චීන­යෙන් අලුත් වසං­ග­ත­යක් දැනට ආසා­දි­ත­යන් 21,487ක් | සිළුමිණ

චීන­යෙන් අලුත් වසං­ග­ත­යක් දැනට ආසා­දි­ත­යන් 21,487ක්

චීන­යෙන් ආරම්භ වූ කොවිඩ් - 19 මේ වන විටත් මිනි­සුන්ට කිසිඳු අව­ස්ථා­වක් ලබා නොදෙ­මින් වඩා වැඩි වේග­යෙන් ලොව පුරා පැති­රෙ­මින් තිබේ. ඉදිරි මාස­ව­ලදී පෘථි­වියේ උත්ත­රාර්ධ ගෝල­යට ශීත ඍතුව එළ­ඹී­මට නිය­මිත බැවින් වයි­ර­සය තව­දු­ර­ටත් ව්‍යප්ත වීමට නිය­මිත බව විද්‍යා­ඥ­යන්ගේ අද­හ­සයි.   

ඒ අන්ද­මට කොවිඩ් වයි­ර­සය හෝ පාල­නය කර ගැනී­මට නොහැ­කිව පව­තින අව­ස්ථා­වක චීනයේ පැතිර යන තවත් හඳුනා නොගත් රෝග­යක් සම්බ­න්ධව තොර­තුරු වාර්තා වී තිබේ. 

දැනට හඳු­නා­ගෙන ඇති අන්ද­මට මේ රෝගය බෝ වීමට හේතුව වයි­ර­ස­යක් නොව බැක්ටී­රි­යා­වකි. වයඹ දිග චීනයේ දහස් ගණන් මිනි­සුන් මේ බැක්ටී­රි­යාවේ පැතිර යෑම හේතු­වෙන් රෝගී වී ඇතැයි වාර්තා වේ. මේ බැක්ටී­රි­යාව සමා­ජ­යට මුදා­හැ­රීම සිදුවී ඇත්තේ ඖෂධ නිෂ්පා­දන ආය­ත­න­යක අත්වැ­ර­දී­මක් හේතු­වෙනි. එහෙත් මේ බැක්ටී­රි­යාව ආසා­ද­නය වී ඇත්තේ ගොවි­පොළ සතුන් ඇති­කි­රීමේ වෘත්තියේ නිර­තව සිටින පුද්ග­ල­ය­න්ටය. ඒ අනුව වයඹ දිග චීනයේ ලන්ෂූ නග­ර­යෙන් පුද්ග­ල­යන් 3,245කට මේ වන විට බැක්ටී­රි­යාව ආසා­ද­නය වී ඇතැයි වාර්තා වන අතර හර­කුන්, එළු­වන් සහ ඌරන් ඇති­කර පුද්ග­ල­යන් අතර මේ බැක්ටී­රි­යාව වේග­යෙන් පැතිර යමින් පව­තින බවද වාර්තා වේ. 

බැක්ටී­රි­යාව ආසා­ද­නය වූ පුද්ග­ල­යන්ට ප්‍රථ­ම­යෙන් ඇති­වන රෝග ලක්ෂ­ණය වන්නේ ආහාර අරු­චි­යයි. ඉන්පසු හිස­ර­දය, මස්පිඩු වේද­නාව, උණ සහ ඇඟ­පත වේද­නාව වැනි රෝග ලක්ෂ­ණද ඇති­වන බව වාර්තා වේ. 

ලන්ෂූ නග­රය පිහිටා ඇති ගන්ෂු ප්‍රාන්තයේ සෞඛ්‍ය කොමි­සම තහ­වුරු කර ඇත්තේ මේ වන විට 21,487කට බැක්ටී­රි­යාව ආසා­ද­නය වී ඇති බව තහ­වුරු වී ඇතත් එක් මර­ණ­යක් හෝ වාර්තා වී නොමැති බවයි. දැනට තහ­වුරු වී ඇති අන්ද­මට බැක්ටී­රි­යාව සමාජ ගතවී අැත්තේ ලන්ෂූ නග­රයේ සත්ත්ව එන්නත් නිෂ්පා­ද­නය කරන ඖෂධ සමා­ග­මක අත්වැ­ර­දී­ම­කිනි. මෙම බැක්ටී­රි­යාව බෘසෙල්ලා නම් වන අතර එය ආසා­ද­නය වීමෙන් වැල­ඳෙන රෝගය බෘසෙ­ල්ලො­සිස් යනු­වෙන් නම් කර තිබේ. සීඑ­න්එන් සේව­යද මේ රෝගය වාර්තා කර තිබුණේ බෘසෙ­ල්ලො­සිස් යනු­වෙනි. 

