සංව­ර්ධන සැල­සුම් සහ කඩා වැටෙන ගොඩ­නැ­ඟිලි | Page 2 | සිළුමිණ

සංව­ර්ධන සැල­සුම් සහ කඩා වැටෙන ගොඩ­නැ­ඟිලි

මහනුවර බූවැ­ලි­කඩ ප්‍රදේ­ශයේ ගොඩ­නැ­ඟි­ල්ලක් කඩා­වැ­ටීමේ සිද්ධි­යත් සමඟ මෙරට ඉදි­කි­රීම් ක්ෂේත්‍රයේ ප්‍රමි­තිය සම්බ­න්ධ­යෙන් සමා­ජයේ නැවත කති­කා­වක් ගොඩ නැඟුණි. මින් පෙර වැල්ල­වත්ත ප්‍රදේ­ශයේ එවැ­නිම ගොඩ­නැ­ඟි­ල්ලක කොට­සක් කඩා වැටී­මක් සිදු විය. මෙවැනි සිදු­වි­ම්ව­ලදී විවිධ පාර්ශ්ව­යන් විවිධ මත පළ කර ඇත. මෙවැනි ගොඩ­නැ­ඟි­ල්ලක් ඉදි කිරී­මේදී අනි­වා­ර්ය­යෙන් අව­ස­රය හා උප­දෙස් ලබා ගත යුතු ආය­තන කිහි­ප­යක් වේ.

ආපදා කළ­ම­නා­ක­ර­ණ­යේදී තාක්ෂ­ණික වශ­යෙන් සේවා සැප­යීම මෙන්ම ගංව­තුර, නාය යෑමේ, සුළි­සුළං ආදී ආප­දා­වන්ට ඔරොත්තු දෙන ආකා­ර­යෙන් ඉදි­කි­රීම් කර­න්නේද යන කාර­ණය ගැන විද්‍යා­ත්ම­කව තොර­තුරු සැප­යී­මත් ජාතික ගොඩ­නැ­ගිලි පර්යේ­ෂණ සංවිධානය විසින් සිදු කරයි.

ඉදි­කි­රීම් සඳහා යොදා­ගන්නා ගොඩ­නැ­ඟිලි ද්‍රව්‍ය ගැන ප්‍රමි­තිය විද්‍යා­නු­කූ­ලව සහ­තික කිරී­මද අත්‍යා­වශ්‍ය කාර්ය­යකි. පාරි­ස­රික සාධක වන ජලය, වාතය, ශබ්දය වැනි කරුණු පිළි­බඳ පර්යේ­ෂණ කර එම­ඟින් සිදු වන කම්පන පිළි­බඳ තොර­තුරු ලබා දීමක් සිදු­විය යුතුය. ගොඩ­නැ­ඟි­ල්ලක් ඉදි කිරී­මේදී පළ­මුව පළාත් පාලන ආය­ත­න­යෙන් අනු­මැ­තිය ලබා­ගත යුතුය. මේ අනු­මැ­තිය ලබා ගැනී­මේදී අදාළ පළාත් පාලන ආය­ත­නයේ සුවි­ශේෂී නීති ඇත. ඒඅ­නුව බිම් කැබැල්ලේ සහ නිවසේ සැලැ­සුම ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව එම ඉදි­කි­රී­මට අදාළ මූලික සැල­සුම නාග­රික සංව­ර්ධන අධි­කා­රි­යට හෝ අදාළ පළාත් පාලන ආය­ත­න­යට ඉදි­රි­පත් කර අනු­මත කර‍ගත යුතුයි. ඉන්පසු එහි ව්‍යුහ­ගත සැල­සුම් සකස් කිරීම සිදු­වෙයි. ඉදි­කි­රීම් ව්‍යුහය සැල­සුම් කිරී­මේදී භූ ගර්භ පරී­ක්ෂාව කළ යුතුයි.

