දිනෙන් දින උණුසුම් වන මාතලේ දේශපාලනය | සිළුමිණ

දිනෙන් දින උණුසුම් වන මාතලේ දේශපාලනය

මාතලේ දේශ­පා­ල­නය පසු­ගිය සති­යේදී යම් උණු­සුම් බවක් දක්නට ලැබුණේ විප­ක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂ­යේද දේශ­පා­ල­න­ඥ­යන්ගේ ක්‍රියා කලා­පය හේතු­වෙනි. ඒ, පසු­ගි­යදා පැවති පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී විප­ක්ෂ­යට හිමි එක් අසු­නක් වෙනු­වෙන් නැවත මානප ගණන් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී රංජිත් අලු­වි­හාරේ විසින් නඩු­වක් ගොනු කිරී­මත් සම­ඟය.

මාතලේ දිස්ත්‍රි­ක්කය සඳහා සමගි ජන බල­වේ­ගය පක්ෂ­යෙන් තරග කොට තේරී පත් නොවූ අපේ­ක්ෂ­ක­යකු වන හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලු­වි­හාරේ එම පෙත්සම ඉදි­රි­පත් කර­මින් කියා සිටියේ ඉකුත් මහ මැති­ව­ර­ණ­යේදී සමගි ජන බල­වේ­ගය පක්ෂ­යෙන් මාතලේ දිස්ත්‍රි­ක්කය සඳහා තරග වැදුණු අපේ­ක්ෂ­ක­යන්ගේ මනාප ඡන්ද ගණ­නය කිරී­මේදී අක්‍ර­මි­කතා සිදු වූ බවය. එම පෙත්සම පසු­ගිය (17) දා අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ සභා­පති විනි­සුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජ­ක­රුණා යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විනි­සුරු මඬුල්ල ඉදි­රියේ සලකා බැලීම සිදු­කෙ­රුණි.

පෙත්සම විභාග කිරී­මට තීර­ණය කළ අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල මීට අදා­ළව නොවැ­ම්බර් මස 05 වැනිදා අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා එහි වග­උ­ත්ත­ර­ක­රු­වන් ලෙස මාතලේ දිස්ත්‍රික් මැති­ව­රණ තේරීම් භාර නිල­ධා­රියා, ප්‍රධාන ගණන් කිරීමේ නිල­ධා­රියා, මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය ඇතුළු එහි සාමා­ජි­ක­යන්, මාතලේ දිස්ත්‍රි­ක්කයේ සමගි ජන බල­වේ­ගය පක්ෂ­යෙන් තේරී පත්වී සිටින පාර්ලි­මේන්තු මන්ත්‍රිනී රෝහිණී කවි­රත්න ඇතුළු 14 දෙනෙකු නම් කර­මින් ඔවුන් වෙත නොතිසි නිකුත් කරන ලෙසද නියෝග කළහ.

මේ පිළි­බඳ අද­හස් දක්ව­මින් සමගි ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රිනී රෝහිණි කවි­රත්න කියා සිටියේ ජන­තාව විසින් වැඩි ඡන්ද­යෙන් තමන් තෝරා ගෙන ඇති බවත් රාජ්‍ය සේව­ක­යන් නිවැ­ර­දිව අප­ක්ෂ­පා­තිව තම වග­කිම් ඉටු කර ඇති බවට තමා විශ්වාස කරන බවත්ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ­යට මාතලේ දිස්ත්‍රි­ක්කයේ බලය හිමිව තිබූ එකම පළාත් පාලන ආය­ත­නයේ බලය ද පසු­ගි­යදා අහිමි වූයේ නග­රා­ධි­පති ඩල්ජිත් අලු­වි­හා­රේගේ ධුරය තාව­කා­ලි­කව අත්හි­ටුවා එහි වැඩ බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩු­කාර ලලිත් ගමගේ මහතා විසින් නියෝජ්‍ය නග­රා­ධි­පති සන්ද­නම් ප්‍රකාශ්ට බලය පැව­රීම හේතු­වෙනි.

