ප්‍රේමය, වෛරය සහ මර­ණය | Page 2 | සිළුමිණ

ප්‍රේමය, වෛරය සහ මර­ණය

දේ හවා බුදු බණ අසන බණ, බණ පම­ණක් ම වූ රටක අපි දිවි­ගෙ­ව­මින් සිටිමු. රටේ විවිධ පෙදෙ­ස්ව­ලින් වාර්තා වන එකී අහස පොළොව නුහු­ලන අප­රා­ධ­ව­ලින් පෙනෙන්නෙ පෙර පින­කට මනුස්ස ආත්ම­යක් ලබා මෙලොව එළිය දුටු­වද තිරි­ස­නු­න්ටත් වඩා අන්ත ලෙස මෙලො­වදී ඇතැ­මුන් හැසි­රෙන ආකා­ර­යයි.

මෙකී කතා­න්ද­ර­යද එවන් අම­නුස්ස පාප­ත­ර­යකු සිදු කළ ශෝච­නීය ඛේද­වා­ච­ක­යකි. එම ඛේද­නීය කතා­න්ද­රය දිග හැරෙන්නෙ කෑගල්ල, අල­ප­ලා­වල, වතුර නමැති ග්‍රාම­යෙනි. පසු­ගිය 15 වැනිදා අලු­යම එම ප්‍රදේ­ශයේ 20 හැවි­රිදි නිරෝ­ෂිකා රාජ­පක්ෂ නමැති තරු­ණිය ඇය සමඟ පවුල් කෑ තරු­ණ­යකු විසින් ඝාත­නය කෙරිණි. ඒ, මෙතෙක් අස­න්නට නොලැ­බුණු ආකා­රයේ පාප­තර තිරි­සන් ක්‍රියා­වක් සිදු කර­මිනි. මීට වසර පහ­කට පමණ පෙර නිරෝ­ෂිකා රාජ­පක්ෂ 15 වැනි වියෙහි පසුවූ රූමත් නව යොවුන් දැරි­වි­යකි. නිරෝ­ෂි­කාගේ මාපියෝ ගොවි­තැන් බතින් දුවා දරු­වන් උස්ම­හත් කර­මින් 'වතුර' ප්‍රදේ­ශයේ ජීවත්වූ දුප්පත් අහිං­සක වැසි­යන්ය. නිරෝ­ෂි­කාට බාල සහෝ­ද­ර­යෙක්ද වේ.

2015 වසරේ දිනක් අල­ප­ලා­වෙල ප්‍රදේ­ශ­යට යුද හමුදා කණ්ඩා­ය­මක් පැමි­ණියේ නාය යෑමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස සාදා දීමේ ව්‍යාපෘ­ති­ය­කට සහාය දීම­ටයි. යුද හමුදා සෙබ­ළෙකු වූ හේරත් කුමාර රණ­සිං­හද එම කණ්ඩා­යම සමඟ අල­ප­ලා­වෙ­ලට පැමි­ණි­යහ.

මාතලේ, පල්ලෙ­වෙල ප්‍රදේ­ශයේ අයෙක් වන 28 හැවි­රිදි කුමාර දිනක් නිවාස සෑදීමේ වැඩ කට­යුතු සඳහා යනෙන විට නිරෝ­ෂි­කාව දුටුවේ ඇගේ නිවෙස අස­ල­දියි. දින­ප­තාම පාහේ නිවෙස් සෑදීමේ වැඩට යන කුමා­රට නිවෙසේ සිටින නිරෝ­ෂිකා දැක­ග­න්නට හැකි විණි.

මේ අතරේ කුමා­රගේ සිතෙහි නිරෝ­ෂිකා පිළි­බ­ඳව ආල­යක් හට ගැනුණේ ඔහු­ටත් නොදැ­නී­මයි. දිනක් කුමාර, නිරෝ­ෂි­කාට ඒ බව සැල කර සිටි­යේය. අන­තු­රුව දෙදෙ­නාගේ වයස් පර­ත­රය හෝ වෙනත් කිසිදු බාධා­වන් ගැන නොසිතා ඔවුහු පෙමින් වෙළු­ණහ. එහෙත් පාසල් වියේ පසුවූ ළාබාල යුව­ති­යක් හෙයින් එකී සම්බ­න්ධය පිළි­බ­ඳව වැඩි­හිටි ආශි­ර්වා­දය ලබා ගැනීම ගැට­ලු­වක් බව දෙදෙ­නා­ටම වැට­හිණි.