ඇතැම් විද්ව­තුන් පව­සන්නේ පිහිටි පස නිසි ලෙස තෝරා ගෙන එම මවු පාෂාණ ශක්තිය පිළි­බඳ පරීක්ෂා කොට ගොඩ­නැ­ගිලි ඉදි කළ යුතු බවයි. 2011 වස­රේදී ගොඩ­නැ­ඟි­ල්ලක් ගොඩ­නැ­ඟී­මේදී එය භූ විද්‍යා­ත්ම­කව සුදුසු ප්‍රදේ­ශ­යක්ද යන්න පිළි­බඳ අධ්‍ය­ය­න­යක් කර තක්සේරු කර­මින් එයට අව­සර ලබා ගැනී­මට කට­යුතු කර ඇතත් ඊට පෙර එවැනි ප්‍රමි­ති­යෙන් තොර නිවාස විශාල ලෙස ඉදි වී ඇත. එයට හේතුව 2011ට පෙර එවැනි පන­තක් නොති­බී­මයි. ඒ නීතිය සියලු පාර්ශ්ව­යන් විසින් අනු­ගම­නය කරන්නේ නම් මෙවැනි ඛේද­වා­චක සිදු නොවනු ඇත.

ගොඩ­නැ­ඟිලි කඩා­වැ­ටීම් සම්බ­න්ධ­යෙන් 1980 ගණ­න්ව­ලදී ලංකාව පුරා නාය­යෑම් පිළි­බඳ සිති­යම් ගත කිරී­මක් කරනු ලැබුවා. ඒ අනුව ලංකාව පුරා දිස්ත්‍රික් අටක නාය යෑම් සිදු විය හැකි අව­දා­නම් ප්‍රදේශ සිති­යම් ගත කර තිබෙ­නවා. ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ ආය­ත­නය නාය­යෑම් පිළි­බඳ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ලංකාව පුරා ආරම්භ කර තිබෙන අතර ප්‍රාදේ­ශීය මට්ට­මින් පොලිස් වස­ම්ව­ලින්ද ඒ පිළි­බඳ දැනු­ම්වත් කර තිබෙ­නවා. 2011 වස­රෙන් පසු ගොඩ­නැ­ඟි­ල්ලක් ඉදි­කි­රී­මේදී භූ විද්‍යා­ත්ම­කව එය ගොඩ­නැ­ඟී­මට සුදුසු ප්‍රදේ­ශ­යක්ද යන්න ගැන අධ්‍ය­ය­න­යක් කර තක්සේ­රු­වක් කළ යුතුයි.

ඒ තක්සේ­රු­වෙන් පසු­වයි එම ගොඩ­නැ­ඟිල්ල ඉදි­කි­රීමේ අව­සර ලබා ගැනීම කළ යුතු වන්නේ. 2011 වර්ෂ­යට පෙර එය ක්‍රියා­ත්මක නොවු­ණත් වර්ත­මා­නයේ ගොඩ­නැ­ඟි­ල්ලක් ඉදි කිරී­මේදී එම සහ­ති­කය ලැබුණු විට පම­ණයි ඉදි­කි­රිම් කළ යුතු වන්නේ. ඊට පෙර සෑදූ ප්‍රමි­ත­යෙන් තොර ගොඩ­නැ­ඟිලි අන­තු­රට ලක්විය හැකියි. අපේ කාර්ය­භා­රය විය යුත්තේ එවැනි ගොඩ­නැ­ඟි­ලි­වල ප්‍රමි­තිය සොයා බැලී­මයි. එසේ වුව­හොත් සිය­යට පන­හක් හෝ බේරා ගැනී­මට හැකි වෙයි. පාදම අනි­වා­ර්යෙන් ම පිහිටි ගලට අමුණා සකස් කළ යුතුයි. භූ විද්‍යා­ඥ­යන්ට පම­ණයි පිහිටි ගල හඳුනා ගැනීමේ හැකි­යාව තියෙන්නේ.