පැවති පළාත් පාලන මැති­ව­ර­ණ­යේදි එක්සත් ජාතික පක්ෂ­යට සභි­ක­ධුර 09ක්ද ශ්‍රි ලංකා පොදු­ජන පෙර­මු­ණට සභික ධූර 06ක්ද එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යට මන්ත්‍රි­ධුර 04ක්ද එක­මුතු ප්‍රග­ත­ශිලි සන්ධා­න­යට මන්ත්‍රි­ධු­ර­යක් සහ ජනතා විමුක්ති පෙර­මු­ණට එක් මන්ත්‍රි­ධු­රය බැගින් ද හිමි­විය.

මාතලේ මහ නගර සභාව

මෙහිදි නග­රා­ධි­ප­ති­ව­රයා තේරි­මේදි එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යෙන් තරග වැද පරා­ජ­යට පත් වි නැවත ලැයි­ස්තු­වෙන් තේරි පත්වු සන්ද­නම් ප්‍රකාශ් මහ­තාගේ සහය හිමි වුයේ ඩල්ජිත් අලු­වි­හා­රේ­ටය.

පැවති පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී එක්සත් ජාතික පක්ෂ­යට සභික ධුර 9ක්ද ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මු­ණට සභික ධූර 06ක්ද එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යට මන්ත්‍රී ධුර 4ක්ද එක­මුතු ප්‍රග­ත­ශිලි සන්ධා­න­යට සහ ජනතා විමුක්ති පෙර­මු­ණට එක් මන්ත්‍රී ධුරය බැගින්ද හිමි විය.

එහිදී නග­රා­ධි­ප­ති­ව­රයා තේරී­මේදී එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යෙන් තරග වැද පරා­ජ­යට පත් වී නැවත ලැයි­ස්තු­වෙන් තේරී පත්වූ සන්ද­නම් ප්‍රකාශ් මහ­තාගේ සහාය හිමි වූයේ ඩල්ජිත් අලු­වි­හා­රේට ය. සන්ද­නම් ප්‍රකාශ් මහතා නියෝජ්‍ය නග­රා­ධි­ප­ති­ව­රයා බවට පත් විය.

කාල­යක් ගත­වද්දී නග­රා­ධි­ප­ති­ව­රයා සහ එම පක්ෂයේ ම මන්ත්‍රී­ව­රුන් අතර විවිධ අව­ස්ථා­ව­ලදී විවිධ ගැටුම් ඇති විය. නියෝජ්‍ය නග­රා­ධි­ප­ති­ව­රයා ඇතුළු මන්ත්‍රී­ව­රුන් සමඟ නග­රා­ධි­ප­ති­ව­රයා විසින් විවිධ අව­ස්ථා­ව­ලදී තර්ක­වි­තර්ක ඇති­කර ගැනීම හේතු­වෙන් අය වැය ලේඛ­න­යද පරා­ජ­යට පත් කිරී­මට නියෝජ්‍ය නග­රා­ධි­ප­ති­ව­රයා ඇතුළු මන්ත්‍රී­වරු කට­යුතු කළහ.

නග­රා­ධි­ප­ති­ව­ර­යාට විරෝ­ධය පළ කර­මින් මන්ත්‍රී­ව­රුන් අවස්ථා ගණ­නා­ව­කදී ම උද්ඝෝ­ෂණ හා විරෝ­ධතා පැවැත් වූ අතර මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩු­කා­ර­ව­රුන් වෙත අවස්ථා ගණ­නා­ව­කා­වදී ම පැමි­ණි­ලිද ඉදි­රි­පත් කළහ.

මාතලේ මහ නගර සභාවේ නග­රා­ධි­පති ඩල්ජිත් අලු­වි­හාරේ සහ මන්ත්‍රී මණ්ඩ­ලය සමඟ පැවැති එම අර්බු­ද­කාරි තත්ත්වය නිමා කර­මින් පසු­ගි­යදා මධ්‍යම පළාත් ආණ්ඩු­කාර නීතිඥ ලලිත් යු. ගමගේ විසින් නග­රා­ධි­ප­ති­ව­ර­යාගේ සේවය තාව­කා­ලි­කව අත්හි­ට­වනු ලැබීය.

