නිල ඇඳුමේ ගෞරවය කෙලෙසූ කිරින්දේ පොලිසිය | සිළුමිණ

නිල ඇඳුමේ ගෞරවය කෙලෙසූ කිරින්දේ පොලිසිය

සිද්ධිය පිළිබඳ ඇමැති චමල් රාජපක්ෂ කරුණු විමසමින්
සිද්ධිය පිළිබඳ ඇමැති චමල් රාජපක්ෂ කරුණු විමසමින්

“මහ­ජන මිත්‍ර­ශීලී පොලි­සි­යක්” මැයෙන් දිව­යිනේ සියලු පොලිස් ස්ථාන පසු­ගිය කාලයේ වෙන­ස­කට ලක් කළද සැබෑ­ව­ටම පොලි­සිය මහ­ජන මිත්‍ර­ශීලී ආය­ත­න­යක්ද යන්න දෙතුන් වරක් නොව සිය දහ­ස්වා­ර­යක් සිතා බැලිය යුතු තැනට පත්ව ඇත්තේ ඇතැම් නිල­ධා­රීන් ගේ අශිෂ්ඨ අශී­ලා­චාර ක්‍රියා­ක­ලා­ප­යන් නිසාය. මේ, එවැනි සිදු­වී­මක් පිළි­බඳ අපට අස­න්නට ලැබුණු ආස­න්නත ම සිදු­වී­මකි. කිරින්ද පොලිස් ස්ථාන­යෙන් අස­න්නට ලැබුණු එම ජුගු­ප්සා­ජ­නක සිදු­වීම පිළි­බඳ අමාත්‍ය චමල් රාජ­පක්ෂ ගේ විශේෂ අව­ධා­න­යට යොමු වීමත් සමඟ සිදු­ව­න්නට ගිය මහා අප­රා­ධ­යක් වැළකී තිබේ. මේ, ඒ කතා­වයි.

තිස්ස­ම­හා­රාම හල්මි­ල්ලෑව පදිංචි සිවු දරු පියකු වන 53 හැවි­රිදි ජිනිත් ද සිල්වා මුතු­මාල රජයේ ලියා­ප­දිංචි වැලි ප්‍රවා­හන හිමි­ක­රු­වෙකි. ඔහු සතුව ටිපර් රථ දෙකක් ඇති අතර ඉන් කුඩා ප්‍රමා­ණයේ ටිපර් රථ­යක් පසු­ගිය අගෝස්තු මස 22 දා මාගම සිට තිස්ස­ම­හා­රාම ප්‍රදේ­ශ­යට ධාව­නය වෙමින් තිබුණි. ඒ වන විට වේලාව සවස 4.30ට පම­ණය. ටිපර් රථයේ රිය­දුරු ලෙස කට­යුතු කළේ කෝන්වැ­ලෑනේ රුවන් නමැ­ත්තාය. ටිපර් රථයේ ඉදිරි පස අසුනේ මුතු­මාල ගේ වැඩි­ම­හල් පුතු වන චමිත් මුතු­මා­ලද ගම­නට එක්ව සිටි­යේය. එක­ව­රම ඉදි­රි­යෙන් පැමිණි එම ප්‍රදේ­ශ­යේම වෙනත් අයෙ­කුට අයත් ටිපර් රථ­යක් මුතු­මා­ලගේ ටිපර් රථයේ වද්ද­වා­ගෙන ඉදි­රි­යට ගොස් නැවැ­ත්විණි. අන­තු­රින් කිසි­ව­කු­ටත් හානි­යක් සිදු නොවු අතර වාහන දෙකට ඉතා කුඩා සීරීම් පම­ණක් සිදුව තිබුණි. අලා­භය රුපි­යල් 4000ක් 5000ක පමණ එකකි. අන­තුර පිළි­බ­දව දැන­ගත් වහාම ජිනිත් ද සිල්වා මුතු­මාල ද එම ස්ථාන­යට ගිය අතර අනෙක් පාර්ශ්වය වෙනු­වෙන්ද රිය­දු­රකු පැමිණ තිබේ. දෙපා­ර්ශ්වය අතර කතා­බහ වී සම­ථ­ය­කට වූයේ අන­තු­රට පත් අනෙක් පාර්ශ්වයේ අනු­දැ­නුම මත හා එක­ඟ­තාව මතය. අන­තු­රට පත්වූ අනෙක් පාර්ශ්වය මුතු­මාල සමඟ කලක සිට අම­නා­ප­යෙන් සිටින අයකු වන අතර ඔහු කිරින්ද පොලිස් ස්ථානයේ ස්ථානා­ධි­පති වර­යාගේ හිත­ව­තෙකි.

