ප්‍රී ෂූට් විකාරේ අලුත්ම නාඩ­ගම | සිළුමිණ

ප්‍රී ෂූට් විකාරේ අලුත්ම නාඩ­ගම

ප්‍රී ෂූට් යනු වර්ත­මා­නයේ විටින් විට කර­ළි­යට එන ජන­ප්‍රිය මාතෘ­කා­වක් බවට පත්වෙ­මින් තිබේ. මංගල උත්ස­වය වෙනු­වෙන් අව­දා­නම් ස්ථාන­වල ප්‍රී ෂූට් හෙවත් පූර්ව ඡායා­රූ­ප­ගත කිරීම් සිදු කර­මින් සිටි­යදී අවා­ස­නා­වන්ත ලෙස අව­සන් ගමන් ගිය සහ අන­තු­රට ලක්වූ පෙම්ව­තුන් ගැන පසු­ගිය දින­වල අස­න්නට ලැබිණ. ප්‍රී ෂූට් ගැන එවැනි ඛේද­නීය කතා අත­රට පසු­ගි­යදා එක් වූයේ තවත් අමුතු කතා­වකි.

ඒ අමුතු ප්‍රී ෂූට් එක සිදු කර තිබුණේ මාතර හක්මන පිහිටි ප්‍රසිද්ධ පාස­ලක් වන මෙතෝ­දිස්ත පාසල් භූමියේ ය. එම රඟ­දැක්මේ නළු නිළි­යන් වී ඇත්තේ යොවුන් ගුරු යුව­ළකි. ගුරු­ව­රයා පාස­ලට අනු­යුක්ත ගුරු­ව­ර­යකු ලෙස සේවය කරන අතර ගුරු­ව­රිය එම පාසලේ සීමා­වා­සි­කව සේවය කළ ගුරු­ව­රි­යකි. පාසල් භූමියේ ක්‍රීඩා පිටිය ඇතුළු විවිධ ස්ථාන­වල රූගත කර තිබූ ඔවුන්ගේ ප්‍රී ෂූට් ඡායා­රූප පිළි­බඳ කතාව රටට හෙළි වූයේ පසු­ගිය 22 වැනිදා පැවති ඔවුන්ගේ විවාහ උත්ස­ව­යෙන් අන­තු­රුව ය. ඒ, විවාහ උත්ස­ව­යට පසු­දින ඔවුන්ගේ ඡායා­රූප ශිල්පියා විසින් එම ප්‍රී ෂූට් ඡායා­රූප ෆේස්බුක් සමාජ ජාල­යට එක්කි­රී­මත් සමඟ ය. එම යොවුන් ගුරු යුවළ ක්‍රීඩා ඇඳු­ම්ව­ලින් සැරසී කෙළි­ලොල් ආකා­ර­යෙන් පාසලේ ක්‍රීඩා පිටිය තුළ ක්‍රීඩා කර­මින් සිටි ඡායා­රූප සමඟ ඔවුන් දෙදෙ­නාගේ තවත් ඡායා­රූප රැසක් ද එම ඡායා­රූප අතර විය. ගුරු යුවළ විසින් පාසල් භූමියේ රූගත කර තිබූ ඡායා­රූප පෙළ ඇස ගැටී­මත් සමඟ හක්මන මෙතෝ­දිස්ත පාස­ලට සම්බන්ධ ගුරු­දෙ­ගු­රු­න්ගෙන් ඒ පිළි­බඳ දැඩි විරෝ­ධ­යක් නැඟෙ­න්නට විය. එම ගුරු­ව­රුන් දෙදෙ­නාම පාසලේ දරු­වන් විසින් ඉතා හොඳින් හඳු­නන බැවින් ඔවුහු එවැනි ක්‍රියා­වක් සිදු කිරීම අනු­චිත බව බොහෝ දෙනාගේ අද­හස විය.

පාසලේ ආදි ශිෂ්‍ය සංග­මයේ සභා­පති ප්‍රසන්න කොඩි­කාර පැව­සුවේ මෙම සිදු­වීම සම්බ­න්ධ­යෙන් කලාප අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­ව­රයා හා දකුණු පළාත් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනු­වත් කිරී­මට කට­යුතු කළ බවයි. ඒ පිළි­බඳ වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් ඔහු මෙසේද කීවේය.

“ඔවුන් පාසලේ නිවාඩු දින­ය­කදී තමයි පාසල තුළ එම ප්‍රී ෂූට් එක කර තිබෙන්නේ. මෙවැනි දෙයක් කිරී­මේදී විදු­හ­ල්ප­තිගේ අනු­දැ­නු­මක් තිබිය යුතුයි. නමුත් අපට එය අනු­මත කර­න්නට බැහැ. පාසල කියන්නේ අනා­ගත පර­ම්ප­රා­වට හොඳ නරක කියා දෙන ආද­ර්ශ­මත් ස්ථාන­යක්. ඒක නාඩ­ගම් මඩු­වක් කරන්න කාට­වත් ඉඩ දෙන්න බැහැ. අපි මේ ගැන අධ්‍යා­පන බල­ධා­රීන්ට දුර­ක­ථ­න­යෙන් පැමි­ණිලි කළා. ලිඛි­තව පැමි­ණිලි කරන්න බලා­පො­රොත්තු වෙනවා. විදු­හ­ල්ප­ති­නි­යට අපි මේ ගැන කීවත් ඇය එය ගණන් ගත්තෙ නැහැ. සාමාන්‍ය දෙයක් කිය­ලයි කිව්වෙ.”

