හතර වටේ ගොසිප් | සිළුමිණ

හතර වටේ ගොසිප්

 

තර­ග­යට බියේ  විහි­ළු­වෙන්ම  ඉවත් වෙලා

කොළ පාටියේ අවු­ලක් වෙලා තිබූ නාය­ක­ත්වය තව සති දෙක තුන­කින් හරි යනවා කිය­ලයි කියන්නේ.

කොළ පාටියේ දෙවන නාය­කයා එසේත් නැත්නම් උප නාය­කයා තෝර­ග­න්නට ඉකුත් සඳුදා පුළු­වන් වුණාලු.

මෙම තෝරා ගැනීම සිදුවූ අව­ස්ථාවේ හරි හරි රස කතා ඇති වුණා කිය­ලයි ආරං­චිය.

මේ සට­නට මුලදී සිවු­දෙ­නකු ඉදි­රි­පත් වුණාලු. ඉන් එක් අයෙකු බදුල්ලේ නාය­කයකු වන අතර ඔහු සට­නට කලින් ම ඉවත්ව ගියා කිය­ලයි පැව­සෙන්නේ.

අනෙක් තිදෙනා අතර සිටි ගාලු දිස්ත්‍රි­ක්කයේ නාය­කයා දිගින් දිග­ටම විහිළු තහළු කර­මින් තමන් ද මෙම සට­නින් ඉවත් වන බව ප්‍රකාශ කරාලු.

මේ ‍සඳහා ඡන්ද විම­සන අව­ස්ථාවේ විහි­ළු­වට ඉවත් වනවා කීව ‘නාය­කයා’ ඇත්ත­ටම ඉවත් වෙලා කිය­ලයි ආරං­චිය.

පුතාණෝ සහ  තිදෙ­නෙක්  අලුත්  කතා­බහක

පුතා­ණෝගේ පාටිය සමගි කම අත­හැර අස­ම­ගි­කම් රැස­කින් පිරිලා කිය­ලයි ආරං­චිය.

පුතාණෝ මේ බැව් දැන දැනත් නොදන්නා සේ ඉන්නවා කිය­ලයි කියන්නේ.

රජ ගෙද­රට විරු­ද්ධව නොයෙක් ප්‍රචාර සිදු කර­න්නට පුතා­ණෝගේ පාටියේ අය අලුත් වැඩක් ආරම්භ කර ඇති බව පැව­සෙ­නවා.

මේ සඳහා මුහුණු පොත සහ සමා­ජ‍ ­මාධ්‍ය භාවිත කර­නව කිය­ලයි කියන්නේ.

දිය­වන්නා සාමා­ජි­ක­යන් මුද­ලට ගන්න ආණ්ඩුව කට­යුතු කර­නවා කියන ප්‍රවෘ­ත්තිය වැඩි­පුර ප්‍රචා­රය කර­න්නට පුතා­ණෝගේ පාටියේ කොළඹ දිස්ත්‍රි­ක්කය නියෝ­ජ­නය කරන දිය­වන්නා සාමා­ජි­ක­යන් තිදෙ­නෙකු කට­යුතු කර­න­වලු.

මුහුණු පොතෙන්  සතුටු වන  දිය­වන්නා  සාමා­ජි­කයා

නිල් පාටියේ සිට කොළ පාටි‍යට පැන මේ වන­විට පුතා­ණෝගේ පාටියේ නාය­කයා වෙන්න සිහින දකින කොළ­ඹින් දිය­ව­න්නාව නියෝ­ජ­නය කරන උස මහ­ත්මයා ලොකු අවු­ලක ඉන්නවා කිය­ලයි ආරං­චිය.

ජන­මා­ධ්‍ය­ව­ලට බොහොම ආස කරන මොහුට මේ දින­වල ප්‍රචා­ර­යක් නැතැයි කියලා පුතා­ණෝගේ පාටි‍යේ ප්‍රබ­ලයන් කිහිප දෙනකු සමඟ අවු­ලක් ඇති කර ගෙනයි කිය­ලයි කියන්නේ.

මේ තත්ත්වය සම­න­ය­කට පත් කරන්න ඉදි­රි­පත්වූ බදුල්ල පැත්තේ නාය­ක­යකු මොහු­ගෙන් හොඳ­ටම අහ­ගත්තා කිය­ලත් ආරං­චියි.