පහ­ර­කෑ­මට ලක් වු මුතු­මාල සහ  පුතු කසුන් 

එතැන් පටන් සිදු වුයේ කුමක්ද යන්න පිළි­බඳ 53 හැවි­රිදි ජිනිත් ද සිල්වා මුතු­මාල මෙලෙස කීවේය.

“එදා හවස 6.30ට විතර එක සැරේ­ටම කිරින්ද පොලි­සියේ තුන් දෙනෙක් එකක් ජිප් එක­කින් ඇවිත් ටිපර් දෙකයි තාත්තයි පුතාලා දෙන්නයි දැන්ම පොලි­සි­යට දැන්ම එන්න කිව්වා. මම “ඇයි” ඇහු­වම කිව්වා “අන­තු­රක් සිදු­කර පලා­ගොස් කියලා පැමි­ණි­ල්ලක් තියෙ­නවා” කියලා. මම කිව්වා “පොඩි අන­තු­රක් වුණා, අපි කතා­වෙලා සම­ථ­ය­කට පත්වුණා” කියලා. ඒ වෙලාවේ පොලි­සියේ අය කිව්වා “ඒකට කමක් නෑ මේක ඕ.අයි.සී මහ­ත්ත­යගේ නියෝ­ග­යක්. වාහන දෙකත් අරන් දැන්ම පොලි­සි­යට එන්න” කියලා. පසුව මම පොඩි ලොරි­යත් අරන් පුතාලා දෙන්නත් එක්ක පොලි­සි­යට ගියා. ඒ වෙන­කොට වෙලාව රෑ 7ට විතර ඇති. ඒ ගිය ගමන්ම පුතාලා දෙන්නා පොලිස් කූඩු­වට දාලා වැහුවා. මම ඇහුවා “පුතාලා දෙන්නා කූඩු­වට දැම්මේ ඇයි? ඒ අය මේකට කිසි සම්බ­න්ධ­යක් නෑ. අන­තුර වෙන­කොට ටිපර් එක ගෙනි­ච්චෙත් වෙන කෙනෙක්” කියලා. ”හරි හරි ඒක පස්සේ බලා­ගමු. 119 එකෙන් අපට කතා­ක­රලා කිව්වෙ ඒ දෙන්නගේ නම්“ කියලා පොලි­සියේ මහ­ත්ත­යෙක් කිව්වා.

පුතාලා දෙන්නා කූඩු­වට දමලා ඕ.අයි.සී.නව­රත්න මහ­ත්තයා අපි දෙපා­ර්ශ්ව­යම එයාගේ කාම­ර­යට අරන් ගිහින් විස්තර අහලා මට කිව්වා “තමුන් මේ අලා­භය සම්පු­ර්ණ­යෙන්ම ගෙවන්න ඕනේ ”කියලා. මම ඒ වෙලාවේ කිව්වා “සර් මේක මහා අසා­ධා­ර­ණයි.මෙයා ඇවිත් හිතා­ම­තා­මයි හැප්පුණේ.