සාජන් ලාල්, කුමාර රාජ­කාරි කළ යුද හමුදා ඛණ්ඩයේ සිටි අයෙකි. ලාල්ට ද කුමාර විසින් තම ප්‍රේම සම්බ­න්ධය ගැන සැල කර සිටි­යේය. කුමාර ලාල්ගෙන් ආයා­ච­නය කළේ මෙකී සබ­ඳ­තා­වට සහාය දෙන ලෙසයි. ඒ අනුව ලාල් දිනක් නිරෝ­ෂි­කාගේ මාපි­යන් මුණ ගැසී දිය­ණි­යගේ සහ කුමා­රගේ සබ­ඳ­තාව ගැන සියලු තතු පැවැ­සූහ. එහෙත් ඊට ඇගේ, දෙමා­පි­යන් තරයේ විරුද්ධ වී තිබුණේ දිය­ණිය පාසල් වියේ පසු­වන ළාබාල දැරි­වි­යක් වූ හෙයිනි. කෙසේ හෝ කුමන බාධක පැමි­ණි­යද කුමාර සහ නිරෝ­ෂිකා ආල­යෙන් අන්ධ වී සිටි­යහ.

"නිරෝ... ඔයා මාත් එක්ක යන්න එනව ද?" කුමාර දිනක් එසේ ඇය­ගෙන් විම­සීය. ඊට නිරෝ­ෂි­කාද දැක්වූයේ යහ­පත් ප්‍රති­චා­ර­යකි.

ඒ අනුව නිරෝ­ෂි­කාගේ නිවෙසේ කිසි­වෙක් නැති වේලා­වක් බලා නිවෙ­සට පැමිණි කුමාර, නිරෝ­ෂිකා රැගෙන ගියාය. ඒ මාතලේ පල්ලෙ­වෙල පිහිටි කුමා­රගේ නිවෙ­ස­ටයි.

කුමා­රද සහෝ­දර සහෝ­ද­රි­යන් තිදෙ­නෙක් සිටින පවුලේ වැඩි­ම­ලාය. 15 හැවි­රිදි බාල වය­ස්කාර දිය­ණි­යක් හෙයින් දෙදෙනා හට නීත්‍ය­නු­කූ­ලව විවාහ වීමට හැකි­යා­වක් නොවීය. එහෙත් පවුල් ජීවි­තය ගෙන ගියේ මඟුල් ඇඳු­මින් සැරැ­සුණු ඡායා­රූ­පද ලබා ගනි­මිනි.

එලෙස වසර තුනක් පමණ ගෙවිණි. කුමා­රද යුද හමු­දාවේ රාජ­කාරි කර­මින් සුපු­රුදු පරිදි නිවෙ­සට ආ ගියේය. ඒ අතරේ කුමාර සහ නිරෝ­ෂිකා අතර නොසිතූ ලෙස විර­ස­ක­ය­න්ටද මුල පිරිණි. ඊට හේතු වී තිබුණේ කුමා­රගේ ඥාති සහෝ­ද­ර­යකු සමඟ නිරෝ­ෂි­කාගේ අනි­යම් ඇසු­රක් පිළි­බ­ඳව ඔහුට සැල­වී­මත් සම­ඟිනි. කුමාර නිවෙ­සට පැමිණි වාර­යක් පාසාම දෙදෙනා අතර අඬ­ද­බර හට ගැනිණි. එහි අව­සා­න­යක් සිදු­වන්නෙ නිරෝ­ෂිකා කුමා­රගේ ඥාතියා සමඟ ඔහු විසූ දඹුල්ලෙ නිවෙ­සට ගොස් පදිංචි වීමත් සම­ඟිනි.

