ශ්‍රී ලංකා – ඉන්දිය අග්‍රාමාත්‍යවරු අතර සාකච්ඡාවක් | සිළුමිණ

ශ්‍රී ලංකා – ඉන්දිය අග්‍රාමාත්‍යවරු අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහාත අතර ද්විපාර්ශවීය සමුළුවක් විඩියෝ තාක්ෂණය ඔස්සේ ලබන සෙනසුරාදා(26) පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි. 
 
මෙම සාකච්ඡා පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා අගමැතිවරයාගේ නවදිල්ලි සංචාරයෙන් පසුව පවත්වන ලද සාකච්ඡාවල පසු විපරම් කොටසකි. දෙරටේ අග්‍රාමාත්‍යවරු එහිදී එකඟතාවක් ඇති කර ගනු ලැබුවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන බහුවිධ ද්විපාර්ශවීය සබඳතා සමාලෝචනය කිරීමටය.
 
ඒ අනුව විඩියෝ තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතරේ මෙම සමුළුව පැවැත්වේ .
 
දෙරටේ අදාළ විෂයභාර අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සමුළුවට එක්වීමට නියමිත ය.
 
පසුගිය මාසයේ දී අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදේශීය නායකයකු සමඟ විඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන පළමු සමුළුව මෙය වේ.

Comments