නඩු විස­ඳන්න ස්කයිප් තාක්ෂ­ණය | සිළුමිණ

නඩු විස­ඳන්න ස්කයිප් තාක්ෂ­ණය

ධි­ක­ර­ණ­ව­ලට බන්ධ­නා­ගාර රැඳ­වි­යන් ඉදි­රි­පත් කිරී­මේදී පව­තින ප්‍රායෝ­ගික දුෂ්ක­රතා සඳහා වික­ල්ප­යක් වශ­යෙන්, මෙන්ම පසු­ගිය කොරෝනා සමයේ අධි­ක­ර­ණය තුළ බන්ධ­නා­ගාර රැඳ­වි­යන් සම්බන්ධ නඩු ඇසීමේ ක්‍රම­වේ­දය පහසු වනු පිණිස, අලු­තින් අත්හදා බැලුණු වීඩියෝ තාක්ෂ­ණික ක්‍රමය මඟින් නඩු ඇසීම සිදු­කෙ­රුණු අතර එය සාර්ථක ක්‍රම­යක් ලෙස ඔප්පු වී ඇත. ශ්‍රී ලංකාව තුළ මෙම වීඩියෝ තාක්ෂ­ණය අත්හදා බැලුවේ මුල්ව­රට වන අතර එය ක්‍රියා­ත්මක කිරීම සම්බ­න්ධ­යෙන් ක්ෂේත්‍රයේ කිහිප දෙනෙ­කු­ගෙන්ම විමසා බැලු­වෙමි.

අධි­ක­රණ අමා­ත්‍යාංශ‍යේ අති­රේක ලේකම් මාධ්‍ය, පාලන, රෝහන හපු­ග­ස්තැන්න මේ සම්බ­න්ධ­යෙන් සිළු­මි­ණට මෙසේ කීය.

“අධි­ක­රණ කට­යුතු සඳහා බන්ධ­නා­ගා­ර­යෙන් අධි­ක­ර­ණ­ව­ලට රැඳ­වි­යන් ගෙන­යන විට, පව­තින හා පැන­නැ­ගුණු දුෂ්ක­ර­තාව නිසායි, මෙම නියමු ව්‍යාපෘ­තිය ගොඩ­නැ­ගුවේ. මෙයට අපට සම්පූර්ණ සහාය දුන්නේ ශ්‍රී ලංකා ටෙලි­කොම් ආය­ත­න­යයි.

එව­කට අධි­ක­රණ ඇමති නිමල් සිරි­පාල ද සිල්වාගේ ඉල්ලී­ම­කට අනුව, ශ්‍රී ලංකා ටෙලි­කොම් ආය­ත­නයේ නියමු ව්‍යාපෘ­ති­යක් ලෙසින් මෙම වැඩ­ස­ට­හන සැක­සුවෙ. මෙහි එක් කැමරා පද්ධ­ති­යක්, කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ උසා­වි­යේත්, තවත් කැමරා පද්ධ­ති­යක් කොළඹ වැලි­කඩ බන්ධ­නා­ගා­ර­යේත් ස්ථාපිත කළා.

මෙම ටෙලි­කොම් නියමු ව්‍යාපෘ­තිය දින 7ක් ක්‍රියා­ත්මක කළා. උසා­විය තුළ විනි­සු­රු­වරු කැමති වුණා. සාමා­න්‍ය­යෙන් මාස­යක් ගත­වෙ­නවා නඩු 100 අහන්න. නමුත් පැය 2කින් අහලා ඉව­ර­ක­රන්න හැකි­වුණා.

මේ ක්‍රම­යට ඉදි­රි­යේදී නඩු අහන්න පහසු වෙන්න නම්, නඩු අංක අනුව විත්ති­ක­රු­වන් පිළි­වෙ­ළ­කට සකසා පිළි­වෙ­ළින් ඉදි­රි­පත් කළ යුතුයි.

මෙහිදී මාක­ඳුරේ මධුෂ් වැනි පාතාල සාමා­ජි­ක­යන් ඉදි­රි­පත් කිරී­මේදී සැල­කි­ලි­මත් විය යුතුයි. මෙය කිසි­යම් සංවි­ධා­නා­ත්මක ක්‍රම­වේ­ද­ය­කට අනුව සකස් වූවක්.

විදේශ රට­වල නම් මෙම ක්‍රම­වේ­දය බොහොම හොඳින් ක්‍රියා­ත්ම­කයි. මේ ගැන හොඳින් අධ්‍ය­ය­නය කරලා තමයි මෙවැනි අවස්ථා ප්‍රයෝ­ජ­න­යට ගැනී­මට මෙවැනි ක්‍රම­වේද සකසා ඇත්තේ. කැබි­නට් මණ්ඩ­ල­යෙන් අනු­මැ­තිය ලබා දුන්නා.”

