Samsung Sri Lanka ප්‍රවර්ධන වැඩසටහන් පෙළක් | සිළුමිණ

Samsung Sri Lanka ප්‍රවර්ධන වැඩසටහන් පෙළක්

 Samsung Sri Lanka විසින් සිය පාරිභෝගිකයන් සහ හිතවත් අලෙවි නියෝජිත ජාලයේ වෙත ආකර්ෂණීය ත්‍යාග ප්‍රදානය කිරීමේ අරමුණින් මේ සැප්තැම්බර් මාසයේ දී අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් පෙළක් ක්‍රියාත්මක කරයි . ‘Samsung Mobile Wasi Mase’ සහ Mega Vehicle Bonanza එළිදැක්වීමත් සමඟ Samsung ප්‍රවර්ධන මාසය ආරම්භ වන අතර මේ හරහා දැනට පවතින වෙළඳපොළ නැංවීමට අවශ්‍ය කර තිබුණු උපරිම ජවය සහ ආකර්ෂණය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

Samsung Mobile ‘Wasi Mase’ හරහා තෝරාගත් දුරකථන වලට ආකර්ෂණීය වට්ටම් දීමනා සහ පොලී රහිත වාරික ලෙස පහසු ගෙවීමේ අවස්ථා හඳුන්වාදී ඇත. වැඩියෙන්ම අලෙවි වන Samsung දුරකථන රාශියක් අතරින් තමන් කැමති ඕනෑම දුරකථනයක් සුවිශේෂී මිලකට තෝරා ගැනීමේ අවස්ථාව මේ හරහා පාරිභෝගිකයන්ට හිමි වේ. ‘Samsung Mobile Wasi Mase’ ප්‍රවර්ධන වැඩසටහනට අයත් ස්මාර්ට් ජංගම දුරකථනය වන්නේ Galaxy A21s (රු.1000 අඩු කළ) වේ. තමන් භාවිත කරන දුරකථනයට වඩා ඉහළ විශේෂාංග ඇතුළත් අලුත් දුරකථනයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන අයට නව මිල ගණන් ගැන කරදර නොවී වඩාත් සහනදායී මිලකට දුරකථනයක් මිලදී ගැනීමේ අවස්ථාව මෙයින් උදාවේ.

Comments