පොලිස් සුන­ඛ­යන්ට වින කරන ‘බලු වෙන්දේසිය’ නතරවන හැඩ | සිළුමිණ

පොලිස් සුන­ඛ­යන්ට වින කරන ‘බලු වෙන්දේසිය’ නතරවන හැඩ

ම ජීවි­තය නොතකා රටට ඉම­හත් සුවි­ශේෂී සේව­යක් කළ පාද හතරේ ‘රහස් පරී­ක්ෂ­ක­යන්’ 25 ක පිරි­සක් පසු­ගි­යදා වෙන්දේ­සියේ විකු­ණන බවට මහ­නු­ව­රින් වාර්තා විය.බුදු රජා­ණන් වහ­න්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින කන්ද උඩ­ර­ටට වාර්තා වූ සත්ත්ව ලෝලීන්ගේ ඇසට කඳුළු උනන ඒ කෲර වෙන්දේ­සිය මගින් පසු­ගිය වසර 10 තුළ අප­රාධ, මත්ද්‍රව්‍ය හා ත්‍රස්ත­වාදී කට­යුතු මර්ද­න­යට රණ විරු­වන් ගේ ඇප කැපවූ පොලිස් සුන­ඛ­යන් 25 ක් හොඳ තත්ත්වයේ සිටි­ය­දීම පිට අයට විකුණා ඇත.

 

මේ වෙන්දේ­සියේ විකුණූ සුන­ඛ­යන් අතර මෙරට අප­රාධ මත්ද්‍රව්‍ය හා ත්‍රස්ත­වාදී ක්‍රියා පිළි­බ­ඳව රටේ සුවි­ශේ­ෂ­තම දස්කම් දැක්වූ පොලිස් සුන­ඛයෝ 10 ක් පමණ සිටි­යහ. මිනි­සු­න්ටත් කළ නොහැ­කිවූ රහස් ‍පරීක්ෂක වැඩ රැසක් ඒ සුන­ඛ­යන් සිදු­කර තිබිණි.

හොරණ පොලිස් සුනඛ අංශයේ මග මෙහෙ­යක් කළ ‘ඇල්වින්’ සුන­ඛයා අපේ රටේ අප­රාධ පරී­ක්ෂණ 200 ක් සඳහා සාක්ෂි සැපයූ හොඳ ‘රහස් පරී­ක්ෂ­ක­යෙකි’. ඒ සම­ඟම මහ­නු­ව­රදි වෙන්දේසි කළ බෙල්ජි­යමේ මෙල­නො­යින් විශේ­ෂ­යට අයත් අනු­ර­පු­රයේ ‘හීරෝස්’ ද මත්ද්‍රව්‍ය වැට­ලීම් අප­රාධ ආදී නීති විරෝධී කට­යුතු 310 ක් පමණ වැට­ලී­මට සක්‍රි­යව එක්වී ඇති සුන­ඛ­යෙකි. ඊට අම­ත­රව එදා අඩු මුද­ලට විකිණූ කොම්ප­ඤ්ඤ­වී­දියේ බෙට්කා ද අප­රාධ පරී­ක්ෂණ 110 කට එක්වූ තවත් කකුල් හතරේ දක්ෂ නිල සුනඛ රහස් පරී­ක්ෂ­ක­යෙකි.

මෙම සුනඛ වෙන්දේ­සි­යේදී සුන­ඛ­යින් 25 දෙනා­ගෙන් වැඩිම මිලට මෙවර ද අලෙවි වී ඇත්තේ ‘බ්‍රිත්’ නම් ‘ලැබු­ඩෝර්’ වර්ගයේ සතෙකි. ඌ අලෙවි වූ මිල ගණන රුපි­යල් ලක්ෂ­ය­කට වැඩි මුද­ලක් විය. නමුත් ඒ සුන­ඛයා ලබා­ගත් අය ඒ සතාව රැගෙන ගොස් ඇත්තේ ත්‍රිවි­ල­ය­කිනි.

මෙහිදී රුපි­යල් 1100 කට ද පොලිස් නිල සුන­ඛ­යෙක් අලෙවි විය. ඒ ‘රෝයි’ සුන­ඛ­යාය. නමුත් මේ වෙන්දේසි කළ සුන­ඛ­යන්ට පසුව අත්වී ඇති ඉර­ණම ඉතා කන­ගා­ටු­දා­යක බව සත්ව මිත්‍ර සංගම් පව­සයි.

