සතියේ කවි පොත | සිළුමිණ

සතියේ කවි පොත

කෘතිය - සරද නුඹ තරු වැල
කර්තෘ - සුපුන් අතු­කෝ­රල
ප්‍රකා­ශක සන්ථව ප්‍රකා­ශ­න­යකි.

මිල -රු. 250.00 පිටු-55
සරද නුඹ තරු­වැල සුපුන් අතු­කෝ­ර­ලගේ දෙවන කාව්‍ය සංග්‍ර­හ­යයි. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍ර­හය වන ප්‍රේම­යට ඉඩක් ඇත නිකුත් වන්නේ 2016 වස­රේ­දීය. වෘත්ති­යෙන් බැංකු නිල­ධා­රි­යකු වන සුපුන් කලක් තිස්සේම කවියේ නව මාන­යන් සොය­න්නට වෙහෙස වන්නෙකි.
ප්‍රේම­යට සීමා මායිම් නැත. උස් පහත් බේද, විවා­හක අවි­වා­හක බව අදා­ළම නැත. හීලැ නැති හිත් හිතෙන හිතෙන තැන් වල නතර වේ. ඒ නතර වුණ විට ඇති වන ඇතැම් ආද­ර­ණීය බැඳිම් බලට නමක් නැත. එවැනි බැඳිම් වලදි ඇය හෝ ඔහු සමා­ජය ඉදි­රියේ හඳුන්වා දෙන්නට නමක් ද නැත. විවාහ සැමියා බිරිඳ සමඟ සමා­ජයේ පෙනි සිටිද්දි ඇතැ­මුන් සිටින්නේ තම හද ගත් ඇය සම­ඟය; ඔහු සම­ඟය. එවැනි බැඳිම් ඇති ඇය ඔහුගේ කවු­දැයි තමන් හඳුන්වා දීමට බැරි ළතැ­වි­ල්ල­කින් පෙළේ. කවියා මේ ලියන්නේ එවැ­න්නි­යක් තුළ ඇති ළතැ­වි­ල්ලයි. හිතේ ඇති අප­රි­මිත බැඳීමට ඒ ආද­ර­යට කුමන නම­කින් නම් හඳුන් වන්නද? විවා­හ­ක­යකු සමඟ ඇති­ක­ර­ගත් ප්‍රේමය විදි­න්නි­යක් නොව විද­ව­න්නි­ය­කගේ ආත්ම­ ක­ත­න­යකි මේ. මාතෘ­කාව “මම නොවේ ඇය”. 

“ විවා මඟු­ල්වල
ප්‍රිය සාද­වල
මුහුණු පොතේ
පින්තූ­ර­වල
ඔබ එක්ක
සිටින්නෙ කවු­රුද
මම නොවේ ඇය....

හඬන තර­මට
පපුවේ මගේ වම් පැත්ත
සිනා­සෙ­නවා ඇගේ
වම් අතේ වෙදැඟිල්ල....

ඇත්ත­ටම
මම ඔබේ කවු­රුද
අසන විට හද­වත
කියා­ග­න්නවා මම මටම...

අහ­සේ­ති­බෙ­නා
හඳුන නොගත්
අප­මණ තරු වැල්....
ලෝකෙත් තිබෙ­නවා
සිති­ය­ම්වල නැති
දුපත්......”

