ජීවි­ත­යම රැග් කරන කැම්පස් ‘රැග්’ | සිළුමිණ

ජීවි­ත­යම රැග් කරන කැම්පස් ‘රැග්’

“මෙතන ඉඳලා අර පේන මල් රවුම ගාවට යන­කල් පස්ස පැත්තෙන් ලිය­පිය නම. මේ අහගං, පාර රූල විදි­හට හිතපං. රූල පිරෙන්ඩ අකුරු ලියන්න ඕනෑ. ලියන අකුරු මට තේරෙ­න්නත් ඕනෑ. ලියන ගමං තෝ ඒවා හයි­යෙන් කියන්ඩ ඕනෑ. අන්තිම අකුර මල් රවුම ළඟින් ඉවර වෙන්න ඕනෑ” යනු­වෙන් විශ්ව විද්‍යා­ල­යට පිවි­සෙන නව­ක­යන්ට නව­ක­ව­දය දෙන අයුරු සඳ­හන් වී තිබුණේ සරත් විජේ­සූ­රි­යගේ ‘තක්ස­ලාවේ නිය­ඟය’ කෙටි­ක­තා­වේය.

 

තක්ස­ලාවේ නිය­ඟය කෙටි­ක­තාව මගේ මත­ක­යට නැගුණේ කාල­යෙන් කාල­යට හිස ඔස­වන සර­සවි නව­ක­ව­දය නැව­තත් කර­ළි­යට පැමි­ණී­මත් සම­ඟිනි. මෙවර එය වාර්තා වන්නේ පේරා­දෙ­ණිය සර­ස­වියේ ඉංජි­නේරු පීඨ­යෙනි. ඉංජි­නේරු පීඨයේ 2 වැනි වසරේ සිසුන්ගේ අධ්‍ය­යන පාඨ­මා­ලාව පසු­ගිය 16 වැනිදා සිට තාව­කා­ලි­කව නවතා දමා තිබෙන්නේ දෙවැනි වසරේ සිසුන් පළමු වසරේ සිසුන්ට නව­ක­ව­දය දීමේ සිදු­වීම් සලකා බැලී­මෙන් පසු­වය. දෙවැනි වසරේ සිසුන්ට නේවා­සි­කා­ගා­ර­ව­ලින් පවා ඉවත් වන ලෙස දන්වා ඇති අතර පළමු වසරේ සිසුන්ට සහ දෙවැනි වසර හැර සෙසු අධ්‍ය­යන වර්ෂ­වල සිසුන්ට අධ්‍ය­යන කට­යුතු සාමාන්‍ය පරිදි පැවැත්වේ.

නව­ක­ව­දය හෙවත් ‘රැග්’ හේතු­වෙන් සර­සවි වසා දැමුණු අවස්ථා අපට අස­න්නට ලැබෙන්නේ වරක් දෙව­රක් නොවේ. වර්ත­මා­නයේ එය සාමාන්‍ය සිද්ධි­යක් බවට පත්වී ඇත. සිදු­වන එකම වෙනස එය පේරා­දෙ­ණිය, කැල­ණිය, රුහුණ, සබ­ර­ග­මුව, වයඹ, රජ­රට යනාදී වශ­යෙන් වෙන­ස්වීම පමණි.

ලංකාවේ විශ්ව­වි­ද්‍යාල ආර­ම්භ­යත් සමඟ ‘රැග්’ හෙවත් නව­ක­ව­දය දක්නට ලැබුණ බව වාර්තා වුවත් එකල ලබා­දුන් නව­ක­ව­දය අමා­නු­ෂික නොවූ බව පැරැ­න්නන්ගේ මත­යයි. නොගැ­ළ­පෙන වර්ණ­ව­ලින් සාරි හා හැට්ට ඇඳීම, ටයි පටිය බෙල්ල පිටු­ප­සට කර ගැට ගැසීම, පොත් හිස මත තබා­ගෙන යෑම, සපත්තු කරේ එල්ලා­ගෙන යෑම, නාට්‍ය ජව­නි­කා­වක් රඟ­දැ­ක්වීම වැනි නව­ක­වද තුළින් එදා ජ්‍යෙෂ්ඨ­යන් මෙන්ම නව­ක­යන් ද විනෝ­දා­ස්වා­ද­යක් ලබා තිබේ.

