ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ගේ චිත්‍රපට වාර්ෂිකය එළිදකී | සිළුමිණ

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ගේ චිත්‍රපට වාර්ෂිකය එළිදකී

ප්‍රවීණ මාධ්‍යවේදී, ගේය පද රචක සහ ලේඛකයකු වන ඇන්ටන් ජේ.ප්‍රනාන්දු විසින් සංස්කරණය කරන ලද 2018 චිත්‍රපට වාර්ෂිකය පසුගියදා නිකුත් විය.

මෙම ග්‍රන්ථයට 2018 වසරේ තිරගත වූ සියලුම චිත්‍රපටවල සියලු තොරතුරු සහ එම චිත්‍රපට සඳහා ඇතුළත් වූ සියලුම ගීතවල නිවැරදි පදමාලා සහ තවත් තොරතුරු ඇතුළත් කර ඇත.

ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රකාශනයක් වන මෙම කෘතිය සරසවි පොත්හල් ජාලය මගින් මිලදී ගත හැකිය. ඊට අමතරව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ පොත් අලෙවි කුටියෙන් සහ නයින් පබ්ලිෂින් පොත් අලෙවි කුටියෙන්ද මිලදී ගත හැකිය.

 


Comments