ගොල්ෆ් පිටිය හරහා ඇවිත් කනත්ත මැද්දෙන් යන බයි­සි­කල් පාර | Page 2 | සිළුමිණ

ගොල්ෆ් පිටිය හරහා ඇවිත් කනත්ත මැද්දෙන් යන බයි­සි­කල් පාර

නාග­රික සංව­ර්ධන අධි­කා­රිය කොළඹ ගොල්ෆේස් පිටියේ සිට බත්ත­ර­මුල්ල ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර දක්වා පා පැදි මාර්ග­යක් සැල­සුම් කර තිබේ. එම මාර්ගයේ මූලික සැලැස්ම කෙටු­ම්පත් කිරීම මේ වන­විට ආරම්භ වී ඇත.ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂත් නාග­රික සංව­ර්ධන විෂය භාර අමා­ත්‍ය­ව­රයා වශ­යෙන් අග­මැති මහින්ද රාජ­ප­ක්ෂත් මෙම ව්‍යාපෘ­තිය අනු­මත කර තිබේ. යෝජිත ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරී­මට ජනා­ධි­ප­ති­ව­ර­යාත් අග­මැ­ති­ව­ර­යාත් නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති හර්ෂ ද සිල්වාට සහ අධ්‍යක්ෂ ජන­රාල් එන්.පී.කේ. රණ­වී­රට උප­දෙස් දී ඇත.

කට­යුතු නාග­රික සංව­ර්ධන අධි­කා­රියේ වැඩ බලන ව්‍යාපෘති අධ්‍යක්ෂ වයි.ඒ.ජී.කේ. ගුණ­ති­ලක යටතේ ක්‍රියා­ත්ම­කය. ගොඩ­නැ­ගෙ­මින් අත්තේ විචිත්‍ර සංක­ල්ප­යකි. ඊට හේතු­වක් තිබේ. අප දන්නා කොළ­ඹට වඩා නොදන්නා කොළඹ මන­රම්ය. එය ඓති­හා­සික ස්ථාන, වාස්තු කර්මාන්ත, උද්‍යාන හා දිය­මං­ව­ලින් සැදි කදිම භූ දර්ශ­න­යෙන් යුතු බිමකි. අපට මෙතෙක් කළ­ම­නා­ක­ර­ණය කර­ග­න්නට බැරි වූයේ අති­ශ­යින් වටිනා පාරි­ස­රික කලා­ප­යක පිහිටි ලෝකයේ ඇති දුර්ලභ තෙත් බිම් නග­ර­යකි. මේ නග­රය නිසි ලෙස කළ­ම­නා­ක­ර­ණය කළ හැකි බවට වූ විශ්වා­සය අපට කලෙක ලැබී තිබිණි. යෝජිත පා පැදි මාර්ගය නිර්මා­ණය වන්නේ මේ මන­රම් භූ දර්ශන පෙළ­හර අත­රිනි.

කොළඹ සිට බත්ත­ර­මු­ල්ලට යෝජිත මේ පා පැදි මං පෙත දැනට සැල­සුම් කර ඇති ආකා­ර­යට දුර කිලෝ­මී­ටර 11කි. අධික තද­බ­ද­යක් හා පීඩ­න­යක් සහිත ප්‍රධාන මාර්ග අවම ලෙස සම්බන්ධ වන සේ මග සැල­සුම් කර තිබේ. මංපෙතේ පළල මීටර 2.5 කි. ඉහ­ළට හා පහ­ළට ගමන් කරන මං තීරු දෙකකි. ඉදි­වෙ­මින් ඇති වරාය නග­රය තුළ පා පැදි මං තීරු­වක් සැල­සුම් වේ. යෝජිත පා පැදි මාර්ගය ආරම්භ වන්නේ වරාය නග­ර­යෙනි.

මාර්ගය භාවිතා කරනු ඇතැයි ඉලක්ක කළ කණ්ඩා­යම් හත­රකි. ඒ පාසල් සිසුන්, රැකි­යාව සඳහා පැමි­ණෙන පිරිස්, සංචා­ර­ක­යන් මෙන්ම පා පැදි ක්‍රීඩ­ක­යන්ය. වරාය නග­ර­යෙන් ආරම්භ වී ඉතා කෙටි දුරක් ගාළු පාර ඇසු­රෙහි දිවෙන මාර්ගය බේරේ වැව දෙසට ගමන් කර වැව ඔස්සේ ගංගා­රාම පරි­ශ්‍රය අස­ලට ප්‍රවේශ වේ. “ කළම්බො සිටි සෙන්ටර් ගොඩ­නැ­ගිල් අස­ලින්“ අතු­ළට ගමන් කර මාර්ය විහා­ර­ම­හා­දේවී උද්‍යා­න­යට හරහා ගමන් කර නෙළුම් පොකුණ රඟ­හල අස­ලින් නිද­හස් චතු­ර­ශ්‍රය වෙත ගමන් කරයි. යට­ත්වි­ජිත වක­වා­නු­වට යන ඉදි­කි­රී­මක් වූ ආර්කේඩ් ගොඩ­නැ­ගිල්ල දකි­මින් මාර්ගය බෞද්ධා­ලෝක මාවත ඇසුරු කර­මින් බොරැල්ල කනත්ත දෙසට දිවෙයි.

