ඉලෙ­ක්ට්‍රොනික් අප­ද්‍රව්‍ය සම්පත් ආක­ර­යක් කරන හැටි ලොවට කියන ලාංකේය විද්‍යා­ඥයා | සිළුමිණ

ඉලෙ­ක්ට්‍රොනික් අප­ද්‍රව්‍ය සම්පත් ආක­ර­යක් කරන හැටි ලොවට කියන ලාංකේය විද්‍යා­ඥයා

හෑරූ රන් මුසු ලෝහ පස් ටොන් සීය­කින් නිස්සා­ර­ණය කර හැකි රන් ප්‍රමා­ණ­යට වඩා ඉවත ලන ස්මාර්ට් ෆොන් ටොන් සීය­කින් රත්ත­රන් උකහා ගත හැකියි. ඉවත ලන ඉලෙ­ක්ට්‍රො­නික උපාංග හරහා ගොඩ­ගැ­සෙන කසළ කන්ද ලෝකය යට කර­ගැ­නී­මට ආස­න්නය. එය මානව ශිෂ්ටා­චා­රයේ ඛේද­වා­ච­ක­යක් විය හැකි අයුරු ලෝකයේ සංවේදී මිනි­සුන් විසින් කලක සිට පෙන්වා දී තිබේ.

ඊ අප­ද්‍රව්‍ය යනු නිය­මිත ආයු කාලය නිමා වූ පසු නැවත භාවිත කිරීමේ අර­මු­ණ­කින් තොරව ඉවත ලනු ලබන සියලු වර්ග­වල විදුලි හා ඉලෙ­ක්ට්‍රො­නික් උප­ක­රණ, ඒ උප­ක­ර­ණ­වල කොටස්, ඊ අප­ද්‍රව්‍ය ලෙස හඳු­න්වනු ලැබේ. ලෝක ආර්ථික සංස­ද­යට අනුව වර්ෂ 2016 දී ලෝකය උත්පා­ද­නය කර ඇති ඊ අප­ද්‍රව්‍ය ප්‍රමා­ණය ටොන් මිලි­යන 44.7කි. ඔවුන් කියන්නේ එය අයි­ෆල් කුලුණේ අනුරූ 4500ක් හැදී­මට ප්‍රමා­ණ­වත් බවය. මේ අප­ද්‍රව්‍ය වලින් නිසි ප්‍රති­ච­ක්‍රී­ර­ණ­යට ලක් කළ හැක්කේ සිය­යට විස්සක් පමණි. ඉතිරි අව­ශේ­ෂ­ව­ලට සිදු­ක­රන්නේ කුමක් ද යන්න සම්බන්ධ ගැට­ලුව කලක සිට පැව­තිනි.

 

ඵල­දායී කළ­ම­නා­ක­ර­ණය

ඊට පිළි­යම් ලෙස මැලේ­සි­යාවේ මොනෑෂ් විශ්ව විද්‍යා­ල­යීය ඉංජි­නේරු පාසලේ ( Monash University Malaysia’s School of Engineering) ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්යා ආචාර්ය සමන් ඉලං­ග­කෝන් ඊ අප්‍ර­ද්‍රව්‍ය ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය කිරීමේ වඩාත් ප්‍රශස්ථ වැඩ පිළි­වෙ­ළක් සඳහා ප්‍රවේශ වී සිටී. ඊ-අප­ද්‍රව්‍ය විශාල ප්‍රමා­ණ­යක් කුණු බඳු­න්ව­ලට බැහැර කිරීමේ හෝ නීති විරෝධී අවි­ධි­මත් ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණයේ අව­ඵල විඳි­මින් සිටින සමා­ජ­යට එය වැද­ගත් පුව­තකි. ඔහු මේ ප්‍රති­ච­ක්‍රී­ක­රණ තාක්ෂ­ණය හඳුන්වා දෙන්නේ අයි.ඕ.ටී තාක්ෂ­ණික භාවි­තය සහිත විද්‍යා­ත්මක ක්‍රම­වේ­ද­ය­කිනි.

විවිධ ගෝලීය ප්‍රව­ණ­තා­වල එක­තුව, වේග­යෙන් දියු­ණු­වන තාක්ෂ­ණය, තොර­තුර සන්නි­වේ­දන තාක්ෂ­ණයේ ඉහළ වර්ධ­නය, මධ්‍යම පන්තික සමා­ජයේ ආර්ථික ප්‍රව­ණතා අනුව හඳුන්වා දෙමින් ඇති ඉතා කෙටි කාල­යක දී ආදේ­ශ­වන විද්‍යුත් උපාංග, වැනි තත්ව­යන් ඉලක්ක කර ගත් ඉලෙ­ක්ට්‍රො­නික් හා විද්‍යුත් උප­ක­රණ නිෂ්පා­ද­නය වැඩි වෙමින් තිබේ.