මධ්‍යම පළාත් ආණ්ඩු­කාර ලලිත් යූ ගමගේ ට පැවරී ඇති බල­තල අනුව 2020 අගෝස්තු 25 වන දින අංක 2190/24 දරන අති විශේෂ ගැසට් නිවේ­ද­න­යක් මඟින් මෙම සේවය අත්හි­ටු­වීම සිදු කර ඇති අතර මාස 3ක කාල­සී­මා­වක් ඇතු­ළත පරි­ක්ෂා­කර කරුණු වාර්තා කිරී­මට කොමි­ස­මට බල­තල ලබා දී ඇත. නග­රා­ධි­පති පිළි­බද එම විම­ර්ශ­න­යට විශ්‍රාම ලත් අධි­ක­රණ නිල­ධා­රිනී සරෝ­ජනි කුසලා වීර­ව­ර්ධන පත්කර තිබේ.

ඒ අනුව 1989 අංක 12 දරන පළාත් සභා ( අනු­සාං­ගික විධි­වි­ධාන) පනත 02 යටතේ 02 නන වග­න්තිය සමග කිය­විය යුතු සංශෝ­ධිත මහ නගර සභා ආඥා පනත යටතේ (252 අධි­කා­රිය) 277 (i) ( ආ) ( අ) මෙම නියෝ­ගය ආණ්ඩු­කා­ර­ව­රයා විසින් නිකුත් කර ඇත.

මාතලේ මහ නගර සභාවේ දැනට නියෝජ්‍ය ධුර­යෙහි කට­යුතු කරන සන්ද­නම් ප්‍රකාශ් මාතලේ මහ නගර සභාවේ නග­රා­ධි­ප­ති­ව­ර­යාගේ කාර්ය­යන් ඉටු කිරී­මට හා බල­තල ක්‍රියා­ත්මක කිරී­මට සන්ද­නම් ප්‍රකාශ් ට බලය පවරා තිබේ.

ලියා­ප­දිංචි නොකළ ගිවි­සු­මක් යටතේ කුලී පද­නම මත පෞද්ග­ලික සමා­ග­ම­කට ලබා දී ඇති නග­රා­ධි­ප­ති­ව­රයා නමින් ලියා­ප­දිංචි කර ඇති සී. පී. කේ. ඩී. 8627 ජිප් රථය නග­රා­ධි­ප­ති­ව­ර­යාගේ නිල රථය ලෙස කුලී පද­නම මත ලබා ගැනීම, තාක්ෂ­ණික කමි­ටුවේ අනු­මැ­තිය ලබා නොගෙන විථි ලාම්පු මිලදී ගෙන මුදල් අව­භා­විත කිරිම, මාතලේ පාරා­වත්ත ප්‍රදේ­ශයේ නගර සභා­වට අයත් ඉඩ­මක් සොයා බැලී­ම­කින් තොරව සමා­ග­ම­කට බදු දීම, පළාත් ආණ්ඩු­කා­ර­ව­ර­යා­ගෙන් අනු­මැ­ති­යෙන් තොරව රිය­දු­රකු බඳවා ගැනීම, මාතලේ රජයේ විද්‍යා විද්‍යා­ලය අසළ කඩ කාමර නග­රා­ධි­ප­ති­ව­ර­යාගේ අනු­මැ­තිය මත තෝරා­ගත් පිරි­ස­කට ලබා දීම, මාතලේ ළමා උද්‍යා­නය අසළ ආපන ශාලාව කමිටු හෝ මහ සභා තීර­ණ­යක් නොමැ­තිව අභි­ම­තය පරිදි පව­ත්වා­ගෙන යෑමට ඉඩ­දීම යන චෝදනා එල්ල කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩු­කාර නීතිඥ ලලිත් යු ගමගේ පැව­සුවේ නග­රා­ධි­ප­ති­ව­ර­යාට එල්ල වී ඇති චෝදනා විම­ර්ශ­නය සිදු කිරීම සඳහා කොමි­ෂන් සභා බලය ඇති ඒක පුද්ගල කොමි­ස­මක් පත් කළ බවත් මාස තුන­කට නග­රා­ධි­ප­ති­ව­ර­යාගේ සේවය තාව­කා­ලි­කව අත්හි­ටවු බවය. අදාළ කොමි­සම විම­ර්ශ­නය කිරී­මෙන් අන­තු­රුව වාර්තාව තමා වෙත ලබා දීමට නිය­මිත බවද සඳ­හන් කළේය.