පාදම පිළි­බද අව­ධා­න­මක් තිබෙ­නවා නම් ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ මධ්‍ය­ස්ථා­න­යෙන් උප­දෙස් ලබා ගත හැකියි. ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­න­යන් දිස්ත්‍රික් මට්ට­මින් පව­තින අතර ප්‍රමි­තිය සම්බ­න්ධ­යෙන් එම ආය­තන ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ ආය­ත­න­යත් සමඟ එකතු කට­යුතු කරයි කියා මා විශ්වාස කර­නවා. රජ­යට පුළු­වන් මෙරට සිටින සියලු භූ විද්‍යා­ඥ­යන් එකතු කර­මින් සති දෙකක්,තුනක් ඇතු­ළත අධ්‍ය­ය­නය කර­මින් ඒ සම්බ­න්ධ­යෙන් වාර්තා­වක් ලබා දීමට. එවිට අව­දානම් සහිත ගොඩ­නැ­ඟිලි සම්බ­න්ධ­යෙන් කට­යුතු කළ හැකියි. භූ විද්‍යා­ත්මක පර්යේ­ෂ­ණ­යක් කිරීම මඟින් බොහෝ­විට මේ ගැටලු කලින් විසඳා ගැනී­මට හැකි­යාව ලැබෙ­නවා. මහ­නු­වර කඩා වැටුණු ගොඩ­නැ­ඟිල්ල මා පරීක්ෂා කර බැලුවා. එය පාෂා­ණ­යට සම්බ­න්ධ­යක් නැති­වයි ඉදි­කර ඇත්තේ. පාෂා­ණය තිබෙන නමුත් එයට සම්බන්ධ කරලා නැහැ. උස අඩු ගොඩ­නැ­ඟි­ල්ල­කට අනු­මත කරන ලද්දක් පසු­කා­ලී­නව තට්ටු කිහි­ප­යක් දක්වා උඩට ගොස් ඇත්තේ. ගොඩ­නැ­ඟිල්ල සෑදීම 2006 ආරම්භ කර ඇති නිසා අනි­වා­ර්යය කොන්දේසි අනුව එය ඉදිවී නැහැ. එවැනි ප්‍රමි­ති­යෙන් තොර නිවාස තවත් තිබිය හැකියි. ඒ නිසා ඉතා ඉක්මන් එවැනි අව­දා­නම් සහිත ගොඩ­නැ­ඟිලි මොන­වාද යන්න අප හඳු­නා­ගත යුතුයි. බෑවුම් ප්‍රදේ­ශ­වල ඉදි­කි­රීම් කිරී­මේදී පහළ ප්‍රදේ­ශයේ ජිවත් වන ජන­තා­ව­ටද ඒ මඟින් අව­දා­න­මක් ඇති වනවා. මේ සම්බ­න්ධ­යෙන් සාමු­හි­කව කතා කිරී­මට සංවි­ධාන විය යුතුයි. මහ­නු­වර ගොඩ­නැ­ඟිල්ල සම්බන්ධ සිදු­වී­මේදී සිදුවී ඇත්තේ මිනි­සාගේ ක්‍රියා­කා­ර­කම් නිසා සිදු වූ දෙයක්.

පළාත් සභා ආය­ත­නය මඟින් අනු­මැ­තිය සඳහා යැවී­මේදී එය නිසි­යා­කා­රව කළ­ම­නා­ක­ර­ණය කළ යුතුයි. මේ කර්තව්‍ය කෙරෙන්නේ නැහැ. නාය­යෑමේ අව­දා­නම් රහිත ප්‍රදේ­ශ­යක ගොඩ­නැ­ඟිලි ඉදි­කි­රී­මේදී ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ ආය­ත­න­යෙන් අනු­මැ­තිය ගැනී­මක් සිදු වන්නේ නැහැ. බොහෝ වෙලා­වට ප්‍රාදේ­ශීය සභා සහ පළාත් සභා මඟින් සිදු කරනු ලැබු­වත් ඒවායේ නිසි අධී­ක්ෂ­ණය සඳහා කාර්ය මණ්ඩ­ලයේ යම් හිඟ­යක් තිබෙන අව­ස්ථාද තිබෙ­නවා. ඒ අව­ස්ථා­ව­ලදී පළාත් පාලන ආය­ත­න­යක් සතුව ඇති සම්පූර්ණ නිවාස සිය­ල්ලම අධී­ක්ෂ­ණය කිරී­මක් සිදු වන්නේ නැහැ. එයයි පළමු වැනි වරද. නිසි ප්‍රමි­ති­යන්ට අනු­කූ­ලව නොවෙයි මෙය සිදු වන්නේ.