ඒ විත­රක් නෙමේ 2019 මැයි මාසේ දව­ස­කත් මෙයා මේ විදි­ය­ටම මගේ ටිපර් එක හප්පලා මම පොලිසි ආවම එදා ඔබ­තුමා මට කිව්වා අතින් හදා ගන්න” කියලා. ඊට පස්සේ ඕ.අයි.සී මහ­ත්තයා උදේට ඇවිත් වාහන අරන් යන්න කියලා කූඩුවේ හිටිය පුතාලා දෙන්නව එළි­යට දැම්මා. 23 වැනිදා උදේ මායි මගේ දෙවෙනි පුතා කසු­නුයි පොලි­සි­යට ගියා ටිපර් එක ගේන්න. ඒ ගියාම නව­රත්න මහ­ත්තයා අන­තුර පිළි­බඳ පරික්ෂා කරන්න තියෙ­නවා කියලා වාහ­නය ළඟට ගිහින් මට කිව්වා වාහන දෙකම මෝටර් රථ පරී­ක්ෂ­කට දාලා බලන්න ඕන කියලා. එහෙම කියලා ඕ.අයි.සී. වාහන දෙකේ චැසි නම්බර් පොටෝ අරන් හම්බ­න්තොට මෝටර් රථ පරී­ක්ෂ­කට යවලා විනාඩි 5කින් විතර මට කිව්වා “ඔයා­ලගේ වාහ­නය හොර එකක් කියලා මෝටර් රථ පරී­ක්ෂක එස්. එම්.එස්. එකක් එවලා තියෙ­නවා”කියලා. ඒ වෙලාවේ ඕ.අයි.සී.ට මම කිව්වා “මේ වාහ­නය 2013 වසරේ හලා­ව­තින් ගෙනාවේ.ගෙනාව දවසේ ඉඳන්ම මේකට තවම ලීසින් තියෙ­නවා” කියලා. අපි ගෙදර ඇවිත් නැවත් 24 වැනිදා පොලි­සි­යට ගියා. ඒ යන­කොට හම්බ­න්තොට මෝටර් රථ පරී­ක්ෂක ඇවිත් හිටියා. අනිත් ටිපර් එක වෙනු­වෙන් ඕ.අයි.සී.නව­රත්න මහ­ත්තයා පෙනී හිටියේ. අපේ වාහ­නය බල­න්නත් කලින් මෝටර් රථ පරි­ක්ෂක “ආ මේ අර හොර වාහ­නය නේද” කියලා ඇහුවා. ඒ වෙලාවේ මම ඇහුවා “කොහො­මද සර් බල­න්නෙත් නැතිව මේක හොර එකක් කියන්නේ” කියලා.එත­කොට මෝටර් රථ පරී­ක්ෂක කිව්වා “මට මේක ගැන ඕ.අයි.සී.මහ­ත්තයා කිව්වා කියලා. ඔහු අපේ වාහ­නයේ එන්ජින් අංක බලලා කිව්වා ”මේක අලු­තින් කොටලා වගේ තියෙන්නේ” කිව්වා. මම කිව්වා “එහෙම වෙන්න බෑ” කියලා.ඒ ගමන්ම අනිත් වාහ­නය බැලුවා.ඒ වාහ­නයේ එන්ජින් අංක­යක් තිබු­ණෙම නෑ. මම කිව්වා සර් “හොර වාහ­නය මේකනේ. මගේ වාහ­නයේ ලිය­කි­ය­විලි හරි­ය­ටම තියෙ­න­වානේ” කියලා. “මේක ඒ තරම් ප්‍රශ්ණ­යක් නෙමේ තමුසේ කට­ව­හ­ග­න්නවා” කියලා ඒ වෙලාවේ මට ඕ.අයි.සී.බැන්නා. “වාහන අංක ඇතුළු සිය­ලුම ලිය­කි­ය­විලි තියෙන මගේ වාහ­නයේ ප්‍රශ්ණ­යක් තියෙ­නවා. ඒ මොක­ක්වත් නැති මේ අනිත් වාහ­නය අවු­ලක් නෑ කියන්නේ මේ අසා­ධා­රණ කතාව මොකක්ද සර් ”කියලා මම ඒ වෙලාවේ ඇහුවා.“මේ වාහන දෙකේම ප්‍රශ්ණ තියෙ­නවා.දෙපා­ර්ශ­ව­ය­ටම රුපි­යල් 50,000 බැගින් දඩ ගහන්න කියලා මම ලියලා යනවා” කියලා මෝටර් රථ පරී­ක්ෂක කිව්වා.පස්සේ ඕ.අයි.සී. මට කිව්වා “මේ විදි­යට මට මේ වාහන දෙක නිද­හස් කරන්න බෑ.දෙකම රස පරී­ක්ෂ­කට යව­නවා” කියලා. අපි ගෙදර ආවා.රස පරි­ක්ෂ­කට යව­නවා කිව්ව වාහන දෙකෙන් අපේ එක තියෙද්දී 25දා රෑ ඕ.අයි.සී.අනිත් වාහ­නය මුදා හැරියා. මම 26 වෙනිදා තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී රවීන්ද්‍ර අඹේ­පි­ටිය මහ­තාට මේ ගැන පැමි­ණි­ල්ලක් කළා. එදාම ඕ.අයි.සී. නව­රත්න මහ­ත්තයා කිලි­නො­ච්චිය ප්‍රදේ­ශ­යට ස්ථාන මාරු කළාට පස්සේ පොලි­සියේ වැඩ බැලුවේ රංජන් කියලා මහ­ත්ත­යෙක්. 27දා උදේ මම පොලි­සි­යට ගිහින් රන්ජන් මහ­ත්ත­යා­ගෙන් ඒ ගැන ඇහු­වම කිව්වා “මම වැඩ කරන්නේ මට ඕන විදි­යට මිසක් තමු­සෙට ඕන විදි­යට නෙමෙයි.මගේ බල­තල අනුව මම ඒ වාහනේ යැව්වා” කිව්වා. පසුව මට දැන­ගන්න ලැබුනා නව­රත්න මහ­ත්තයා ට්‍රාන්සර් යන්න කලින් ඒ ටිපර් එක නිද­හස් කරලා කියලා.”