“මම පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට ගියේ 1957 දී. ඒ කාලේ මට රැග් එකට දුන්නේ ගීත­යක් ගායනා කරන්න. ඉතින් මම මේසය උඩ නැගලා ප්‍රේම­යෙන් මන­රං­ජිත ‌ෙව් ගීතය සම්පූ­ර්ණ­යෙන් ගායනා කළා. මම කියපු සින්දුව අහපු ජ්‍යෙෂ්ඨ­යන් කිව්වා මූ නම් කව­ද­හරි ෆ’ස්ට් ක්ලාස් එකක් ගහ­නවා කියලා” යනු­වෙන් එදා තිබූ නව­ක­ව­දය ගැන සිහි­පත් කළේ සම්මා­නිත මහා­චාර්ය ජේ.බී. දිසා­නා­ය­කය.

මීට අම­ත­රව නව­ක­ව­දය මුවා­වෙන් තම සිතැ­ගි­ව­ලට මග පාදා ගත් ආකා­රය ගැන ද ඔහු විස්තර කළේ කොක් හඬලා සිනා­සෙ­මිනි.

“ඒ කාලේ ජ්‍යෙෂ්ඨ­යන් අපිට මලක් දීලා ගෑනු ළම­ය­කුව පෙන්නලා කිය­නවා ඒ මල දීලා නම අහ­ගෙන එන්න කියලා‍. මම ජ්‍යෙෂ්ඨ­යන් මට කිව්වෙ නැති­වත් බොරු­වට මලක් අර­ගෙන මම කැමැති ගෑනු ළම­ය­කුට දීලා නම අහ­ගෙන කතා කරලා එනවා” යනු­වෙන් පැවසූ සම්මා­නිත මහා­චාර්ය ජේ.බී. දිසා­නා­යක අතී­තා­ව­ර්ජ­නය කර­මින් එය ආස්වා­ද­නය කළේය‍.

එහෙත් අද වන­විට නව­ක­ව­දය සැබැ­වින් ම නව­ක­යන්ට වද­යක් වී ඇත‍. අද එය ක්‍රෑර වද හිංසා සහ අමා­නු­ෂික තාඩන පීඩන දක්වා විතැන් වී තිබේ. අද නව­ක­ව­දයේ විනෝ­ද­යක් නැත. ඇතැම් විට නව­ක­ව­දය කෙළ­වර වන්නේ මර­ණ­යෙනි. නව­ක­ව­දය හේතු­වෙන් සදා­කා­ලික ආබා­ධිත තත්ත්ව­යට පත්වී එම නිසාම මර­ණය වැල­ඳ­ගත් සිදු­වී­මක් වශ­යෙන් මුල් වරට අස­න්නට ලැබුණේ රූපා රත්න­සී­ලිගේ සිද්ධි­යයි‍. කර­න්දෙ­ණිය මහ­ඒ­දණ්ඩ ග්‍රාමයේ පදිංචි රූපා රත්න­සීලි පේරා­දෙ­ණිය කෘෂි­කර්ම පීඨ­යට ඇතු­ළත් වූයේ 1975 වස­රේදී ය. නව­ක­ව­දය දීමට ජ්‍යෙෂ්ඨ­යන් පැමි­ණෙන විට ඔවු­න්ගෙන් බේරීම සඳහා රාම­නා­දන් නේවා­සි­කා­ගා­රයේ උඩු මහ­ලින් බිමට පැන ගත් ඈ රෝද පුටු­වට වැටුණේ සදා­කා­ලික ආබා­ධි­ත­යකු වෙමිනි. ඇගේ සර­සවි සිහි­නය බොඳ විය. බලා­පො­රොත්තු සුන් වීමෙන් ඇති වූ කන­ස්සල්ල හේතු­වෙන් ම අව­සා­නයේ දී ඈ 2002 වසරේ රෝද පුටු­වෙන් ම ගොස් ළිඳට පැන සිය දිවි හානි කර­ග­ත්තාය.