නාය­යෑම් සම්බ­න්ධ­යෙන් ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ අනු­මැ­තිය ගන්නේ කලා­තු­ර­කින්. එසේ නම් පළාත් පාලන ආය­ත­නය මඟින් පම­ණක් අව­ස­රය අරන් නිවාස ඉදි නොකළ යුතුයි. මේ ඉදි­ක­රන නිවාස තුළ අව­දා­න­මක් තිබිය හැකියි. කඳු­කර ප්‍රදේ­ශ­වල බෑවුම් සහිත බිම්වල නිවාස සෑදී­මේදී අව­දා­න­මක් ඇති අතර ම බොහෝ වෙලා­වට මිනිස් ක්‍රියා­කා­ර­කම් මතද මෙවැනි දේවල් සිදු­විය හැකියි. එයින් වැළ­කී­මට නම් ගොඩ­නැ­ඟිලි ඉදි­කි­රී­මේදී සරල පිළි­වෙ­තක් නොවෙයි මීට වඩා විධි­මත් පිළි­වෙ­තක් අනු­ග­නය කළ යුතුයි. එසේ නම් අදාළ ආය­ත­න­වල අනු­මැ­තිය ගත යුතුයි. ත්‍රිකු­ණා­ම­ලයේ මේ වන විට හෝටල් ඉදි­ක­රලා තිබෙ­නවා. විකි­ර­ණ­ශීලී මූල­ද්‍රව්‍ය නිකුත් කරන ඛණිජ නිධි ලංකාවේ තිබෙ­නවා. බොහෝ වටි­නා­කම් ඇති එවැනි නිධි­යක් උඩ හෝටල් ඉදි­කර තිබෙ­නවා. පසු­කා­ලි­නව එහි බල­පෑම් ඇති­වෙන්න පුළු­වන්. ගොඩ­නැ­ඟිලි ඉදි කිරී­මේදී අදාළ ආය­ත­න­ව­ලින් අව­සර ගත යුතුයි කියලා අපිට ක්‍රම­වේ­ද­යක් තිබුණේ නැහැ. දැන් ඒ සඳහා කාලය එළැඹ තිබෙ­නවා. ඒ නිසා මෙය ආප­ස්සට හර­වන්නේ නැතුව දැන් ක්‍රියා­ත්මක විය යුතුයි. අදාළ සියලු මෙවැනි ගොඩ­නැ­ගි­ලි­වල ප්‍රමි­තිය පරීක්ෂා කිරීම සහ ඉදි­රි­යේදී ඉදි කරන සිය­ලුම ගොඩ­නැ­ඟිලි සඳහා අව­සර ගත යුතුයි. එවිට අදාළ ඉදි­කි­රී­ම්ව­ලදී අපිට කියන්න පුළු­වන් අව­දා­න­මක් තියෙ­න­වාද යන්න ගැන. ඒ වගේම පිහිටි පසේ පොස්පේට් නිධි, ඩොල­ම­යිට් නිධි හෝ වෙනත් දෙයක් තිබෙ­න­වාද කියා අපට පෙර දැනුම් දීමක් කළ හැකියි. ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මේ සම්බ­න්ධ­යෙන් නිසි ක්‍රම­වේද හඳුන්වා දී තිබෙන්නේ ඉදි­රි­යේදී මෙවැනි දේ සිදු නොවී­මට කට­යුතු කිරී­ම­ටයි. ඒ අනුව යම් ගොඩ­නැ­ඟි­ල්ලක් ඉදි කිරී­මේදී ආය­තන විසි දෙකක් විසින් අව­සර ලබා ගත යුතුයි. ඉතා කෙටි කාල­ය­කදී මේ සඳහා අව­සර ලබා දීමට මේ වන විට සැලැ­සුම් කර තිබෙන අතර එය ඉක්ම­නින් සිදු කිරී­මට අප බැඳී සිටි­නවා. මේ ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් සඳ­හන් කළ­හොත් භූ කම්ප­න­යක් නිසා සිදුවු දෙයක් නොවන බව දැනට සොයා­ගත් තොර­තුරු අනුව ඉතා පැහැ­දි­ලියි.