තමා පණ මෙන් ආද­රය කළ නිරෝ­ෂිකා නොමැ­තිව ළතැ­වෙ­මින් සිටි කුමාර මීට මාස කීප­ය­කට පෙරදී නිරෝ­ෂිකා සොයා දඹුල්ලෙ ඥාති සහෝ­ද­ර­යාගේ නිවෙ­ස­ටද ගොස් තිබිණි. එහිදී ඇතිවූ අඩ­ද­බ­ර­යක් කෙළ­වර වී තිබෙන්නෙ කුමාර විසින් නිරෝ­ෂි­කාට පිහි­ය­කින්ද ඇනී­මෙනි.

ඇය දඹුල්ල රෝහ­ලට ඇතු­ළුව ප්‍රති­කාර ගනි­මින් සිටි­යාය. ඇයට වූ අක­ර­තැ­බ්බය ගැන සැලවූ නිරෝ­ෂි­කාගේ මාපි­යන් දඹුල්ල රෝහ­ලින් ඇයව රැගෙන ගොස් තිබුණේ කෑගල්ල අල­ප­ලා­වෙල නිවෙ­ස­ටයි. අන­තු­රුව සුව­පත් වූ ඇය සිය මව සමඟ බීඩි එතීමේ කර්මා­න්තයේ නිරත වෙමින් නිවෙ­සට වී කල් ගත කළාය.

ඔය අතර කුමාර යුද හමුදා සේව­යෙන්ද පලා­විත් නන්න­ත්තා­රව කාලය ගත­ක­ර­මින් සිටි­යේය. කුමන ප්‍රශ්න පැමි­ණි­යද කුමා­රගේ සිතෙහි නිරෝ­ෂිකා පිළි­බ­ඳව වූ ආලය නිසා­වෙන්ම ඔහු දින­කට දෙතුන් වරක් දුර­ක­ථන ඇමැ­තු­ම්ගෙන නිරෝ­ෂි­කාට කතා කර­න්නට උත්සාහ කෙරිණි. එහෙත් ඒ කිසි­ව­කට ඇය පිළි­තුරු නුදු­න්නාය. දිනක් කුමා­රගේ ඇමැ­තු­ම­කට පිළි­තුරු දුන් ඇයගේ පියා,

"දුව එන්න කැමැති නෑ...‍ කෙල්ලට... ඇගේ පාඩුවේ ඉන්න දීපන්..."

ඊට උරණ වූ කුමා­රද 'රතු කට්ට' පනි­මින් කියා තිබුණේ,

"ඕකිට කියන්න මාත් එක්ක එන්න කියලා... නැත්නම් මං ඕකිව මර­ණවා... මර­ණ­වා­මයි..." කියායි.

තමා කලෙ­කදී පණ මෙන් ආද­රය කළ තැනැ­ත්ති­යගේ ජීවි­තය විනාශ කිරී­මට තරම් කුමා­රගේ සිත දර­දඬු වී තිබුණේ හිත්පිත් නැති එකෙකු විල­සිනි. අන­තු­රුව ඔහු ඒ සඳහා නොයෙක් උප­ක්‍රම ගැන සිත­මින් ළතැ­විණි.

ඉවක්-බවක් නොමැ­තිව නන්න­ත්තාර වෙමින් සිටි කුමාර පසු­ගිය 14 වැනිදා උදෑ­ස­නින්ම අව­දිව මාතලේ සිට කෑග­ල්ලට ඒමට බස් රථ­ය­කට ගොඩවී තිබුණේ නිරෝ­ෂි­කාව ඉව­ර­යක් කරන බවට ඉටා ගනි­මිනි. ඒ සඳහා ඔහු නිවෙ­සින් පිටත්ව තිබුණේ පරණ රෙදි කැබලි කීප­යක්ද රැගෙන අමු­තුම 'ගේම'කට සැරැ­සෙ­මිනි.