අන­තු­රුව මාර්ගය විහි­දෙන්නේ බොරැල්ල කනත්ත මැදිනි. එය ලංකා­වේදී පුද්ග­ල­යෙ­කුට අත් විඳි­න්නට හැකි වෙනස්ම ආකා­රයේ අත්දැ­කී­මකි. කනත්ත මැදින් එන මංතී­රුව අන­තු­රුව බොරැල්ල ගොල්ෆ් පිටිය වෙත ඇදෙයි. ගොල්ෆ් පිටියේ මන­රම් දැකුම් දකි­මින් ලේක් ඩ්‍රයිව් ඔස්සේ කෝට්ටේ වගුරු බිම් සීමා­වෙන් දියත උයන පරි­ශ්‍රය ස්ඵර්ශ කරයි. මේ තොණ්ඩු­වක හැඩය ගත් මාර්ගය අන­තු­රුව පාරි­ලි­මේ­න්තුව හා දිය­වන්නා ඔය ඇසු­රෙහි විහි­දෙයි. මාර්ගය මුළු­ම­න්නිම නිමා වන­විට දියත උයනේ සිට කොලො­න්නාව ඇළ මාර්ගය, මීතො­ට­මුල්ල, ශාන්ත සෙබ­ස්ති­යන් ඇළ, අලු­ත්කඩේ උසාවි පරි­ශ්‍රය ඇසුරු කර­මින් බෙරේ වැව හරහා ගෝල්ෆේස් වෙත ගමන් කිරී­මට සැල­සුම් වේ. මේ මාර්ගයේ තැනින් තැන පා පැදි කුලී පද­නම මත ලබා ගත හැකි ස්ථාන 11ක් වේ. ඒ ඕනෑම තැන­කින් මිල ගෙවා පා පැදිය රැගෙන ඕනෑම තැන­කට බාර දිය හැකිය. දේශීය පාරි­භෝ­ගි­ක­යන් බොහෝ විට මාර්ගය භාවිත කරනු ඇතැයි සිතන උදෑ­සන හෝ රාත්‍රී කාලයේ දී භාවිත පහ­සුව වෙනු­වෙන් මාර්ගය ආලෝක කිරීම, වර්ණ ගැන්වීම අන්ත­ර්ජා­තික ප්‍රමි­තිය ප්‍රකා­රව සිදුවේ.

මේ දියත් වී ඇත්තේ ව්‍යාපෘ­තියේ මූලික අදි­ය­රය. තවම සිදු­වෙ­මින් ඇත්තේ මේ මාර්ගයේ භූමිය හඳුනා ගැනී­මය. ලබන අය­වැ­යෙන් මුදල් වෙන් කර­ගෙන වර්ෂ 2021 වන­විට මේ මාර්ගයේ ඉදි­කි­රීම් ආරම්භ කළ හැකිය. ඒ සඳහා සියලු ප්‍රවේශ විවෘ­තව ඇත.

අප අබි­යස වන්නේ ජාති­යක් ලෙස විම­සිය යුතු ඵල­දායී ප්‍රවේ­ශ­යකි. කාර්යාල වේලා­වන් ලෙස සැල­කෙන උදේත් සව­සත් බත්ත­ර­මුල්ල සිට බොරැල්ල වෙත පැමි­ණෙන කිලෝ­මී­ටර කීපය වාහ­න­ය­කින් ගමන් කරන විට දල වේගය පැයට කිලෝ­මී­ටර හය­ක­ටත් අඩු වන අවස්ථා තිබෙ­න්නේය. මාර්ග තද­බ­දය, නික­රුණේ දහ­නය වන ඉන්ධන ප්‍රමා­ණය, විනාශ වන මිනිස් පැය ගණන ගැන බැලු­වත් මේ ප්‍රවා­හ­නය වෙනු­වෙන් ඵල­දායි විකල්ප අව­ශ්‍ය­වන කාල­යකි. පා පැදි සංස්කෘ­ති­යක් විලා­සි­තා­වක ස්වරූ­ප­යෙන් හඳුන්වා දීම ඉන් වඩාත් ඵල­දායී ප්‍රවේ­ශ­යක් වන්නේ එබැ­විනි.