මේ සුන­ඛ­යන් වෙන්දේසි කළේ ඇයි දැයි අප මහ­නු­වර පොලිස් සුනඛ අංශයේ නිල­ධා­රී­න්ගෙන් විම­සූ­විට ‘සිළු­මිණ’ ට පැව­සුවේ වසර 10 -12 ක් එක දිගට සේවය කළ නිසාත් දැන් ඔවු­න්ගෙන් වැඩ­ගැ­නීම අප­හසු නිසාත් සම­හර සතුන් පුහුණු කිරී­මට අප­හසු නිසාත් මෙසේ පොලිස් සුන­ඛ­යන් වෙන්දේසි කරන බවයි.

එසේ වුවත් සත්ව මිත්‍ර සංවි­ධාන පව­සන්නේ වසර 10 – 12 ක් එක දිගට වැඩ කරන අපේ පොලිස් සුන­ඛ­යන්ට සැල­කී­මට ඔවුන් සූදා­නම් බවයි. යම් පුද්ග­ල­යෙක් යම් සත­කුගේ හාම්පුතා ලෙස දිගු කලක් සේවය කළ පසු ඔහු­ගෙන් වෙන්කර තැබීම අප­හ­සුවේ එසේ අයින් කළොත් සත්ව ජීවිත වලට විවිධ පීඩා එල්ල වන බවත් සත්ව මිත්‍ර සංවි­ධාන පව­සයි. බුදු දහම අනු­වත් මෙය අපේ රටට උචිත දෙයක් නොවේ. ඒ අනුව මේ සුනඛ වෙන්දේ­සිය වළ­ක්වන ලෙසට සත්ව සුබ­සා­ධන භාරය ‘බව් බව්’ සංවි­ධා­නය, Emburh සංවි­ධා­නයේ ඔටාරා ගුණ­ව­ර්ධන ඇතුළු සත්ව මිත්‍ර සංගම් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ­නා­යක ඕමල්පේ සෝභිත නාහි­මි­පා­ණන්ගේ උප­දෙස් හා මෙහෙ­ය­වීම මත වැඩ­බ­ලන පොලි­ස්ප­තිට හා සුනඛ අංශය බාර නියෝජ්‍ය පොලි­ස්ප­තිට දන්වා සිටි­යහ.

ඊට අම­ත­රව මෙම සත්ව මිත්‍ර සංවි­ධාන සමාජ ජාලා ඔස්සේ ද සත්ව­ලෝ­ලීන් ජන­තාව හා වග­කි­ව­යු­ත්තන් මේ ගැන දැනු­ම්වත් කිරීම් ද අම­තක කළේ නැත. එයට ඉහළ ප්‍රති­චාර ලැබිණි. මේ වෙන්දේ­සිය තහ­නම් කළ යුතු බවට ජන මත­යක් ද ඇති විය.

මේ පිළි­බ­ඳව ‘සිළු­මිණ’ ට අද­හස් දැක්වූ ‘බව් බව්’ සංවි­ධා­නයේ සභා­පති ගිහාන් දිනුෂ්ක මහතා පැව­සුවේ මේ පොලිස් සුන­ඛ­යන් වෙන්දේසි කිරීම වැළැ­ක්වීම පිළි­බ­ඳව ආර­ක්ෂක ලේකම් කමල් ගුණ­රත්න මහ­තාට සිය ස්තුතිය පිරි­න­මන බවයි.

“මේ සුන­ඛ­යන් වසර 10 – 15 ක් ර‍ෙට් ආර­ක්ෂාව පිණිස පාතාල අප­රාධ මඩි­න්නට සිය ජීවි­තය පර­දු­වට තියා කට­යුතු කළ පිරි­සක්. ඒ අය ආයුධ අල්ලන්න අප­රාධ කාර­යන් අල්ලන්න හා බෝම්බ කඩු ආදිය අල්ලන්න කට­යුතු කළ පිරි­සක්. ඒ කට­යු­තු­ව­ලට පුහුණු කිරීම හා ක්‍රියා­ශී­ලීව වැඩ කරන නිසාම ඒ අයගේ ජීවි­තයේ ආයුෂ කෙටි වෙන්න පුළු­වන්.

මේ සුන­ඛ­යන් වෙන්දේසි කර­නව කියන ආරං­චිය ආපු­වාම අපි තවත් සත්ව මිත්‍ර සංවි­ධාන රැසක් සමඟ එක්වී ඒ පිළි­බ­ඳව සුනඛ අංශය බාර නියෝජ්‍ය පොලි­ස්ප­තිට දැන්වූව ද පසුව අපි වැඩ බලන පොලි­ස්ප­ති­ටත් දැන්වූවා. පසුව සමාජ ජාල මගි­නුත් ඒ පිළි­බ­ඳව ජන­තාව දැනු­ම්වත් කළා.

එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ඒ ගැන ආර­ක්ෂක ලේකම් කමල් ගුණ­රත්න මැදි­හත් වුණා. මින් පසු අපේ රටේ පොලිස් සුනඛ වෙන්දේසි තහ­නම් කරන ලෙස වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­ර­යාට දැන්වූවා. ඒ පිළි­බ­ඳව අපි ඒ අයට ඉතා ස්තුති­වන්ත වෙනවා. නමුත් අපි මහ­නු­වර පොලිස් සුනඛ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුර දෙල්ග­හ­වත්ත මහතා පව­සන්නේ මේ ගැන ඒ අයට කිසිම නියෝ­ග­යක් ලැබී නැති බවයි.

අපි මේ පිළි­බ­ඳව නිත­රම අව­ධා­න­යෙන් සිටි­නවා. මේ පොලිස් සුනඛ වෙන්දේ­සිය අපේ රටේ නැව­තත් සිදු නොකළ යුතුයි.” ආර­ක්ෂක ලේකම් තුමාගේ උප­දෙස් ක්‍රියා­ත්මක නොක­ළ­හොත් මෙරට සත්ව ලෝලී සංවි­ධාන හා සමාජ ජාල එක්වී දිග­ටම අපේ අර­මුණ ඉටු කර ගැනී­මට කට­යුතු කරන බවට සත්ත්ව­ලෝලී දිනුෂ්ක පව­සයි.

සත්ව සුබ­සා­ධන භාරය ද මේ කට­යු­ත්තේදී පෙර­මුණේ සිටී. “මේ සුන­ඛ­යන් වෙන්දේසි කළාට පස්සේ ඒ සතුන්ට පුදුම දුක් කන්ද­රා­වක් විඳින්න සිදුවී ඇති බව අපට වාර්තා වෙලා තිබෙ­නවා‍. මේ සුන­ඛ­යන් පිළි­බ­ඳව පොලි­සියේ කිසිම පසු විප­ර­මක් නැහැ. මේ ලොකු සුන­ඛ­යන් මිලදී ගන්න අයට ඒ සතුන්ට සුදුසු ආහාර හා පහ­සු­කම් ලබා­දෙන්න පුළු­වන් ද කියල මුලින් ම සොයා බලා­ගන්න ඕනෑ.

මේ 1948 ඉඳන් මේ වෙන්දේ­සිය තිබිල තිබෙ­නවා. ඒ විකු­ණපු සතුන් දැන් පුදුම දුකක් විඳින්නේ. අපි කියන්නේ මේ රටට සේවය කරපු සුන­ඛ­යන් ඒ අයව බලා­ගත් පොලිස් නිල­ධා­රීන් සම­ඟම මැරෙන තුරු තබා­ගන්න කියලා” සත්ව සුබ­සා­ධන භාරයේ සභා­ප­තිනි අයි­රාං­ගනී ද සිල්වා පව­ස­න්නීය.

1948 සිට ඒ පැව­තුණු මේ පොලිස් සුනඛ වෙන්දේසි නැවැ­ත්වීම පිළි­බ­ඳව ආර­ක්ෂක ලේකම් මේජර් ජන­රාල් (විශ්‍රා­මික) කමල් ගුණ­ර­ත්නට ස්තුති­වන්ත වන බවත් ඇය පව­ස­න්නීය. එසේ වුවත් ඔහු පොලි­සි­යට දුන් නියෝග ක්‍රියා­ත්මක වනවා දැයි පසු විප­රම අත්‍ය­වශ්‍ය බව ද සත්ව සුබ­සා­ධන පනත අනු­මත කිරීම වහා කළ­යුතු බව ද ඇය පෙන්වා දෙයි.

මේ පිළි­බ­ඳව අප කළ විම­සී­ම­කදී ‘සිළු­මිණ’ ට කරුණු දැක්වූ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ­නා­යක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහි­මි­පාණෝ පව­සන්නේ පොලි­සියේ නිල ඇඳුමේ ඇති ධර්ම චක්‍රය හා නිල ඇඳුමේ ගෞර­වය සුර­කි­මින් මේ පොලිස් සුනඛ වෙන්දේසි නවතා ඒ සුන­ඛ­යන්ට ජීවි­තා­න්තය දක්වා රැක­ව­රණ හා ආර­ක්ෂාව පොලි­සියේ යුතු­ක­මක් බවයි. එසේ පොලි­සි­යට ඒ වැඩේ කරන්න බැරි­නම් එම සියලු සුන­ඛ­යන් උන් වහන්සේ සභා­ප­ති­ත්වය දරන ‘සොබා­ද­හම සඳහා නීතිය’ සංවි­ධා­න­යට බාර දෙන ලෙස ද උන්ව­හන්සේ ඉල්ලා සිටිති.