එදින අලු­යම කෑග­ල්ලට පැමිණි කුමාර වෙළෙ­ඳ­ස­ල­කට ගොස් ප්ලාස්ටික් බූලි­යක්ද ගැනිණි. ඔහු එම බූලි­යද රැගෙන ගොස් තිබුණේ කෑගල්ල, බුල­ත්කො­හු­පි­ටිය මාර්ගයේ හෙට්ටි­මුල්ලෙ, මාකූරේ පිහිටි ඉන්ධන පිර­වුම් හල­ක­ටයි. ඒ, බූලි­යට පෙට්‍රල් ලබා ගැනී­ම­ටයි. එහෙත් ඉන්ධන පිර­වු­ම්හලේ පෙට්‍රල් නොවීය. පසුව ඊට කිලෝ­මී­ටර් එක­හ­මා­රක් පමණ දුරින් පිහිටි හෙට්ටි­මු­ල්ලට බස් රථ­ය­කින් ගොස් එහි වෙළෙ­ඳ­ස­ල­කින් පෙට්‍රල් බූලි­යක් ගෙන තිබිණි.

කෙසේ හෝ 14 වැනිදා සවස් වන විට කුමාර නිරෝ­ෂි­කාගේ නිවෙස ආස­න්න­යට පැමිණ සැඟවී සිටි බවකි.

අන­තු­රුව 15 වැනිදා පාන්දර තුන­හ­මාර පමණ වෙද්දී නිරෝ­ෂි­කාගේ නිවෙස අස­ලට පැමිණ ඔහු නිවෙසේ විදුලි පේනුව අස­ලට ගොස් විදු­ලිය විසන්ධි කර තිබිණි. එසැ­ණින් කුමාර නිවෙස අසල පස් කණ්ඩි­ය­කට ගොඩවී ඉන් නිවෙසේ වහල මතට ගොඩ වී ඇත. ඒ වන විට නිවැ­සි­යන් මර නින්දේය. නිරෝ­ෂිකා නිදන කාම­රය ගැන දත් කුමාර එම කාම­රයේ වහ­ලයේ උළු කැට­යක් ඉව­ත්කොට බලද්දී දුටුවේ බීඩි ඔත­මින් සිටි නිරෝ­ෂිකා ඇඳ මත නිදා සිටින ආකා­ර­යයි.

රැගෙන ගිය බූලි­යෙන් රෙදි කැබලි පන්ද­ම­කට පෙට්‍රල් වක්කොට ගිනි දල්වා ඇඳ මත නිදා සිටි නිරෝ­ෂි­කාගේ සිරු­රට විසි කෙරිණි. එසැ­ණින් එකී පාප­ත­රයා පෙට්‍රල් බූලි­යම ඇයගේ සිරු­රට දමා පැන ගොස් තිබුණේ අහස පොළොව නුහු­ලන අප­රා­ධ­යක් කර­මිනි.

ඒ අතරේ නිවෙස් වෙනත් කාම­ර­යක නිදා සිටි නිරෝ­ෂි­කාගේ පියා පාන්ද­රම අව­දිව තිබුණේ වෙනත් අව­ශ්‍ය­තා­වක් සඳ­හායි.

"මං නැගි­ටි­න­කොට ගෙදර කරන්ට් එක නෑ... ටෝච් ගහලා බැලුවා. අවට ගෙව­ල්වල ලයිට් තිබුණා. පස්සෙ තමයි මගේ කොල්ල කෑග­හලා කිව්වෙ 'තාත්තෙ අක්කගේ කාමරේ ගිනි ගන්නවා' කියලා..."

ඒත් සමඟ එළි­යට බැස­ගත් නිරෝ­ෂි­කාගේ සහෝ­ද­රයා දැක තිබුණේ නිවෙස ආස­න්නයේ සිට කෙනෙකු දිව යන ආකා­ර­යයි. ඒ කුමාර බව හඳුනා ගැනී­මට ඔහුට හැකි වී තිබිණි. පසුව නිරෝ­ෂි­කාගේ පියා සහ සහෝ­ද­රයා විසින් දැඩි පරි­ශ්‍ර­ම­යක් දරා ගිනි­දැ­ල්ව­ලට මැදිව සිටි නිරෝ­ෂිකා කාම­ර­යෙන් එළි­යට ගෙන කෑග­ල්ල රෝහ­ලට රැගෙන ගොස් තිබිණි. ඒ, ත්‍රිරෝද රථ­ය­කිනි. ඇයව කාම­ර­යෙන් එළි­යට ගැනී­මට යාමේදී නිරෝ­ෂි­කාගේ පියා සහ සහෝ­ද­ර­යාද පිළි­ස්සුම් තුවාල ලැබීය.