චීනය මේ වන විට මේ රෝගය ‘වසං­ග­ත­යක්‘ (Outbrake) යනු­වෙන් නම් කර තිබේ. එමෙන්ම චීන රජය රජයේ රෝහ­ල්ව­ලට නියෝග කර ඇත්තේ මේ බැක්ටී­රි­යාව ආසා­ද­නය වී ඇති­දැයි පරීක්ෂා කර ගැනී­මට රෝහල් වෙත එන ජන­තා­වට නොමිලේ එම පර්යේ­ෂ­ණ­යන් කර දෙන ලෙසයි. 

මේ අතර චීන­යෙන් තව­දු­ර­ටත් කොවිඩ් රෝගීන්ද අඛ­ණ්ඩව වාර්තා වෙමින් තිබේ. පසු­ගිය සති­යේදී කොවිඩ් ආසා­දි­ත­යන් 32ක් වාර්තා වූ අතර දෛනි­කව ආසා­දි­ත­යන් නව දෙනෙක් පමණ චීන­යෙන් වාර්තා වෙමින් තිබේ. 

මේ අතර සමස්ත ලෝකයේ කොවිඩ් මරණ මිලි­න­යන සම්පූර්ණ කිරී­මට ඉතා ආස­න්නව සිටී. මේ වන විට සමස්ත කොවිඩ් මරණ 9,81,968ක් වාර්තා වී ඇති අතර බොහෝ දුරට මේ සතිය අව­සන් වීමට පෙර සමස්ත කොවිඩ් මරණ මිලි­ය­නය ඉක්මවා යනු ඇත. සමස්ත ලෝක­යෙන් මේ වන විට කොවිඩ් ආසා­ද­නය වූ සංඛ්‍යාව මිලි­යන 32කි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය පව­සන්නේ මේ වන විටත් වයි­ර­සයේ ව්‍යප්තිය කිසිඳු අන්ද­ම­කින් පාල­නය වී නොමැති බවයි. 

එමෙන්ම පෘථි­වියේ උතුරු අර්ධ­ගෝ­ල­යට ශීත සමය එළ­ඹී­මට නිය­මිත බැවින් ඉදි­රි­යේදී යුරෝපා රට­ව­ලින් තවත් විශාල වශ­යෙන් කොවිඩ් රෝගීන් වාර්තා විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය අන­තරු අඟවා තිබේ. ලෝක කොවිඩ් සට­හනේ දාහ­ත­ර­වන ස්ථානය දක්වා පසු­බැස ගියද මහා බ්‍රිතාන්‍ය මේ වන විට නැවත ආසා­දි­ත­යන්ගේ වර්ධ­න­යක් පැහැ­දි­ලි­වම පෙන්නුම් කර­මින් තිබේ. ලන්ඩන් නග­රය තව­මත් ආර­ක්ෂිත වුවද උතුරු ප්‍රදේ­ශ­යෙන් දෛනි­කව වාර්තා වන ආසා­දි­ත­යන්ගේ විශාල වැඩි­වී­මක් දක්නට ලැබෙ­මින් තිබේ. 

ඉන්දි­යාවේ තත්ත්ව­යද ඉතා­මත් කනගා­ටු­දා­ය­කය. මේ වන විට මිලි­යන පහ ඉක්මවා ආසා­දි­ත­යන් වාර්තා වී ඇති ඉන්දි­යාව ඉදි­රි­යේදී මිලි­යන හතක් මේ වන විට ආසා­දි­ත­යන් වාර්තා කර ඇති ඇම­රි­කාව ඉක්මවා යෑම­ටද ඉඩ තිබේ. ඇම­රි­කානු ජන­තා­ව­ගෙන් වයි­ර­සය පාල­න­යට සහ­යෝ­ගය නොලැ­බු­නද ඇම­රි­කාව සතුව යම් යම් සෞඛ්‍ය පහ­සු­කම් ඉන්දි­යා­වට සාපේ­ක්ෂව පව­තින බව පැහැ­දි­ලිය. එමෙන්ම සෞඛ්‍ය පහ­සු­කම් අවම ඉන්දි­යා­වේද වයි­ර­සය පාල­න­යට ජන­තා­ව­ගෙන් ලැබෙන සහය අව­මය. එබැ­වින් ඉදි­රි­යේදී ඉන්දි­යා­වෙන් වාර්තා­වන ආසා­දි­ත­යන් සංඛ්‍යාව ඇම­රි­කාව ඉක්මවා යෑමට වුවද ඉඩ තිබේ. එමෙන්ම මේ වන විට ඉන්දි­යාව කොවිඩ් හේතු­වෙන් රට තුළ පනවා තිබූ සියලු තහ­නම් ඉවත් කර සාමාන්‍ය පරිදි පව­ත්වා­ගෙන යමින් සිටී. පසු­ගි­යදා ටජ් මහ­ලද සංචා­ර­ක­යන්ට සම්පූ­ර්ණ­යෙන් විවෘත කිරී­මට ඉන්දීය බල­ධා­රීහු කට­යුතු කළහ.

Comments