නමක් නැති ඒ පෙම හරි­ය­ටම කිව්වොත් නමක් නැති දූපත් , හඳුනා නොගත් තව­මක් නමක් නැති අහසේ තරු වැනිය. කවියා ඒ බැඳිම ගැන කිය­න්නට යොදා ගන්නේ අපූරු වචන පෙළකි..
එන යන වෙලා­වක් නතර වුණ තැනක් ගැන කිය­න්නට දන්නේ නැත. නමුත් එසේ පැමිණි ආද­රය හැර යන්නේ බොහෝ කතා අව­සා­න­යේය. ඒ යන්නේද බොහෝ තර්ක විතර්ක කිරීම් වලින් පසු­වය. ඕනෑ­විට බදා වැල­ඳ­ගත් ආද­රය එපා වූ විට යන්න ගිය අයුරු කවියා පව­සන්නේ මෙලෙ­සනි. මාතෘ­කාව ආද­රය.
“අව­සර නොලබා
ඇතුළු වී
අව­සර ලබා
පිටත්ව යන්නට හදයි”
දේශ­පා­නය ගැන ඇතැ­මෙ­කුට ඇත්තේ කන­ගා­ටු­වකි. තවත් කෙනෙ­කුට ඇත්තේ කල­කි­රී­මකි. කිසි­වෙකු ගැන ගෞර­ව­යක් නැති මාන­යෙන් හිස උදුම්මා ගත් පුහු මිනි­සෙ­කුගේ ක්‍රියා­වක් කවියා පද හත­ර­කින් ලියයි. ඔහු කිසි­වෙ­කුට බණින්නේ නැත. කවිය අව­සා­නයේ අපට මේ සමාජ ක්‍රමය ගැන ඇති වන්නේ දුකකි. ගුරු­ව­රිය ගැන නොව මේ සමාජ ක්‍රමය ගැනම ඇති වන්නේ කන­ගා­ටු­වකි. මාතෘ­කාව “අකු­රු­ව­ල­ටත් ඉකි­ගැ­සිනි“.
“නිල දන බලය ඉති­රිණි
රුදු රළු වදන් පිට විණි
පවර ගුරු සිත රිදිණි
අකු­රු­ව­ල­ටත් ඉකි ගැසිණි”
කලක් තිස්සේ ගම තනිව තිබේ. ගමට ඒ තනි­කම උරුම වුයේ ගමේ සිටි ඇත්තෝ ක්‍රම­යෙන් නග­ර­යට සංක්‍ර­ම­නය වීම නිසාය. ඇතැ­මෙක් නග­ර­යට ආවේ රැකියා සඳ­හාය. ඇතැ­මෙක් ආවේ උසස් අධ්‍යා­ප­නය සඳ­හාය. තව­කෙක් ආවේ දරු­වන්ට උසස් පාසල් සොයාය. තව­කෙක් ව්‍යාපාර ඇර­ඹිම ආදි වූ දහ­ස­කුත් එකක් කාරණා මුල්ක­ර­ගෙන නග­ර­යට ආහ. ඒ ආ කිසි­වෙක් නග­රයේ කොයි යම් හෝ ඉස­ව්වක රැඳුණා මිසක් යළි ගමේ පදිං­චි­යට ගියේ නැත. යළි ගමට ගියා නම් ගියේ මර­ණ­ය­කට මඟු­ල­කට ආදි දෙය­කට පමණි. එවැ­න්න­ක­ටත් උපන් ගමට නොගිය කෙනෙකු අනි­වා­ර්ය­යෙන්ම සිංහල අවු­රු­ද්දට ගමට ගියේය. නග­රය ගමට ගිය විට ඒ දවස් දෙක තුනට නග­රය පාළු­විය. දැන් ගම ද නග­රය ද කියා වෙන­සක් නැත. සිංහල අවු­රු­ද්දට පාළු­වන ගමත් රුප පෙට්ටිය සමඟ සම­රණ අවු­රු­ද්දත් ගැන සුපුන් ලියන්නේ මෙලෙ­සිනි. මාතෘ­කාව “ලාබයි අවු­රුද්ද“
මේ හැරුණ විට ඔහු මාතෘකා ගණ­නා­වක් යටතේ ලියූ නිර්මාණ ගණ­නා­ව­කින් මිනිස් සිත අභ්‍ය­න්ත­ර­ය­ටම කතා කරයි. ඇතැම් කවි­යක් අව­සා­නයේ හිතට දැනෙන්නේ සංවේදි බවකි. ඇතැම් කවි අපට මේ සමා­ජය දෙස වෙනස් මුහුණු වර­කින් බල­න්නට පොල­ඹ­වයි.
සුපුන් අතු­කෝ­රල යොවුන් කවි­යාට මේ මගෙහි තව බොහෝ දුර යා හැකිය.

Comments