මේ වන­විට මේ සම්බ­න්ධ­යෙන් කමි­ටු­වක් පිහි­ටුවා තිබෙ­නවා. ඒ අනුව අව­දා­නම් නිවාස සහ සියලු නිවාස මේ වන­විට පරි­ක්ෂා­වට ලක්ක­ර­මින් පව­ති­නවා. යම් කෙනෙක් ඉල්ලී­මක් කළොත් තමන්ගේ නිවස අව­දා­නම් තත්ත්වයේ කියලා, එය පරික්ෂා කිරී­ම­ටද මේ කමි­ටුව යනවා. එසේ ගොස් පරීක්ෂා කරන නිවාස පිළි­බඳ වාර්තා­වක් සති දෙකක් ඇතු­ළත ලබා දෙන්න කියලා අපි නිර්දේශ කර තිබෙ­නවා. පළාත් සභාවේ ඉජි­නේ­රු­වන්ගේ උප­දෙස් ඒ අයට ලබා දීමට කට­යුතු කර­නවා.

නිව­සක් ඉදි­ක­රන්නේ නම් එහිදී අනු­ග­ම­නය කළ යුතු ක්‍රියා­මාර්ග මොන­වාද යන්න පිළි­බඳ ජන­තාව දැනු­ම්වත් වී සිටිය යුතුයි. මේ කඩා­වැ­ටී­මට ලක්වූ නිවසේ මුල් අදි­යරේ ඉදි­කි­රීම් සඳහා 2006 වස­රේදී අව­සර ගෙන ඉන්ප­සුව තමයි මේ ආකා­ර­යට තට්ටු පහක් දක්වා උඩට මේ නිවස ඉදි කරලා අව­සා­නයේ තවත් තට්ටු­වක් ගත් බවයි මෙහි වාර්තාවේ සඳ­හන් වෙන්නේ. අපි දන්නේ නැහැ මේ නිවසේ අත්ති­වා­රම සකස් කර ඇත්තේ තට්ටු කීය­ක­ටද කියලා. පස සම්බ­න්ධ­යෙන් පරි­ක්ෂ­ණ­යක් කරලා නැහැ. බෑවුම් තැනක පසට ඔරොත්තු දෙනවා ද කියන කාර­ණාව දන්නේ නැහැ. කමි­ටුව ඉදි­රි­යේදී මේ සම්බ­න්ධ­යෙන් නිර්දේ­ශ­යක් නිකුත් කර පස සම්බ­න්ධ­යෙන් පරික්ෂා කර අදාළ ඉඩ­ම්වල සැක­සී­මට සුදුසු නිවස කුමක්ද යන්න තීර­ණය කරයි. පිහි­ටි­ග­ලට සම්බන්ධ කරලා සැදුවා නම් මෙවැනි ඛේද­වා­චක සිදු වන්නේ නැහැ. ගැළ­පෙන ක්‍රම­යට නිව­සක් සකස් කළ යුතුයි. නීති­වි­රෝධි ලෙස නිවාස හා ගොඩ­නැ­ඟිලි ඉදි­කි­රීම සිදු වන අවස්ථා අපි දැක තිබෙ­නවා. මහ­නු­වර නගර සභාවේ පම­ණක් නිවාස දෙසි­ය­යක් පමණ කඩා ඉවත් කරන්න තීන්දු කර තිබු­ණත් එකක් වත් කඩා ඉවත් කර නැහැ. ඒ දේවල් විසඳා ගත යුතුයි. මෙය ක්‍රියා­දා­ම­යක්. එක­වර කළ නොහැ­කියි. නාය­යෑ­මක් නොවෙයි මෙතන සිදු­වෙලා තියෙන්නේ ගොඩ­නැ­ඟි­ල්ලයි කඩා­ගෙන ගිහින් තිබුණේ. මෙහි අභ්‍ය­න්තර ගැටලු ගොඩාක් තිබෙ­නවා. දාම­යක් වගේ බොහෝ තැන් පරීක්ෂා කර­න්නට අව­ශ්‍යයි. එක් ආය­ත­න­ය­කට ඇඟිල්ල දිගු කරන්න බැහැ. ඉඩම් කැබලි සැලැස්ම ඉදි­රි­පත් කළාම අනු­මත කර තියෙන්නේ 2006 වස­රේදී. නමුත් එහි අනු­මත විදි­හට සකස් කර නැහැ.