සේවය අත්හි­ටු­වී­මට ලක්ව සිටින නග­රා­ධි­පති ඩල්ජිත් අලු­වි­හාරේ ගෙන් අප මේ පිළි­බඳ විම­සී­මක් කළෙමු.

“නග­රා­ධි­පති ධුරය අත්හි­ටු­වී­මට ගත් තීර­ණය දේශ­පා­ලන පළි­ගැ­නී­මක්. මම ඒ ගැන කන­ගාටු වෙනවා. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සෞභා­ග්‍යයේ දැක්ම ක්‍රියා­ත්මක කරන්න අද තුනෙන් දෙකක් ලැබිලා තිබෙ­නවා. මේ තුනෙන් දෙකේ ප්‍රති­ඵ­ලය මත තමයි මේ දේශ­පා­ලන පළි­ගැ­නී­ම්ව­ලට අප ලක් කර තිබෙන්නේ. මාතලේ මහ නගර සභාවේ පම­ණයි මේ දිස්ත්‍රි­ක්කයේ එජා­පය ජය­ග්‍ර­හ­ණය කළේ. මම පත් වුණේ ජනතා ඡන්ද­යෙන්. නමුත් ආණ්ඩු­කා­ර­ව­රයා බලය අති­ක්‍ර­ම­ණය කර­මින් ගැසට් නිවේ­ද­න­යක් නිකුත් කර තිබෙ­නවා. මම මහා­ධි­ක­ර­ණයේ නඩු­වක් ගොනු කර තිබෙ­නවා. නීති­යට පට­හැ­නිව කට­යුතු කර තිබෙ­නවා. කුරු­ණෑ­ගල නග­රා­ධි­පති වැරදි කර­ලත් අද එළියේ ඉන්නවා. මම වැරදි කරලා නැහැ. අපි නිවැ­ර­දිව වැඩ කර­ලත් අපට බොරු චෝදනා එල්ල කර­නවා. අපි බය නැහැ. ජන­තා­වට සේවය කරලා තිය­නවා. මේක තනි­ත­රම දේශ­පා­ලන පළි­ගැ­නී­මක්. ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ල­නවා මාත­ලේට විම­ර්ශ­න­යක් කණ්ඩා­ය­මක් එවන්න. මම මහ සභා අනු­මැ­තිය යටතේ සභා තීන්දු අනුව තමයි වැඩ කරලා තියෙන්නේ. මගේ අභි­ම­තය පරිදි කිසි දෙයක් කරලා නැහැ. රජයේ විග­ණන අනුව අපි නිවැ­රදි කියලා තිබෙ­නවා. මම බය නැතිව කිය­නවා, මම අධි­භාර කරලා නැහැ. විම­ර්ශ­න­යක් කරලා වැරදි කරලා තියෙ­නවා නම් සිර­ගත කරන්න කියා ඉල්ල­නවා.”

මේ අතර පසු­ගිය දිනෙක මාතලේ දිස්ත්‍රි­ක්කයේ රාජ්‍ය සේව­ක­යන් වෙනු­වෙන් මාතලේ ඇම්.සී. පාර ප්‍රදේ­ශයේ ඉදි­කළ නිල නිවාස සංකී­ර්ණය සේවක අයි­ති­යට පැව­රිමේ උත්ස­ව­යට මාතලේ දිස්ත්‍රි­ක්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ට ආරා­ධ­නය නොකි­රීම සම්බ­න්ධ­යෙන් විරෝ­ධය පළ කිරී­මත් සමඟ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී­ව­රුන්ගේ බෙදීමේ ස්වාභ­යක් පෙන්නුම් කර අයුරු දක්නට ලැබුණි. මාතලේ දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී (පො.පෙ) නාලක බණ්ඩාර කෝට්ටේ­ගොඩ විසින් තනි­වම ගොස් මෙම නිල නිවාස සංකි­ර්ණය ජනතා අයි­ති­යට පත් කළ අතර එයට ආරා­ධ­නය නොකි­රීම සම්බ­න්ධ­යෙන් අනෙක් මන්ත්‍රී­ව­රුන්ද තම විරෝ­ධය පළ කළහ. මෙම නිවාස සංකී­ර්ණයේ නිවාස ඒකක 6කින් සම­න්විත වන අතර ඒ සඳහා රජය විසින් දරා ඇති විය­දම රුපි­යල් මිලි­යන 39කි.