ඒ අත­රේදී මුතු­මා­ලගේ එක් පුත­කුට ඔවුන්ගේ රිපර් රථයේ ගැටුණු අනෙක් ටිපර් රථයේ අයි­ති­කරු තර්ජ­නය කර ඇත්තේ ඔවුන්ගේ රිපර් රථය රාජ­ස­න්තක කරන බව­ටය. ඒ අනුව මුතු­මා­ලගේ පුතු එදි­නම කිරින්ද පොලි­සි­යට ඒ පිළි­බඳ පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර ඇති අතර පැමි­ණිල්ල විභාග කිරී­මට පොලි­සි­යට පැමි­ණෙන ලෙස දක්වා තිබේ. ඒ අතර කිසි­යම් අව­ශ්‍ය­තා­ව­කට පොලි­සි­යට ගිය මුතු­මා­ලගේ හිත­ව­තකු දැක ඇත්තේ පොලි­සිය බාස් කෙනෙකු ගෙන්වා ඔවුන්ගේ වාහ­නයේ කිසි­වක් කර­මින් සිටින බවයි.

“අපි යද්දි පොලි­සියේ ගේට්ටු­වත් වහලා තිබුණේ. මම කෑග­හ­ගෙන ගියා නඩු භාණ්ඩ­යක් කියලා තියා­ගෙන වාහ­නේට මේ මොකද කරන්නෙ කියලා. එත­කොට කිව්වා ඕ.අයි.සී මහ­ත්තයා කිව්වා කියලා ස්ටාට් වෙන­වද කියලා බලන්න කිව්වා කියලා. වැඩ බලන ඕ.අයි.සී මහ­ත්තයා අපිට ගෙදර ගිහින් හවස 4ට එන්න කිව්ව නිසා හවස 4ට මම කසුන් පුතා එක්ක පොලි­සි­යට ගියා. ඒ ගිහින් ටික වෙලා­වක් ඉන්න­කොට වැඩ­බ­ලන ඕ.අයි.සී. මහ­ත්තයා ඇවිත් මාවයි පුතා­වයි කාම­ර­ය­කට අරන් ගිහින් දොර වැහුවා. එතැන තව නිල­ධා­රීන් 7ක් හිටියා”

එහිදී මුතු­මා­ල­ටත් කසු­න්ටත් සිදු වූයේ වැඩ­බ­ලන පොලිස් ස්ථානා­ධි­ප­තිගේ සහ අනෙක් නිල­ධා­රීන්ගේ ගුටි පූජා­ව­කට ලක්වී­මට ය.