පේරා­දෙ­ණිය සර­ස­වියේ ඉංජි­නේරු පීඨයේ නවක ශිෂ්‍ය වර­ප්‍ර­කාශ් මිය ගියේ නව­ක­ව­දයේ දී ලැබූ දරුණු වද හිංසා හේතු­වෙනි. ඒ 1997 දී ය. රුහුණු සර­ස­වියේ දමින්ද පුංචි­හේවා සහ කැලුම් තුෂාර වනි­ග­තුංග නව­ක­ව­ද­යට භාජ­නය වී දිවි අහිමි වූ තවත් දෙදෙ­නකි. 2015 වස­රේදී පන්නි­පි‍ටියේ පදිංචි අමාලි චතු­රිකා ගෙල වැල­ළා­ගෙන මිය ගියේ නව­ක­ව­දය නිසා ඇතිවූ මාන­සික ව්‍යාකූ­ල­තාව නිසාය.

සබ­ර­ග­මුව විශ්ව විද්‍යා­ලයේ 2 වැනි වසරේ ඉගෙ­නුම ලැබූ අමාලි චතු­රිකා මිය යෑමට පෙර ලිපි­යක් ලියා ඇගේ මෘත­දේ­හය බැලී­මට සබ­ර­ග­මුව සර­ස­වියේ ළමුන්ට ඉඩ නොදෙන ලෙස ඉල්ලී­මක් කර තිබී­මෙන් සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ නව­ක­ව­ද­යෙන් ඈ ලැබූ පීඩාව මනාව ගම්‍ය වේ. මෙම කාල­කණ්ණි නව­ක­ව­දය නිසා දිවි අහි­මිවූ අය 14 කි. 2015 – 2016 වසරේ නවක සිසු සිසු­වි­යන් 1352 ක් ද 2016 – 2017 වසරේ 637 ක් ද 2017 – 2018 වර්ෂයේ 2000 ක් ද සර­සවි හැර ගොස් සිටින්නේ නව­ක­ව­දය නිසා ය. මෑත භාගයේ සංඛ්‍යා­ලේ­ඛ­න­වල මෙසේ සට­හන් වුව ද 1970 වසරේ සිට 2000 වසර දක්වා වර්ෂ 30 ක කාලය මුළුල්ලේ නව­ක­ව­දය නිසා සර­සවි හැර ගොස් සිටින පිරිස 108 ක් බව මහා­චාර්ය නන්ද­සේන රත්න­පාල සිය වාර්තා­වක පෙන්වාදී තිබේ. ඔහුගේ සමී­ක්ෂණ වාර්තා­වට අනුව මෙකී දශක තුනක කාලය පුරා බර­ප­තළ ආකා­ර­යට නව­ක­ව­ද­යට ගොදු­රුවූ ශිෂ්‍ය පිරිස 1097 කි.

රුහුණු සර­ස­වියේ නව­ක­ව­දය ඉවසා ගත නොහැ­කිව විද්‍යා පීඨයේ සුපුන් සිසුවා ආපන ශාලාවේ ජනේ­ල­ය­කින් අඩි 20 ක් පහ­ළට පැනී­මෙන් බර­ප­තළ තුවාල ලබා මාතර රෝහ­ලට ඇතු­ළත් කළ පුව­තක් වාර්තා වූයේ 2007 දීය. ඊට අම­ත­රව ජ්‍යෙෂ්ඨ­යන්ගේ පහ­ර­දීම් හේතු­වෙන් නවක සිසුන් 5 දෙනකු මාතර රෝහ­ලට ඇතු­ළත් කර තිබුණේ එම කාල­යේ­දී­මය.

මේ ආකා­ර­යට නවක වද­යට ගොදු­රු­වීම නිසා රෝහ­ල්ගත කරනු ලබන නවක සිසුහු සහ ආබා­ධිත තත්ත්ව­යට පත්වන සිසුහු අප අතර සිටිති. පසු­ගිය වසරේ ජ’පුර සර­ස­වියේ අධ්‍යා­ප­නය ලැබූ නවක ශිෂ්‍ය පසිඳු හිරුෂා‍න්ගේ හිසට ටය­ර­යක් පෙර­ළී­මෙන් ඔහු තව­මත් ආබා­ධිත තත්ත්වයේ පසු­වෙයි. ආණ­ම­ඩුව සම­ගි­ගම පදිංචි උළු­ව­ඩුගේ අසංක සම්පත් බණ්ඩාර යාප­නය විශ්ව­වි­ද්‍යා­ලයේ කළ­ම­නා­ක­රණ පීඨ­යට තේරුණු නමුදු සර­සවි අධ්‍යා­ප­න­යට ආයු­බෝ­වන් කීවේ නව­ක­ව­ද­යේදී ලැබූ දරුණු වද හිංසා ඉවසා ගත නොහැකි නිසාය. රුහුණු සර­ස­වියේ වත්සලා කුමු­දුනී ද සිල්වා ස්නායු ආබා­ධ­ය­කට ලක්වූයේ නව­ක­ව­දය නිසාය.

