යුද හමුදාවේ ‘තුරු මිතුරු’ වැඩසටහන සමඟ කොමර්ෂල් බැංකුව එක් වෙයි | සිළුමිණ

යුද හමුදාවේ ‘තුරු මිතුරු’ වැඩසටහන සමඟ කොමර්ෂල් බැංකුව එක් වෙයි

‘තුරු මිතුරු නව රටක්’ වැඩසටහන යටතේ කෘෂි කාර්මික යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ බෙදාදීමේ අවස්ථාවට බැංකුවේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක්ද සහභාගී විය.

ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තුළින් ස්වයංපෝෂිත කිරීම සඳහා සකස් කර තිබෙන ‘තුරු මිතුරු නව රටක්’ වැඩසටහනේ දෙවන අදියර සඳහා මූල්‍ය සහයෝගය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ ඒකාබද්ධ වී තිබේ.

මේ අනුව, මේ වැඩසටහනේ දෙවන අදියර යටතේ මධ්‍යම පළාතේ ආරක්ෂක සේනා මූලස්ථානයේ සමීප අධීක්ෂණය යටතේ ජාතික අවශ්‍යතාව සපුරාලීම සඳහා අඩු ආදායම්ලාභී ගොවි පවුල් 150 ක් සම්බන්ධ කරගනිමින් අක්කර 125 ක විවිධ වූ බෝග වර්ග වගා කිරීමට සැලසුම් කර තිබේ. මෙහිදී, මෙම ගොවීන්ට අයත් ඉඩම්වල මෙම බෝග වර්ග වගා කිරීමට අවශ්‍ය පහසුකම්, කුසලතා සහ දැනුම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සපයනු ඇත.

මෙම වැඩසටහන සඳහා කොමර්ෂල් බැංකුව ලබා දෙන අරමුදල් අත් ට්‍රැක්ටර්, මිනි කල්ටිවේටර් සහ මිනි රොටරි ස්ලෑෂර් ඇතුළු කෘෂි කාර්මික යන්තු සූත්‍ර සහ උපකරණ මිලදී ගැනීමටත් ලීටර් 10,000 ක වතුර ටැංකි, වතුර පොම්ප සහ කිලෝ 620 ක කැරට්, බෝංචි, බඩ ඉරිඟු බීජ මිලදී ගැනීම සඳහාත් යොදවනු ඇත.

Comments