“ගහලා ඉවර වෙලා මට වැඩ බලන ඕ.අයි.සී. කිව්වා මේ වාහ­නය මම රාජ­ස­න්තක කර­නවා.ගෙදර තියෙන ටිපර් එකත් උබලා විකු­ණන්න ඕනේ.ආයේ වැලි බිස්නස් කළොත් ගෙද­රට කුඩුයි බෝම්බයි දාලා බෝම්බ බලන්න ආව විදි­යට ඇවිත් උබ­ලට වෙඩි තිය­නවා කියලා බනින ගමන් හොඳ­ටම ගැහුවා. ඊට­පස්සේ අපි දෙන්නව කූඩු­වට දැම්මා.ටික වෙලා­ව­කින් ආයෙත් මාව නිරු­වත් කරලා පහර දුන්නා. වැඩ බලන ඕ.අයි.සී. මහ­ත්තයා අනිත් නිල­ධා­රීන්ට මගෙ කකුල කඩන්න කිව්වත් ඒ අය කිව්වා අනේ සර් ඒක නම් කරන්න බැහැ කියලා. ”

පිය පුතු දෙදෙනා පොලි­සි­යෙන් පහර කෑමට ලක්ව සිටින බව දැන­ගෙන නිවැ­සි­යන් පොලි­සි­යට පැමි­ණි­යද ඔවු­නට ඒ සඳහා ඉඩ නොලැ­බුණ බැවින් ඔවුන් වහාම ඇමති චමල් රාජ­ප­ක්ෂට ඒ බව දැනුම් දී තිබේ. ඇම­ති­ව­රයා ඒ පිළි­බඳ සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­යාට දැනුම් දීම නිසා තමාගේ දිවි ගැල­වුණු බව මුතු­මාල පැව­සීය. ඒ වන විට පහ­ර­කෑ­මෙන් අසාධ්‍ය තත්ත්ව­යට පත් මුතු­මාල සහ කසුන් සුව­සැ­රිය ගිලන් රථ­ය­කින් දෙබ­ර­වැව රෝහ­ලට යැවුණු අතර මුතු­මාල එතැ­නින් හම්බ­න්තොට මහ රෝහ­ලට යැවිණ.එහෙත් පොලි­සියේ ඉල්ලීම මත හම්බ­න්තොට මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ වැඩ­බ­ලන මහේ­ස්ත්‍රාත් ආරි­ය­සේන විසින් මුතු­මාල සහ පුතු කසුන් පසු­ගිය 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කෙරිණ.

පසු­ගිය දා තිස්ස­ම­හා­රාම යටාල රජ­මහා විහා­ර­ස්ථා­න­යේදී පැවති ජනතා ගැටලු විස­ඳීමේ ජංගම සේව­යට ඇමති චමල් රාජ­පක්ෂ පැමිණි අව­ස්ථා­වේදී මුතු­මාල තමන්ට අත්වි­ඳී­මට සිදුවු අසා­ධා­ර­ණය සම්බ­න්ධ­යෙන් කරුණු කීවේය. ඒ අව­ස්ථා­වේ­දීම ඇම­ති­ව­රයා පොලි­සියේ උසස් නිල­ධා­රීන් අමතා එම සිදු­වීම පිළි­බඳ කඩි­නම් පරී­ක්ෂ­ණ­යක් පවත්වා වාර්තා­වක් ලබා­දෙන ලෙස නියෝග කළේය.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් තංගල්ල පළාත බාර නියෝජ්‍ය පොලි­ස්පති ඩී.ජගත් පලි­හ­ක්කාර මහ­තා­ගෙන් කළ විම­සී­මේදී ඔහු පැව­සුවේ එම අමා­නු­ෂික පහර දීම සම්බ­න්ධ­යෙන් සහ­කාර පොලිස් අධි­කා­රි­ව­ර­ය­කුගේ ප්‍රධා­න­ත්ව­යෙන් පුළුල් පරි­ක්ෂ­ණ­යක් ආරම්භ කර අදාළ සිදු­වීම සම්බ­න්ධ­යෙන් මූලික ප්‍රකාශ ලබා­ගත් බවයි. වැඩි­පුර ප්‍රකාශ ලබා ගැනී­මෙන් පසු වැරදි කරු­වන්ට දඬු­වම් කිරී­මට පිය­වර ගන්නා බවත් මේ වන පහර දීම සිදු­කළ බව කියන පොලිස් නිල­ධා­රියා වෙනත් ස්ථාන­ය­කට මාරු­කර යැවී­මට කට­යුතු කර තිබෙන බවද හෙතෙම සඳ­හන් කළේය.

 

Comments