නව­ක­ව­දය ලබා­දුන් ජ්‍යෙෂ්ඨ සිසුන් හඳු­නා­ගෙන පොලිස් අත්අ­ඩං­ගු­වට පත් කර උසාවි දමා ඔවුන්ට දඬු­වම් දුන් අවස්ථා ද අස­න්නට ලැබේ. නව­ක­ව­දය පාල­නය කර ගැනී­මට නොහැ­කිව විශ්ව­වි­ද්‍යා­ල­වල අධ්‍ය­යන කට­යුතු නවතා දමන අවස්ථා ද තිබේ. ඇතැම් විට විශ්ව­වි­ද්‍යාල ආචා­ර්ය­ව­රුන් අධ්‍ය­යන කට­යු­තු­ව­ලින් ඉව­ත්වන්නේ නව­ක­ව­දය දෙන සිසුන්ට පාඩ­මක් කියා දීම­ටය. එහෙත් ඔවුන් පාඩම් ඉගෙ­න­ගන්නා පාටක් නැත. නවක වද­යට ‍ගොදුරුවූ ඛේද­නීය සිදු­වීම් සහ සර­සවි හැර යන සිසුන් දිනෙන් දින වැඩි­වෙන්නේ එබැ­විනි.

සර­සවි වසා දැමී­මෙන් සිසුන්ගේ අධ්‍යා­පන කට­යුතු අඩ­පණ වීම ගැන නව­ක­ව­දය දෙන සිසුන්ට වගක් නැත. ඔවුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීම වැනි දඬු­වම් දුන්විට සිදු කරනු ලබන එකම ක්‍රියා­මා­ර්ගය ශිෂ්‍ය­භා­වය ලබා­දෙන ලෙස හෝ පංති තහ­නම ඉවත් කරන ලෙස ඉල්ලා වර්ජ­නය කිරීම සහ උද්ඝෝ­ෂ­ණය කිරීම පමණි.

නව­ක­ව­දය බ්‍රිතාන්‍ය, ප්‍රංසය, ඇමෙ­රි­කාව වැනි රට­ව­ල්වල දක්නට ලැබුණේ මීට යුග ගණ­නා­ව­කට පෙරය. 1820 දී ලන්ඩන් නුවර කින්ග්ස් විද්‍යා­ලයේ නව­ක­යන් පිළි­ගැ­නී­මේදී උසුළු විසුළු කර ජල පහර ගැසූ බවට වාර්තා වේ.

අප්‍රි­කානු ගෝත්‍රි­ක­යන් ළම­යකු තරු­ණ­යකු බවට පත්වී­මේදී සුළු සුළු උසුළු විසුළු ස්වරූ­පය රැගත් යාතු කර්ම (ritual) කළ අතර එම යාතු කර්ම­වල ලක්ෂණ බ්‍රිතා­න්‍යයේ නව­ක­ව­දය තුළ තිබූ බව මහා­චාර්ය නන්ද­සේන රත්න­පාල සඳ­හන් කර ඇත.

අමා­නු­ෂික වද හිංසා ඇතු­ළත් නව­ක­ව­දය බිහිවී තිබෙන්නේ පීඩ­නය හා සමා­ජා­නු­යෝ­ජ­නයේ දුර්ව­ලතා නිසා බව ඔහු තව­දු­ර­ටත් දක්වා තිබේ. අතී­තයේ දරු­වන් නිදැල්ලේ හැදී වැඩී කෙළි­දෙ­ළෙන් කාලය ගත කර­මින් අධ්‍යා­ප­නය ලැබූ­වත් වර්ත­මා­නයේ දරු­වන් ජීවත් වන්නේ නිද­හස සීමා වූ වට­පි­ටා­ව­කය. ඉගෙ­නුම ලබන්නේ තර­ග­කාරී අධ්‍යා­පන ක්‍රම­යක සිර­ගත වීමෙනි. අනේ­ක­විධ දුක් කම්ක­ටොලු මැද විශ්ව­වි­ද්‍යා­ල­යට පිවි­සු­ණත් බෝඩිම් ප්‍රශ්න, ආහාර ප්‍රශ්න වැනි දහ­ස­කුත් ප්‍රශ්න මැද අධ්‍යා­ප­නය ලබන සර­සවි සිසුන් පිරි­සක් ද සිටිති. ඔවුන්ගේ පීඩ­නය හා සමා­ජා­නු­යෝ­ජ­නයේ අඩු­පාඩු ඉහළ යන­විට නව­ක­ව­දය ද කුරිරු අමා­නු­ෂික වද­යක් ලෙස වර්ධ­නය වන බව මහා­චාර්ය නන්ද­සේන රත්න­පාල පැහැ­දිලි කර තිබේ.