මේ හරහා නිති පතා පරි­ස­ර­යට එක් වන විශාල විද්‍යුත් අප­ද්‍රව්‍ය ප්‍රමා­ණය නීති විරෝ­ධීව ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය වන­විට හෝ කුණු කසළ ලෙස බැහැර කරන විට ඒවායේ අඩංගු ඊයම්, රස­දිය හා කැඩ්මි­යම් වැනි අන්ත­රා­ය­කර රසා­ය­නික ද්‍රව්‍ය හා අහි­ත­කර ලෝහ වර්ග පසට, ජල­යට හෝ වාත­යට මුදා හරිනු ලැබේ.

 

අප නොදැන සිටි සම්පත

එහෙත් ඊ අප­ද්‍රව්‍ය යනු අති­ශ­යින්ම ඵල­දායී ලෙස ප්‍රයෝ­ජ­න­යට ගත හැකි සම්ප­තකි. බොහෝ දෙනා තේරුම් ගැනී­මට අපො­හො­සත් වන යථා­ර්ථය ලෝක ආර්ථික සංස­දය ( WEF ) පෙන්වා දෙයි. ඔවුන්ගේ වාර්ෂික ඇස්ත­මේ­න්තු­වට අනුව එහි වටි­නා­කම ඇම­රි­කානු ඩොලර් බිලි­යන 62.5 කි. එම වටි­නා­කම මෙම ඊ අප­ද්‍රව්‍ය වලට ලැබෙන්නේ එහි අන්ත­ර­ග­තයේ ඇති රන්, රිදී, තඹ, ටින්, ප්ලැටි­නම් සහ පැලේ­ඩි­යම් වැනි දුර්ලභ වටිනා ලෝහ සම්පත හේතු­වෙනි.

“ඉදිරි වසර 50 ත් 60ත් අතර කාලය තුළ අපේ වර්ත­මාන ජීවන රටාව පවත්වා ගැනීම සඳහා අපිට මීට වඩා සිය­යට හැටක ප්‍රමා­ණ­යක් ස්වභා­වික ද්‍රව්‍ය නිශ්පා­ද­නය කරන්න සිද්ධ වෙනවා. එය පෘථි­විය වගේ ග්‍රහ­ලෝක හත­රක තියන ස්වභා­වික සම්පත් ප්‍රමා­ණ­යට සමා­නයි. අපට ඇති සම්පත් සීමාව මෙයින් තේරුම් ගන්න.“ ආචාර්ය සමන් ඉලං­ග­කෝන් පවසා තිබිණි.

මේ වට­පි­ටාව තුළ ඊ අප­ද්‍රව්‍ය විද්‍යා­නු­කූල ලෙස ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය කිරී­මෙන් එහි අන්ත­ර්ගත වටිනා ලෝහ වර්ග නිස්සා­ර­ණය කර­ගෙන ස්වභා­වික සම්පත් සඳහා ඉහළ යන ඉල්ලුම සපුරා ලිය හැකි බව ලෝක ආර්ථික සංස­දය පනේවා දෙයි. හෑරූ රන් මුසු ලෝහ පස් ටොන් සීය­කින් නිස්සා­ර­ණය කර හැකි රන් ප්‍රමා­ණ­යට වඩා ඉවත ලන ස්මාර්ට් ෆොන් ටොන් සීය­කින් රත්ත­රන් උකහා ගත හැකි බව ඔවුහු පව­සති.

 

රන් මසු පස්ව­ලට වැඩි රත්ත­රන්

එක්සත් ජන­පද පරි­සර ආර­ක්ෂණ ඒජ­න්සියේ සංඛ්‍යා­ලේ­ඛන වලට අනුව ජංගම දුර­ක­ථන මිලි­ය­න­යක් ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය කිරී­මෙන් රත්‍රන් කිලෝ­ග්‍රෑම් 34 ක්, රිදී කිලෝ­ග්‍රෑම් 350 ක්, තඹ කිලෝ­ග්‍රෑම් 16,000 ක් සහ පැලේ­ඩි­යම් කිලෝ­ග්‍රෑම් 15 ක් සොයා ගත හැකිය. එහෙත් නිශ්චිත විද්‍යා­නු­කූල ක්‍රම­වේ­ද­ය­කින් තොරව මෙම අප­ද්‍රව්‍ය ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය නොක­රන විට මෙම මේ මහා සම්පත් ප්‍රමා­ණය ප්‍රයෝ­ජන රහි­තව පරි­ස­රය තුළම විනාශ වී යයි.

“අප මේ අව­කා­ශය වසා දැමිය යුතු නෑ. ආර්ථික සංස­ර­ණය තුළ අප­ද්‍රව්‍ය එකතු කිරීම, සහ සම්පත් උකහා ගැනීම සම්බ­න්ධව සහ­තික විය යුතුයි.“ ආචාර්ය සමන් ඉලං­ග­කෝන් පවසා තිබිණි.

පතල් හා ඛනිජ ඉංජි­නේරු විද්‍යාව පිළි­බඳ විශේ­ෂ­ඥ­ව­ර­යෙක් වන ආචාර්ය සමන් ඉංල­කෝන් දැනට ඉව­ත­ලන මුද්‍රිත පරි­පථ පුවරු (පීසීබී) වලින් තඹ නිස්සා­ර­ණය කිරීමේ නව ක්‍රම­වේ­ද­යක් පිළි­බඳ ගවේ­ෂ­ණය කර­මින් හිඳී.