අපි මේ සම්බ­න්ධ­යෙන් දැඩි පිය­වර ගැනී­මට උත්සාහ කර­නවා. මේ වන­විට අපිට විශාල ප්‍රමා­ණ­යක් පැමි­ණිලි ලැබී තිබෙ­නවා. මේ කැඩුණු බිල්ඩින් එක අසල ඇළක් තිබෙ­නවා. එම ඇළ නිසා මේ නිවස අසල ඛාද­නය වීමක් සිදු­වෙලා තිබෙ­නවා. කලින් පළුඳු වී තිබෙන බවක් පෙනෙ­නවා. මේ එක් සිදු­වී­මක් නිසා අහිං­සක මිනි­සුන් පිරි­සක් බිලි වුණේ. කැබලි ඉවත් කරන තුරු මෙහි අත්ති­වා­රම සම්බ­න්ධ­යෙන් සොයා බැලී­මට කිසිදු ක්‍රම­වේ­ද­යක් නැහැ. ඒ නිසා මෙහි තිර­ණ­යක් ගන්න ඉතා අප­හ­සුයි. වග­කි­ව­යුතු සියලු ආය­තන එකතු කරලා කමි­ටු­වක් පත් කරලා කමි­ටුවේ නිරී­ක්ෂ­ණ­යට අනුව නිර්දේශ අනුව ඉදි­රි­යේදී මේ වැනි දේ නොව­න්නට වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ස්වාභා­වික ආපදා අව­ස්ථා­ව­කදී ත්‍රිවිධ හමු­දාව, පොලි­සිය යොදලා අවශ්‍ය කට­යුතු අපි කරනවා. ගින්න නිවීමේ කට­යුතු සම්බ­න්ධ­යෙන්ද අප කට­යුතු කර­නවා. මෙය සිදුවී ඇත්තේ ගොඩ­නැ­ඟිල්ලේ ප්‍රමි­තියේ ගැට­ලු­වක් නිසාද කියන කාර­ණාව සම්බ­න්ධ­යෙන් දැනට පර්යේ­ෂණ මට්ටමේ පව­ති­නවා. ඉදි­රි­යේදී නාය යෑමේ අව­දා­නම හඳු­නා­ගත් දිස්ත්‍රි­ක්ක­වල ඉදි­කි­රීම් සඳහා ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ ආය­ත­නයේ අනු­මැ­තිය ලබා ගත යුතුයි. එහිදි අනු­මැ­තිය ලැබු­ණ­හොත් පම­ණයි නගර සභා සහ ප්‍රාදේ­ශීය සභා­ව­ලට අනු­මැ­තිය ලබා දිය හැකි වන්නේ. එසේ නොමැති ව අනු­මැ­ති­යෙන් තොරව කර­න­දේ­වල් කරන්න එපා කියලා තමයි අපි ජන­තා­වට කියන්නේ. එය නීති විරෝධී කට­යු­ත්තක්. එවැනි ගොඩ­නැ­ඟිලි තමයි මේ ආකා­ර­යට කඩා­වැ­ටී­මට ලක්වන්නේ. මේ නීති පද්ධ­තිය තුළ මිනි­සුන් නිවැ­රදි ආකා­ර­යට හැසි­රෙ­නවා නම් මෙවැනි සිදු­වීම් සිදු­වන්නේ නැහැ.

