාල දිය­ණිය තුන් හැවි­රි­දිය. ටික කලක් යන­විට ප්‍රියන්ත සහ අයෝමා අතර නිතර ආර­වුල් ඇති විය. ඇතැම් අව­ස්ථා­ව­ලදී අයෝමා ප්‍රියන්ත සමඟ අම­නාප වී මහ­ගෙ­ද­රට ගිය අව­ස්ථා­වන්ද තිබුණි. මීට වස­ර­කට පමණ ඉහ­තදී හිනි­දුම පොලි­සි­ය­ටද අයෝමා හා ප්‍රිය­න්තගේ පවුල් ආර­වු­ලක් සම්බ­න්ද­යෙන් පැමි­ණි­ල්ලක් ලැබි තිබුණි. ඔවුන් දෙදෙනා අතර ආර­වුල් දිනෙන් දින වැඩි­වද්දී කාල­යක සිට එකි­නෙකා සමඟ බද්ධ වෛර­යෙන් පසු විය. ප්‍රියන්ත ඉතා සුක්ෂම අයු­රින් අයෝමා ඝාත­නය කිරී­මට සැල­සුම් කරන්නේ ඒ අනු­වය.

එහෙත් ප්‍රිය­න්තගේ සැල­සුම් ප්‍රධාන පොලිස් පරී­ක්ෂක දුණු­විල බණ්ඩාර මහතා ඉදි­රියේ ලප්තැ­නම ලොප් වී ගියේය. අයෝමා ඝාත­නය කිරීමේ කථා­න්ද­රයේ පිට­පත හා තිර රච­නය පම­ණක් නොව ප්‍රධාන නළු­වාගේ චරි­ත­යට පණ පොවා පොලි­සිය නොමග යැවී­මට ප්‍රියන්ත කට­යුතු කළේය. විකෘති ලිංගික ආශා­ව­ලින් යුතු කාන්තා­වන්ට දැඩි ලෙස ලොල් අයකු වූ ප්‍රිය­න්තගේ ජංගම දුර­ක­ථ­නයේ තිබි අසැබි දර්ශන ද පොලි­සිය විසින් සොයා ගත්තේය.

ඝාත­න­යට ලක්වූ දින දරු දෙදෙනා පාසල් ගිය පසු අයෝමා නාන කාම­ර­යට ගිය පසු ප්‍රිය­න්තද එයට ඇතුළු විය. ඔහු ඇය සමඟ පොර බදන විට. අවස්ථා දෙක­කදී පමණ අයෝමා නාන කාම­රය තුළ ඇද වැටු­ණාය. ඇය එසේ අඩ­පණ වූ පසු ප්‍රියන්ත කළේ අයෝ­මගේ හුස්ම යන තෙක් ඇගේ ගෙල නානා කාම­රයේ වූ වතුර පිරවූ බේස­මට ඔබා­ගෙන සිටී­මය. අන­තු­රුව නාන කාම­රයේ ජල කරා­මය හැර දමා දරු දෙදෙනා රැගෙන ඒමට ත්‍රිරෝද රථ­යෙන් පාසල වෙත ගියේය. අයෝ­මාගේ ඝාත­නය සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගත් ප්‍රියන්ත කුමාර උඩු­ගම ප්‍රධන මහේ­ස්ත්‍රාත් සංජීව විජේ­සිංහ වෙත ඉදි­රි­පත් කිරී­මෙන් පසු ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබීය.

ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී විකුම් ගිණිගේ, හිනි­දුම ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී සිසිල කුමාර, හිනි­දුම පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක නීල් පත්ම­කු­මාර යන නිල­ධා­රීන්ගේ උප­දෙස් මත අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක දුණු­විල බණ්ඩාර, උප පො. ප සුනිල්, පො සැ 34604 පුෂ්ප­කු­මාර පො සැ 3073 චන්දන, පො සැ 30859 සති­ස්චන්ද්‍ර, පො සැ 58417 වනි­ග­රත්න, පො.කො 86428 බුද්ධික යන නිල­ධා­රීන් විසින් විම­ර්ශන කට­යුතු සිදු කරනු ලැබීය.

Comments