තමන්ට ප්‍රචා­රය නොලැ­බු­ණාට සමාජ මාධ්‍ය සහ මුහුණු පොත හොඳ­ටම ඇති කියලා මොහු සතුට ප්‍රකාශ කරා කිය­ලයි කියන්නේ.

ගම්පහ සහ  බදුල්ලේ ඇමැ­ති­වරු  හතර දෙනෙක්  අමු­තුම සට­නක

ති ඇමැ­ති­ව­රුන් අතර නොයෙක් නොයෙක් හැල හැප්පිලි ටික ටික ඇති­වෙලා කිය­ලයි ආරං­චිය.

බදුල්ල පැත්තේ මැති ඇමැ­ති­වරු දෙදෙ­නකු නිතර නිතර ප්‍රසිද්ධ වේදි­කාවේ විවේ­ච­නය කර ගන්නවා කිය­ලයි කියන්නේ.

එක් අයෙක් දිග­ටම කැබි­නට් ඇමැ­ති­ව­ර­ය­කුව දිය­ව­න්නාවේ සාමා­ජි­ක­ත්වය දරන අතර අනික් ඇමැ­ති­ව­රයා නව ඇමැ­ති­ව­ර­යකු බවයි පැව­සෙන්නේ.

මේ ආකා­ර­ය­ටම ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ඇමැ­ති­වරු දෙදෙ­නකු අත­රත් ගැටුම් ඇති­වෙ­ලාලු.

පොහොට්ටු පාටි­යෙන් මහ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත්වූ මේ දෙදෙනා එක් කාල­ය­කදී ගජ මිතු­රන් කිය­ලයි කියන්නේ.

ඒත් දැන් දැන් මේ පිළි­බ­ඳව ජනා­ධි­පති මන්දි­ර­යට තොර­තුරු ලැබිලා කිය­ලත් කිය­නවා.

හිටපු රජු බිය­ව­ද්දන කොළඹ හාදයා

යහ­පා­ලන රජය පැවැති සමයේ පුල­ති­සි­පුර නාය­ක­තු­මන්ගේ පානෙන් එළිය බලා­ගෙන දිය­ව­න්නා­වට පැන ගත්ත නිල් පාටියේ ඇත්තෙක් දැන් දැන් අලුත් පත්වීම් පස්සේ යන­වලු.

නිල් පාටි­යෙන් දිය­ව­න්නා­වට තරග කරලා අන්ත පරා­ජ­යක් ලබපු මෙයාට යහ­පා­ලන රජය විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී­ක­මක් මෙන්ම ඇම­ති­ක­මක් ද ලබා­දුන්න කිය­ලයි කියන්නේ.

වර්ත­මාන යුව රජ­තු­මාට අවස්ථා කිහි­ප­ය­ක­දීම විරු­ද්ධව කට­යුතු කරා කියන මොහු මෙවර දිය­වන්නා සට­නට පොහොට්ටු පාටි­යෙන් කොළ­ඹින් සටන් කරාලු.

යුව රජුට ආලය පෙන්නලා රතු පාටිය අවුල් වෙලා

රතු පාටියේ නාය­ක­යන් සුපු­රුදු පරිදි රජ­යට එරෙ­හිව නොයෙක් නොයෙක් කට­කතා පතු­ර­ව­නවා කිය­ලයි කියන්නේ.

යුව රජුට නොයෙක් චෝදනා එල්ල කළ මෙම නාය­ක­යන් යුව රජුගේ බලය අඩු වෙතැයි බිය වෙලාලු.

රජ­තු­මාට වැඩි බල­යක් ලබා­දෙන්න යනව කියල රතු­පා­ටිය හරි­යට කල­බල වෙලා කිය­ලයි කියන්නේ.

රතු පාටි­යෙන් දිය­ව­න්නා­වට පැන ගත්ත නාය­ක­යෙකු දිගින් දිග­ටම මේ කතාව කිය­නවා කියලා රතු පාටියේ තවත් නාය­ක­යෙකු හොඳ­ටම දෙහි කැපුවා කිය­ලයි ආරං­චිය.

වෘත්තීය සග­යන්ට නාය­ක­ත්වය දෙන මොහු රතු පාටියේ සිටින කල­බල කාර­යකු ලෙසත් ප්‍රසි­ද්ධයි කියන්නේ.

රජ ගෙද­රට බැට දෙන්න ගිහින් රතු පාටියේ නාය­ක­යන් බැට කනවා කිය­ලයි ආරං­චිය.

 

 

Comments