කඳු­කර ප්‍රදේ­ශ­වල නාය­යෑ­ම්ව­ලට වැඩි උත්තේ­ජ­න­යක් සහ සාධ­ක­යක් වන්නේ වර්ෂා­වයි. ඕනෑම බිල්ඩින් එකක් ගොඩ­නැ­ඟිය යුත්තේ පිහිටි ගලට අනු­වයි. එවිට කඩා­වැ­ටී­මක් වෙන්නේ නැහැ. එහිදී ඉදි­කි­රීම් සම්බ­න්ධ­යෙන් කට­යුතු කළ ඉජි­නේ­රු­වන් විසින් දැනු­ම්වත් විය යුතුයි. ඒ නිසා ඉදි­කි­රීම් සම්බන්ධ ක්‍රියා­ක­ලා­ප­යක් මේ අන­තු­රට හේතුව වී තිබෙ­නවා. මිනිස් ක්‍රියා­කා­ර­කම් නිසා මෙවැනි දේ සිදු වන අවස්ථා තිබෙ­නවා. පස් කඳු කැපීම්, කණ්ඩි කැපීම් සිදු වන අව­ස්ථා­ව­ලදී නාය­යෑම් සිදු­ව­නවා. එවැනි මිනිස් ක්‍රියා­කා­ර­කම් නිසා නාය­යෑම් සිදු­ව­නවා. මෙය සම්පූ­ර්ණ­යෙන් ම ඉදි­කි­රී­මේදී සිදු වන වර­දක් නිසා සිදු වන අවස්ථා තිබෙ­නවා. පැහැ­දි­ලි­වම එවැනි දේවල් සිදු­වීම වැළැ­ක්වී­මට කළ යුත්තේ ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ ආය­ත­නයේ දැනුම ඇතිව උප­දෙස් අනුව ගොඩ­නැ­ඟිලි ඉදි කිරී­මයි. එසේ නැතිව හිතු­මතේ ගොඩ­නැ­ඟිලි ඉදි­ක­රන්න එපා කිය­ලයි අපි ජන­තා­වට කියන්නෙ. ඒ වගේම කැලෑ එළි­කි­රීම්, පස් කණ්ඩි කැපිම් තමන්ට අවශ්‍ය ආකා­ර­යට නොක­රන්න කිය­ලත් අපි උප­දෙස් දෙනවා. ඉදි­රි­යේදී මෙවැනි දේ නොවන්න තාක්ෂ­ණික දැනුම නැතිව කිසිම ඉදි­කි­රී­මක් කරන්න එපා කිය­ලත් අපි ජන­තා­ව­ගෙන් ඉල්ලී­මක් කර­නවා.

 

එම ගොඩ­නැ­ඟිල්ලේ ඉදි­කි­රී­මේදී ව්‍යුහයේ ඇතිවූ ගැට­ලු­වක් ලෙසයි අපි එය දකින්නේ. දැන­ට­මත් අපි ඒ පිළි­බඳ පර්යේ­ෂ­ණ­යක් සිදු කරනු ලබ­නවා. එතැන නාය­යෑ­මක් හෝ ගිලා­බැ­සී­මක් සිදුවී නැහැ. කඳු­කර ප්‍රදේ­ශ­වල ඉදි­කි­රීම් කර­නවා නම් ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ ආය­ත­නය විසින් දෙනු ලබන නිර්දේ­ශ­යන් මත ඉදි­කි­රිම් කට­යුතු සිදු කරන්න කියලා අපි ජන­තා­ව­ගෙන් ඉල්ලි­මක් කර­නවා.

ඒ වගේම පළාත් පාලන ආය­ත­නය මඟින් අව­ස­රය ගනු ලබන විට අපේ ආය­ත­නය මඟින් නිකුත් කරනු ලබන නිර්දේ­ශ­යද එයට ඇතු­ළත් කරන්න කියලා අපි ඉල්ලී­මක් කර­නවා. එවිට හොඳ ඉදි­කි­රී­මක් කර­න්නට පුළු­වන්. එසේ නැතිව තමන්ට අවශ්‍ය අවශ්‍ය ආකා­ර­යට ඉදි­කි­රිම් කරන්න එපා. නිසි අධී­ක්ෂ­ණය යටතේ නිසි ප්‍රමි­තිය යටතේ ඉදි­කි­රීම් කරන්න කිය­ලයි අපි කියන්නෙ. තැන් තැන්වල පිහි­ටීම අනුව එයට අදාළ ව්‍යුහ­යක් මත ඉදි­කි­රීම් කළ යුතුයි. අනු­මැ­තිය සඳහා පළාත් පාලන ආය­ත­න­යට යව­නවා. එහිදී අපෙන් උප­දෙස් ලබා ගන්න කිය­ලයි අපි කියන්නේ. ඒ උප­දෙස්, අනු­මැ­තිය ලැබු­ණත් ඇතැම් අය ගොඩ­නැ­ඟිල්ල හදන විට එය කරන්නේ ඒ අයට ඕන විදි­හ­ටයි.

මෙය ගොඩ­නැ­ඟිල්ලේ පැවති ප්‍රමි­තියේ අඩු­වක් ලෙසයි අපි දකින්නේ. සාමා­න්‍ය යෙන් තට්ටු දෙක­කට අනු­මත කළ බිල්ඩින් එකක් නම් එහිදී එයට තව තට්ටු­වක බලය දරන්න බැරි­වෙයි. එවැනි දෙයක් තමයි මෙහිදී සිදු­ව­න්නට ඇත්තේ.

 

Comments