ඉදිරි වසර තුන සඳහා මැලේ­සි­යානු රජ­යෙන් ඩොලර් 77,000 ක් වටිනා මූලික පර්යේ­ෂණ ප්‍රති­පා­දන වෙන් කර­ගත් ආචාර්ය ඉලං­ග­කොන් ලෝහ නිස්සා­ර­ණය සඳහා ප්‍රශස්ත ක්‍රම­යක් සංව­ර්ධ­නය කිරී­මට අපේක්ෂා කරයි. මෙය කාර්මික අංශ­යට බල­පෑම් කළ හැකි තාක්‍ෂ­ණ­යකි.

ඔහුගේ අනෙක් පර්යේ­ෂණ ව්‍යාපෘ­තිය වන ස්මාර්ට් ඊ-අප­ද්‍රව්‍ය එකතු කිරීමේ පෙට්ටිය (Smart E-Waste Collection BoX) ය. ඔහු ඒ යටතේ විද්‍යුත් අප­ද්‍රව්‍ය එකතු කිරීම ප්‍රශස්ත කිරීම සඳහා ජංගම දුර­ක­ථන යෙද­වු­මක් (mobile application) භාවිත කරයි.

මැලේ­සි­යාවේ මොනෑෂ් විශ්වවිද්‍යා­ලයේ ඉංජි­නේරු පාසල සහ තොර­තුරු තාක්ෂණ පාසලේ ආචාර්ය චුන් යොං චොං සමඟ ම අව­බෝ­ධා­ත්මක එක­ඟ­තා­ව­යක් සහිත නියමු ව්‍යාපෘ­ති­යක් ලෙස ස්මාර්ට් ඊ-අප­ද්‍රව්‍ය එකතු කිරීමේ පෙට්ටිය ක්‍රියා­ත්මක වේ. මෙසේ ඉවත ලන ස්මාර්ට් ඊ අප­ද්‍රව්‍ය මැලේ­සි­යාවේ සන්වේ අධ්‍යා­පන සමූ­හයේ සහ මැලේ­සි­යාවේ මොනෑෂ් විශ්ව­වි­ද්‍යා­ලයේ තැන්පත් කර ඇති බඳුන් හරහා එකතු කරනු ලැබේ.

ස්මාර්ට් ඊ-අප­ද්‍රව්‍ය එකතු කිරීමේ පෙට්ටිය සමඟ ආචාර්ය ඉලං­ග­කෝන් ඉලෙ­ක්ට්‍රො­නික උප­ක­රණ බැහැර කිරීම සඳහා පුළුල් ප්‍රවේ­ශ­යක් හඳුන්වා දුන්නේය. ඔහු විද්‍යුත් අප­ද්‍රව්‍ය එකතු කිරීම අධී­ක්ෂ­ණය කිරීම සහ ප්‍රයෝ­ජ­න­වත් එකතු කිරීමේ ක්‍රියා­ව­ලි­යක දී අවශ්‍ය දත්ත ග්‍රහ­ණය කර ගැනීම සඳහා ජංගම දුර­ක­ථන යෙද­වු­මක් සහ අති­ධ්ව­නික සංවේ­දක භාවිතා කිරීම ඇර­ඹු­වේය.

 

වඩා හොඳ විද්යුුත් අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණ­යක්

“එක් අත­කින් අපට තවත් විද්‍යුත් අප­ද්‍රව්‍ය අව­ශ්‍යයි. අනෙක් අතට, ඉව­ත­ලන ද්‍රව්‍ය වලින් උප­රිම අගය ලබා ගත යුතුයි. එක්සත් ජාතීන්ගේ තිර­සර සංව­ර්ධන අර­මුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඊ-අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණය ඉතා වැද­ගත්.“

ඊළඟ පර­ම්ප­රාවේ අභි­වෘ­ද්ධිය සඳහා අපගේ ස්වාභා­වික පරි­ස­රය, ජලය සහ පස සංර­ක්ෂ­ණය කළ යුතුයි. නිෂ්පා­ද­ක­යන් තමන් නිෂ්පා­ද­නය කරන දේ සම්බ­න්ධ­යෙන් වග­කිව යුතුයි. විද්‍යුත් අප­ද්‍රව්‍ය බැහැර කිරීම නිසි තැන කළ යුතු බව ජන­තාව තේරුම් ගත යුතුයි. කොටින්ම අප භාවිතා කරන දේ සම්බ­න්ධ­යෙන් අප වග­කිව යුතුයි.

ආචාර්ය සමන් ඉලං­ග­කෝන් පවසා තිබිණි. මේ සාඩ­ම්බර විද්වතා යහ­පත් ලෝක­යක් වෙනු­වෙන් නිර්මා­ණ­ශීලී වූ විද්‍යා­ත්මක භාවිත අත්හදා බල­මින් හිඳී. . ඒ අප හැමො­ටම ආර­ක්ෂා­කාරී හෙට දව­සක් වෙනු­වෙනි.

Comments