මේ පිළි­බඳ දකුණු පළාත් අධ්‍යා­පන අමා­ත්‍යං­ශයේ ලේකම් වයි. වික්‍ර­ම­සිරි දැක්වූයේ මෙවැනි අද­හ­සකි. “මම මේ සිදු­වීම කිසි ලෙසකින් අනු­මත කරන්නේ නැහැ. ගෙදර කරන වැඩ ෆේස්බුක් එකේ දාලා පහත් තත්ත්ව­යට වැටෙන්න හොඳ නැහැ. මේ බව දැනුම් දුන් අයට මම කිව්වා ලිඛි­තව පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කරන්න කියලා. එහෙම ඡායා­රූප ගත්තත් දිය ඇල්ලක් ළඟ සිප වැලඳ ගන්න ඡායා­රූ­පත් සමඟ එකට දැමීම කොප­මණ හිතන්න ඕනද? දැනට මේ ගැන විභාග කරන්න පැමි­ණි­ල්ලක් ලැබිලා නැහැ. මේක සම්පූර්ණ වැරදි ක්‍රියා­වක්. ”

මුල­ටි­යන කලාප අධ්‍යා­පන කාර්යා­ලය හා දකුණු පළාත් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය මේ පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වනු ලබයි. පාසල තුළ මෙවැනි රූගත කිරී­මට එම ගුරු යුව­ළට අව­සර දුන්නේද යන්න පිළි­බඳ විම­සී­මට දුර­ක­ථන මාර්ග­යෙන් විදු­හ­ල්ප­ති­නිය හෝ නියෝජ්‍ය විදු­හ­ල්ප­ති­නිය ඇම­තී­මට උත්සාහ කළද එය අසා­ර්ථක විය.

මේ සිදු­වීම සම්බ­න්ධ­යෙන් දකුණු පළාත් ආණ්ඩු­කාර ආචාර්ය විලි ගමගේ ගෙන්ද අප විම­සී­මක් කළෙමු. “මේ සිදු­වීම පිළි­බඳ අපේ දැඩි අව­ධා­නය යොමු වෙලා තියෙ­නවා. ඇත්ත­ටම එක වැර­දියි. මෙය බර­ප­තල වර­දක් නොවු­ණත් ගුරු­ව­රුන් විදි­හට එවැනි සංස්කෘ­ති­යක් ඇති කිරීම වර­දක්. ඒ සඳහා පාසල ප්‍රයෝ­ජ­න­යට ගැනී­මත් ඉතාමත් වැරදි වැඩක්. මේ පිළි­බඳ සමාජ කථි­කා­වක් නිර්මා­ණය වෙලා තියෙ­නවා. මේ ගැන අධ්‍යා­පන අමා­ත්‍යං­ශයේ ලේකම්ද සොයා බලා තියෙ­නවා. අපි මේ ගැන සොයා බල­නවා”

අතී­තයේ ගුරු පර­පුර සැල­කුම් ලැබුවේ දේව­ත්ව­යෙනි. අනා­ගත පර­පුරේ නුව­ණැස පාදන ඔවුහු සමා­ජයේ පෙර­ග­මන් කරුවෝ වූහ. එවැනි ගුරු පර­පු­රක් නියෝ­ජ­නය කරන ගුරු­වරු පාසල් භූමි­යේ­දීම එවැනි නාඩ­ගම් ප්‍රී ෂූට් එකක නිරත වනු දකි­න්නට සමා­ජය කිසි­සේත් රිසි­වන්නේ නැත. එම ප්‍රී ෂූට් රංග­නයේ නිරත ගුරු යුවළ යෞව­නයේ පසු­ව­න්නන්ය. එම නිසාම ඔවුන්ට ප්‍රී ෂූට් අකැප නැත. එහෙත් මෙහි වරද ඇත්තේ ඔවුන් ඒ සඳහා ජාතික පාසලක පාසල් භූමිය යොදා ගැනී­මය. එබැ­වින් සුළු­ත­ර­ය­කගේ මෙවැනි ක්‍රියා­කා­ක­රම් ලප් තැනම ලොප් කර ගුරු වෘත්තියේ ගෞර­වය සුර­කි­න්නට බල­ධා­රීන් කට­යුතු කරනු ඇතැයි යන්න ගුරු­දෙ­ගු­රුන්ගේ විශ්වා­ස­යයි.

Comments