ආරා­ධ­නය නොකි­රීම සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්න­කොන් කියා සිටියේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්න­කෝන් ට කිසිදු ආරා­ධ­නා­වක් සිදු නොකි­රීම සම්බ­න්ධ­යෙන් කන­ගා­ටුව වන බවත් මෙවැනි දේ සිදු වීම කිසි­සේත් අනු­මත කළ නොහැකි බවත්ය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි­ව­ර­යකු වන රෝහණ දිසා­නා­යක ගෙන් මේ පිළි­බඳ විම­සී­මේදි කියා සිටියේ තමාට කිසිදු ආරා­ධ­නා­වක් සිදු නොකළ බවත් තමන් මේ පිළි­බඳ මාතලේ මහ දිසා­ප­ති­ව­රයා දැනු­වත් කළ බවත් ය. මේ පිළි­බ­ඳව මාතලේ මහ දිසා­පති කරු­ණා­සිරි පෙරේරා කියා සිටියේ මෙම නිවෙස් හිමි රාජ්‍ය සේව­ක­යන්ට හිමි යතුරු ආදිය මිට සති දෙක­කට පෙර බාර දුන් බවත් 21 වැනිදා ඔවුන් තේ පැන් සංග්‍ර­හ­යක් සූදා­නම් කර තමාට ආරා­ධ­නය කළ බවත් තමන් එයට සහ­භාගි නොවු බවත් ය. විවෘත කිරීම සඳහා සමරු ඵලක ආදිය සකස් කර නොතිබු බවද හෙතෙම පැව­සීය.

දිසා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේ පසු­ගිය කාලයේ තමා විසින් ස්වදේශ කට­යුතු හා රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යං­ශය මගින් මෙම නිල නිවෙස් ඉදි­කි­රිම සඳහා සැල­සුම් සකස් කර අමා­ත්‍යං­ශ­යට ඉදි­රි­පත් කර මුදල් අනු­මත කර­වා­ගෙන මෙම නිවෙස් ඉදි කළ බවද ඔහු පැව­සිය.

මේ පිළි­බ­ඳව කමිටු සභා­පති පාර්ලි­මේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කොට්ටේ­ගොඩ පැව­සුවේ පසු­ගිය රජය සමයේ දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමි­ටුවේ තීරණ සහ අමා­ත්‍යංශ ප්‍රති­පා­දන අනුව මෙම නිල නිවෙස් ඉදි­කර ඇති බවත් ඒ අනුව කමි­ටුව මගින් සිදු කළ සංව­ර්ධන යෝජනා ක්‍රම විවෘත කිරී­මක් සිදු කළ බවය

කෙසේ වෙතත් දිව­යිනේ අනෙ­කුත් නගර දෙස බැලී­මේදී සංව­ර්ධ­න­යක් සිදුව නොමැති බව මාතලේ ඉති­හා­සය ගැන දන්නා පිරි­සට අමු­තු­වෙන් මතක් කළ යුතු නොමැති අතර දේශ­පා­ලන පිල් බෙදි­ම්ව­ලට හසුව ඇති මාතලේ සංව­ර්ධ­නය ඉදි­රි­යට රැගෙන යෑම මාත­ලේට ආදරේ ඇති සියලු මහ­ජන නියෝ­ජි­ත­යන්ගේ වග­කීම හා යුතු­කම වන බව මතක් කළ යුතු­මය.

 

Comments