පොලිස් සුන­ඛ­යන් කියන්නේ අපේ ජන­තාව හා අපේ රට වෙනු­වෙන් මහ මෙහෙ­ව­රක් කරන අපේ කල්‍යාණ මිත්‍ර­යන් පිරි­සක්. රටට කෝටි ගණන් වටිනා මෙහෙ­යක් කරපු නියම කකුල් හතරේ රහස් ‍පරීක්ෂ­ක­යන් ලෙස වැඩ රැසක් කළ මේ අය මැරෙන තුරු සුරැ­කීම අපේ යුතු­ක­මක්.

මෙවැනි පළ­පු­රුදු පොලිස් සුන­ඛ­යන් මිනි­ස­කුට මොන අයු­රි­න්වත් සොයා­ගත නොහැකි අප­රාධ, මත්ද්‍රව්‍ය තොර­තුරු විනාඩි කීප­යක් ඇතු­ළත සොයා ගන්නවා. මේ සතුන් මේ අයු­රින් වෙන්දේසි කර බාහිර අයට ලබා­දීම ජාතික අප­රා­ධ­යක් මෙන්ම ජාතික ආර­ක්ෂා­ව­ටත් තර්ජ­න­යක්.

අද රජය හා පොලි­සිය වහාම කළ යුත්තේ සුන­ඛ­යන් වෙන්දේසි නොකර හා වෙන්දේ­සි­කර දැනට ජීවත්ව සිටින පොලිස් සුන­ඛ­යන් ජීවත්ව සිටි­න­තාක් පහ­සු­කම් සැල­සී­මයි‍. ඒ සම­ඟම තව­දු­ර­ටත් ඒ සුන­ඛ­යන්ට අස­නී­ප­ව­ලට බේත් හේත් ආදිය ද ලබා­දිය යුතු­මයි. එයට ආර­ක්ෂක වන­ජීවි; පශු සම්පත් ආදී අමා­ත්‍යාං­ශ­යත් එක්වී ඒකා­බද්ධ ක්‍රම­වේ­ද­යක් අනුව මේ පොලිස් සුන­ඛ­යන් සුරැ­කිය යුතුයි.

“අපිට ආරංචි වුණා මහ­නු­වර වෙන්දේ­සියේ රුපි­යල් ලක්ෂ­ය­කට වඩා දීලා මිලදී ගත්ත විශාල පොලිස් බල්ලෙක් අරන් ගිහින් තිබෙන්නේ ත්‍රිරෝද රථ­යක දමා­ගෙන බව. ඒ බල්ලා කීකරු නිසා එසේ අරන් යන්න ඇති. මේ වෙන්දේ­සි­යෙන් අරන් යන සතුන් පුදුම දුක් විඳි­නවා. සම­හරු ගෙවල් මුර කර­නවා‍.

සම­හ­රු­න්ගෙන් අමා­නු­ෂික ලෙස පැටව් හදලා විකු­ණ­නවා. සම­හරු කූඩු­වල දමා කන්න දෙන්නෙත් නැහැ. පොලි­සියේ කවු­රු­වත් මේ සතුන් උන්නාද මළා ද කියලා බලන්නේ නැහැ.

ආර­ක්ෂක ලේකම් තුමා මේ සුනඛ වෙන්දේ­සිය නැවැ­ත්වීම පිළි­බඳ අපි සතුටු වෙනවා. ඒත් එතු­මාගේ නියෝ­ගය වැඩ බලන පොලි­ස්පති හරහා ක්‍රියා­ත්මක වුණා ද කිය­ලත් සොයා බැලිය යුතුයි” ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පව­සති. පොලි­සියේ නිල ඇඳුමේ ධර්ම චක්‍රය තිබෙ­නවා. මේ අනුව මේ පොලිස් නිල­ධා­රීන් තම පොලිස් ඇඳු­මට ගරු කිරී­මට නම් මේ පොලිස් සුනඛ වෙන්දේසි වහාම නතර කළ යුතුය. පොලිස් සුන­ඛ­යන්ට කරන සුනඛ වැඩේ නැවැ­ත්විය යුතු බව ද ඕමල්පේ සෝභිත නාහි­මියෝ පව­සති.

 

Comments