නව­ක­ව­ද­යට එරෙහි වන්නන්ට අත්වි­ඳි­න්නට සිදු­වන වද හිංසා ද සුළු­පටු නැත. ජය­ව­ර්ධ­න­පුර සර­ස­වියේ දෙවැනි වසරේ ඉගෙ­නුම ලැබූ ඕ.වී. සමන්ත 2002 වසරේ මර­ණ­යට පත්වූයේ නව­ක­ව­දය දීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් දෙපි­රි­සක් අතර ඇතිවූ ගැටු­ම­කිනි. නව­ක­ව­ද­යට විරු­ද්ධවූ පේරා­දෙ­ණිය සර­ස­වියේ දෙවැනි වසරේ වෛද්‍ය සිසුන් දෙදෙ­න­කුට මැර ප්‍රහා­ර­යක් එල්ල වීමෙන් පේරා­දෙ­ණිය රෝහ­ලට ඇතු­ළත් කළ ප්‍රවෘ­ත්ති­යක් 2009 සැප්තැ­ම්බර් 04 දින පුව­ත්ප­ත්වල පළ විය.

නව­ක­ව­දයේ ඇති කෲර­ත්වය සහ අමා­නු­ෂි­ක­ත්වය නිසාම එය වැළැ­ක්වීමේ අර­මු­ණින් 1998 අංක 20 දරන පනත ගෙන එනු ලැබීය. පනතේ දීර්ඝ සට­හනේ දැක්වෙන ආකා­ර­යට අධ්‍යා­පන ආය­ත­න­ව­ලින් නව­ක­ව­දය සහ වෙනත් ස්වරූ­පයේ සාහ­සික ක්‍රියා ද කෲර අමා­නු­ෂික සහ නින්දිත සැල­කීම් ද තුරන් කිරීම සඳහා වූ පන­තක් ලෙස දක්වා ඇත. පනතේ අර්ථ දැක්වී­මට අනුව නව­ක­ව­දය යනු අධ්‍යා­පන ආය­ත­න­යක ශිෂ්‍ය­ය­කුට හෝ කාර්යය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­ය­කුට ශාරී­රික හෝ මාන­සික හානි­යක් හෝ මාන­සික වේද­නා­වක් හෝ බියක් සිදු කරන හෝ සිදු කිරී­මට ඉඩ ඇති යම් ක්‍රියා­වකි. 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත යට­තට ගැනෙන සිය­ලුම උසස් අධ්‍යා­පන ආය­තන මීට අදා­ළවේ. මෙම පනතේ 2 වැනි වග­න්තිය අනුව මහේ­ස්ත්‍රා­ත්ව­ර­යකු ඉදි­රියේ පව­ත්වන නඩු විභා­ග­ය­කින් වසර 2 – 10 දක්වා සිර­ද­ඬු­වම් නියම කිරීමේ බල­යක් තිබේ. එසේම වින්දි­ත­යන්ට වන්දි මුදල් ලබා­ගැ­නී­මට ද හැකි­යාව ඇත.

නව­ක­ව­දයේ ම්ලේච්ඡ­ත්වය ගැන නිර­න්ත­ර­යෙන් අස­න්නට දකි­න්නට ලැබෙන කාල­යක බුද්ධිය පරීක්ෂා කළ අපූරු නව­ක­ව­ද­යක් ගැන ටික කල­කට පෙර වාර්තා­වූයේ පේරා­දෙ­ණිය සර­ස­වි­යෙනි. කිරි­ඳි­වැල රදා­වානේ සිට සර­ස­වි­යට ගිය සිසු­වි­යක මෙයට මුහු­ණදී තිබිණි. ඇගේ ගම රදා­වාන යැයි කිව් විට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් රදා­වානේ උපන් මහ­ග­ම­සේ­කර, කේ. ජය­ති­ලක සහ කන්නි­ම­හර සුමං­ගල හිමි ගැන ප්‍රශ්න කර ඇත.

