රට වටේම දැවැන්ත ආර­ක්ෂක දැලක් | Page 2 | සිළුමිණ

රට වටේම දැවැන්ත ආර­ක්ෂක දැලක්

සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් මෙර­ටින් පලා­යා­මට දරන උත්සා­හ­යන් ව්‍යර්ථ කිරී­මට මෙන්ම නීති විරෝ­ධීව රටට ඇතුළු වන්නන් වළ­ක්වා­ලීම පිණි­සත්, තහ­නම් භාණ්ඩ රට තුළට ගෙන ඒම වළ­ක්වා­ලීම පිණි­සත් පුළුල් ආර­ක්ෂක ජාල­යක් ක්‍රියා­ත්මක කිරී­මට ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය කට­යුතු යොදා ඇත. ඒ සඳහා ත්‍රිවිධ හමු­දාව, විශේෂ කාර්ය බළ­කාය, පොලි­සිය හා උතුරේ ධීවර ප්‍රජා ආර­ක්ෂක කමිටු සහා­යද ගෙන තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් අප කළ විම­සී­ම­කදී හමුදා මාධ්‍ය ප්‍රකා­ශක බ්‍රිගේ­ඩි­යර් චන්දන වික්‍ර­ම­සිංහ සිළු­මි­ණට පැව­සුවේ භූමියේ ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් අවශ්‍ය සියලු ක්‍රියා­මාර්ග ගෙන ඇති බවත් ජාතික ආර­ක්ෂාව සැලැ­සීම වෙනු­වෙන් උප­රිම ලෙසින් කට­යුතු යොදා ඇති බවයි. ඒ වෙනු­වෙන් ත්‍රිවිධ හමු­දා­වම ඒකා­බ­ද්ධව කට­යුතු කරන බවද ඔහු කීය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකා­ශක කපි­තාන් ඉන්දික ද සිල්වා පැව­සුවේ උතුරේ ධීවර ප්‍රජා ආර­ක්ෂක කමිටු සහාය ලබා ගෙන වැඩි වශ­යෙන් අන­ව­සර සංක්‍ර­මණ සිදු­වන මන්නා­රම දකුණු මුහුදේ මුර සංචා­රක වැඩි කර ඇති බවයි. එමෙන්ම ගුවන් ආවේ­ක්ෂණ කට­යු­තු­ව­ලින් ගුවන් හමු­දාව විසින් දාය­ක­ත්වය සප­යනු ලබන බවත් පොලි­සිය හා සෙසු ආර­ක්ෂක අංශ හා එක්ව රටේ උප­රිම ආර­ක්ෂාව වෙනු­වෙන් ඒකා­බ­ද්ධව කට­යුතු කරන බවයි. අප­රා­ධ­ක­රු­වන් රටින් පිට­වීම වැළැ­ක්වීම පිණිස උප­රිම බලය යොදා ඇති බවද ඔහු පැව­සීය.

පොලි­සිය විසින් රට තුළ සිවිල් නීතිය ක්‍රියා­ත්මක කරද්දී රටෙන් මුහුදු මඟින් පැන­යා­මට උත්සාහ දරන පුද්ග­ල­යන් කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කර ඇතැ­යිද පැවසූ නාවික හමුදා මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා දිවා රෑ දෙකෙ­හිම මුර සේවා තර කර ඇති බව කීය.

 

Comments