එක් අත­කින් අප ජීවත් වෙමින් සිටින්නේ රජයේ රෝහ­ලක ඕ. පී. ඩී. එකක් බඳු ජන ගහ­ණ­යක් සහිත සමා­ජ­ය­කය. සෞඛ්‍ය සම්පන්න ජාති­යක් වෙනු­වෙන් පා පැදි­යෙන් කෙරෙන ගම­නා­ග­ම­නය ප්‍රව­ර්ධ­නය කිරී­මට උත්සාහ කිරීම සංක­ල්ප­යක් ලෙස තවත් අතෙ­කින් වැද­ගත්ය. මෙරට වාර්ෂි­කව සිදු­වන මර­ණ­ව­ලින් සිය­යට 75 ත් 80 ත් අතර සංඛ්‍යා­ව­ක්‌ ­සි­දු­ව­නුයේ බෝ නොවන රෝග හේතු­වෙනි. සංඛ්‍යා­ත්ම­කව ගත­හොත් එය වර්ෂ­ය­කට මරණ එක්‌ ­ලක්‌ෂ තුන්ද­හ­ස්‌ ­ප­න්සී­ය­යක්‌ (103,500) පම­ණය. පුද්ග­ල­යෙක් බෝ නොවන රෝග­ව­ලට ලක්වන ප්‍රධා­නම හේතු­වක් ලෙස සැල­කෙන්නේ අඩු ව්‍යායා­ම­වල යෙදී­මය. සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය හා ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය එක්‌ව සිදු­ක­රන ලද නව­තම දීප ව්‍යාප්ත සමී­ක්‌ෂ­ණ­ය­කින් හෙළි වී ඇත්තේ කාන්තා­ව­න්ගෙන් සිය­යට 38.4 ක්‌ද පිරි­මි­න්ගෙන් සිය­යට 22.5 ක්‌ ද ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය විසින් නිර්දේශ කර ඇති දින­කට විනාඩි 20 ක්‌ හෝ 30 ක්‌ ඇ­වි­දීම ඇතුළු ව්‍යායාම රටාව අනු­ග­ම­නය නොක­රන බවය. නව පා පැදි සංස්කෘ­ති­යක් රටට හඳුන්වා දෙන්නට සැල­සුම් වන්නේ මේ සමාජ වට­පි­ටාව දකි­මිනි. ලෝකයේ දියුණු රට­වල් මේ සැල­සු­ම්වල විපුල ඵල මේ වන­විට විඳි­මින් සිටිති. ජපා­නය, චීනය මින් මහා අර්ථ­යන් අත්වි­ඳිනු ලැබූ ආසි­යා­තික රට­වල්ය. යුරෝ­පය පුරා පා පැදිය විලා­සි­තා­වක් සේ පැතිර යමින් ඇත්තේ පරි­ස­ර­යට මෙන්ම තමන්ගේ සෞඛ්‍ය සම්පන්න ජීවි­ත­යට ද ඇලුම් කර­න්නට පුරු­දු­වන මිනි­සුන් හේතු­වෙනි.

කොළඹ අවට මෙන්ම කොළ­ඹින් පිටත ද පා පැදි මං තීරු සහිත මාර්ග ඉදි විය. සක්මන් ප්‍රවේශ ඉදි විය. බොහෝ­විට එහි අර්ථය වූයේ ව්‍යායා­මය ය.

එහෙත් මේ නව පා පැදි මංතී­රුව විවෘත වන්නේ නව අර්ථ­යක් සහි­ත­වය. කොළඹ පාරි­ස­රික අලං­කා­රය වින්ද­නය කිරීම, කොළඹ ඉති­හා­සය ස්පර්ශ කිරීම, ඒ අත­රම සෞඛ්‍ය සම්පන්න මිනි­සුන් පිරි­සක් බිහි කර­ගැ­නීම, සංචා­රක ව්‍යාපා­රය උත්තේ­ජ­නය කිරීම සහිත බහු ඵල­දායී ව්‍යාපෘ­ති­යක් එහි ගැබ් වී තිබේ.

ජාති­යක් ලෙස මේ ව්‍යාපෘ­තිය වැලඳ ගත යුත්තේ එබැ­විනි.

Comments