ඉන් අන­තු­රුව සේකර සහ කේ. ජය­ති­ලක රචනා කළ කෘති නම් කරන ලෙස දන්වා තිබේ. කේ. ජය­ති­ලක ලියූ චරිත තුනක් නව­ක­තාවේ නම එකී ටෙලි­නාට්‍ය නැරඹූ නිසා මත­කයේ තිබී පැව­සුව ද මහ­ග­ම­සේ­ක­රගේ කිසිම කෘති­යක නමක් ඇයට කියා ගැනී­මට හැකිවී නැත. අව­සා­නයේ දී ජ්‍යෙෂ්ඨ­යන් ඇයට පවසා තිබෙන්නේ සේක­රගේ පොත්වල නම් ඇක්ස­යිස් පොතක සට­හන් කර නොගෙන විශ්ව­වි­ද්‍යා­ලය පැත්ත­ට­වත් නොපැ­මි­ණෙන ලෙස­ටයි. ඈ සිය ගමේ පිහිටි කේ. ජය­ති­ලක අනු­ස්ම­රණ පුස්ත­කා­ලය වෙත ගොස් තිබුණේ නවක වද­යෙන් බේරී­ම­ටත් වඩා ඈ කෙරෙහි උපන් ලැජ්ජා­වෙන් බව ඈ එහි සේව­ක­යකු සමඟ පැව­සී­මට තරම් නිහ­ත­මානී වූවාය.

එහෙත් මෙවැනි සුන්දර නව­ක­වද ගැන වර්ත­මා­නයේ අස­න්නට නොලැ­බෙන තරම්ය. ඒ වෙනු­වට නිර­න්ත­ර­යෙන් අස­න්නට ලැබෙන්නේ අශී­ලා­චාර, නින්දිත නවක වද­ය­න්මය. විශ්ව විද්‍යාල අධ්‍යා­ප­නය දින නිය­ම­යක් නොමැ­තිව කල් ගත වන­විට පිටු­ප­සට යැවෙන්නේ සර­සවි දරු­වන්ගේ තරුණ ජීවිත නොවේද? සුළු පිරි­ස­කගේ අමා­නු­ෂික ක්‍රියා­වන් නිසා සමස්ත විශ්ව­වි­ද්‍යාල ප්‍රජා­ව­ගේම ජීවිත ‘රැග්’ විය යුතු නැත. ආර­ක්ෂක අංශ විසින් විශ්ව­වි­ද්‍යාල තුළ බුද්ධි අංශ නිල­ධා­රීන් යෙද­වී­මට තීර­ණය කර තිබෙන්නේ එබැ­විනි. පාතාල මර්ද­නය සහ මත්කුඩු මර්ද­නය සඳහා පිය­වර ගත් ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ විසින් ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාට දන්වා තිබෙන්නේ විශ්ව­වි­ද්‍යාල තුළ පිළි­ල­යක් ලෙස වර්ධ­නය වන නව­ක­ව­දය නැවැ­ත්වී­මට ක්‍රියා­මාර්ග ගන්නා ලෙස­ටය.

විශ්ව විද්‍යාල යනු ඊට ආවේ­ණික සංස්කෘ­ති­යක් සහිත නිද­හස් තැනකි. මෙම නිද­හස වල්බූරු නිද­හ­සක් බවට පත් කර ගත්තේ සර­සවි සිසු­න්ගෙන් අත­ළො­ස්සක් දෙනාය. විශ්ව විද්‍යාල පද්ධ­ති­යට රාජ්‍ය බුද්ධි අංශ නිල­ධා­රීන් මැදි­හ­ත්වන්නේ ඔවු­න්ගේම වර­දිනි.

අනා­ග­ත­යේදී ම්ලේච්ඡ නව­ක­ව­ද­යට වැට බැ‍ඳෙන තෙක් සමස්ත ජන­තා­වම දෑස් දල්වා බලා සිටින්නේ ඔවුන්ගේ දරු­වන්ගේ අනා­ග­තය සුබ­දායි අනා­ග­ත­යක් කර ගැනීමේ අපේ­ක්ෂා­වෙනි.

 

Comments