මේ අතර කෑගල්ල රෝහල් පොලි­සි­යෙන් එකී අප­රා­ධය ගැන කෑගල්ල පොලි­සිය දැනු­වත් කෙරිණි. එසැ­ණින් කෑගල්ල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරි­ක්ෂක එච්. පී. එන්. කුල­තුංග විසින් ප්‍රදේ­ශය බාර උසස් පොලිස් නිල­ධා­රින්ව දැනු­වත් කර­මින් විම­ර්ශන ඇරැ­ඹීය.

එහිදී අනා­ව­ර­ණය වූයේ මෙකී අප­රා­ධය සිදු­කර ඇත්තෙ කුමාර බවයි. ඒ අනුව කුමාර සොයා කෑගල්ල පොලිස් නිල­ධා­රින් සහ ඔහුගේ නිවෙස පිහිටි පොලිස් බල­ප්‍ර­දේ­ශය වන පල්ලෙ­වෙල පොලිස් නිල­ධා­රින්ද කුමා­රගේ නිවෙස සෝදිසි කෙරිණි. එහි ප්‍රති­ඵ­ලයක් ලෙස පසු­ගිය 16 වැනිදා සවස් යාමයේ කුමාර අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලි­සි­යට හැකි­විණි. ඔහු පොලිස් නිල­ධා­රින් ඉදි­රියේ පාපෝ­ච්චා­ර­ණය කර තිබුණේ,

"මාව අතෑ­රලා එකී අපේම ඥාති­යෙක් එක්ක ගියානේ... සර්... ඒකයි මං මේ දේ කළේ..."

සැක­ක­රුව කෑගල්ල මහේ­ස්ත්‍රාත් චාමර වික්‍ර­ම­නා­යක මහතා ඉදි­රි­යට පැමි­ණ­වී­මෙන් පසු මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කෙරිණි.

සත් දිනක කාල­යක් මාරයා සමඟ කෑගල්ල රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ සය­න­යක් මත සටන් කළ නිරෝ­ෂිකා අවා­ස­නා­වන්ත ලෙස පසු­ගිය 20 වැනිදා පාන්දර මෙලොව හැර ගියේ කෑගල්ල ප්‍රදේ­ශ­යම කම්පා­වට පත් කර­මිනි.

මෙවැනි අප­රාධ සිදු­ක­රන පාප­ත­ර­යන්ට කඩි­නම්ව නීතිය ක්‍රියා­ත්මක කොට දැඩි දඬු­වම් පැමි­ණ­විය යුත්තෙ තවත් අහිං­ස­ක­ය­කුට මෙවැනි අප­රා­ධ­යක් සිදු නොවී­මට හෝ වග­බලා ගැනී­මට 'පාඩ­මක්' කියා දීම­ටයි.

කෑගල්ල දිසා බාර නියෝජ්‍ය පොලි­ස්පති ප්‍රියන්ත චන්ද්‍ර­සිරි සහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි කේ. ඩී. කීර්ති­ර­ත්නගේ උප­දෙස් මත සහ­කාර පොලිස් අධි­කාරි චමින්ද ධර්ම­රත්න මහ­තාගේ අධී­ක්ෂ­ණය මත කෑගල්ල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක එච්.පී.එන්. කුල­තුං­ගගේ මෙහෙ­ය­වී­මෙන් එහි අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඒ.එන්.පී. අනු­ර­පක්ෂ, පොලිස් පරී­ක්ෂක ලිය­නගේ, පො.සැ. (9200) මනෝජ් යන නිල­ධා­රිහු පරී­ක්ෂ­ණ­ව­ලට එක් වූහ.

 

පසු­බිම් තොර­තුරු සහ ඡායා­රූප

බුල­ත්කො­හු­පි­ටිය සමූහ - ඩබ්ලිව්. රෝහණ

Comments