මේ සම්බ­න්ධ­යෙන් ගරු අධි­ක­රණ, මානව හිමි­කම් හා නීති ප්‍රති­සං­ස්ක­රණ අමා­ත්‍ය­තු­මාගේ පෞද්ග­ලික ලේකම්, නීතිඥ අනිල් ගයාන් කෞෂ්‍ය මෙසේ කීය.සාමා­න්‍ය­යෙන් මේ ක්‍රමය ඇමෙ­රි­කාවේ රට­වල් බොහො­ම­යක් භාවිත කර­නවා. නමුත් අපි යාව­ත්කා­ලීන වෙලා නැහැ. ඒ නිසා නඩු ගොඩ­ග‍ැ­හෙ­නවා. මෙම ක්‍රමයේ වාසි වැඩියි. පරණ ක්‍රමය නාස්තිය වැඩියි. කාලය ගත­වීම වැඩියි. නඩු ගොඩ­ගැ­සීම වැඩියි. එක් නඩු­වක් සඳහා උසා­විය අවට එක්රැ­ස්වන පිරිස වැඩියි.

මේ සිය­ල්ලක්ම අවම කර­ග­ත­හැ­කියි. නව ක්‍රම­වේ­දය මඟින්. නියමු ව්‍යාපෘ­ති­යේදී අප සම්බන්ධ කර ගත්තේ එක් උසා­වි­යක් පම­ණක් වුවත්, අනික් උසා­විත් මේ සඳහා යොදා­ගන්න පුළු­වන්.

වීඩියෝ තාක්ෂ­ණය මඟින් නඩු ඇසීමේ ක්‍රම­වේ­දයේ වාසි හා යහ­ප්‍ර­ව­ණතා සම්බ­න්ධ­යෙන් නීතිඥ සංග­මයේ ලේකම් රජිව් අම­ර­සූ­රිය ද මෙසේ අද­හස් දැක්වීය.

“අපේ නීති පද්ධ­තිය නවී­ක­ර­ණය කළ යුතුයි. අනිත් රට­වල් ගැන බල­න­විට අපේ තාක්ෂ­ණය පහළ මට්ට­මක පව­තින්නේ. ඒ නිසා කොවිඩ් කාලේ අපේ වීඩියෝ තාක්ෂ­ණය භාවිත කළා.

මෙහිදී අදාළ නඩුව විභා­ග­යට ගැනී­මට පෙර Vidio conference සඳහා නඩුවේ ලේඛන ගොනු­කර තියෙ­නවා. අදාළ නඩුව කැඳ­වන විට එම නඩුවේ තොර­තුරු තමයි ඉදි­රි­පත් කෙරෙන්නේ.

විදේශ රට­වල නම් මේ පරි­ග­ණක පද්ධ­ති­යෙන් පසු ක්‍රියා­ත්මක කරන නඩු ඇසීමේ ක්‍රම­වේ­දය අවු: 10 - 15 කාල­ප­රා­ස­ය­කට පිරි­යම් යෙදුණා.

නඩු කල්යාම සම්බ­න්ධ­යෙන් හැම රජ­යක්ම සාකච්ඡා කරලා තිය­නවා. මොන­හරි විස­ඳු­මක් ඉදි­රි­පත් කරලා තියෙ­නවා. දැනට මේ ක්‍රමය මඟින් කොළඹ උසා­විය පම­ණක් සම්බන්ධ වුවත්, අනි­කුත් පිට පළා­ත්වල උසා­විත් මෙයට ඒක­රාශි කර ගන්නවා.

මෙම­ඟින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ, අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ කල්දැමූ නඩු යම්තාක් දුරට ඉක්මන් වෙනවා.

නඩු කල්යාම ගැන ඇම­ති­තුමා නිත­රම සාකච්ඡා කරලා තියෙන්නේ. නඩු කල්යා­මේදී ළඟ දින දෙන්න බෑ කීවාම ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සු­රු­වන් ළඟ දින දෙනවා. ඇතැ­මුන්ගේ මර­ණය සිදු­වුණ පසු­වත් නඩු අහ­නවා.

ලංකාවෙ, සම­හරු මැරි­ලත් නඩු අහන ක්‍රමය අනා­දි­මත් කාල­යක සිට පව­තින දෙයක්. නඩු අසා ඉක්ම­ණින් නිම කිරීමේ වග­කීම රජ­යට විත­රක් ගන්න බැහැ. සිය­ලුම පාර්ශ්ව­ව­ලට වග­කී­මක් තියෙන්න ඕනෑ.

සම­හරු නඩු පැමි­ණි­ලි­ක­රු­වන් විසින්ම කල්දමා ගන්නවා. නඩු­වට විවිධ වාසි ලබා ගැනීමේ බලා­පො­රො­ත්තු­වෙන්. නමුත් හැම දෙනාම එක­තුවී නඩුව අව­සන් කර ගැනීමේ අර­මු­ණින් නඩු­වට එක­තු­විය යුතුයි.

අධි­ක­රණ වෛද්‍ය වාර්තාව ඊළඟ දින­යට ලැබිය යුතුයි. රස පරී­ක්ෂණ වාර්තාව කඩි­න­මින් ලැබිය යුතුයි.

මේ ආදී වශ­යෙන් නඩු කඩි­නම් කිරීම තනි පක්ෂ­ය­කට නොහැකි අතර හවුල් කීප­යක් එකතු විය යුතුයි.

අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ හා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ නඩු කල්යාම සම්බ­න්ධ­යෙන් අමා­ත්‍ය­ව­රයා දිගින් දිග­ටම අධි­ක­රණ විනි­සුරු කොමි­සම දැනු­වත් කළා. නඩු කල්යාම ගැන දිගු දින ලබා­දී­මට නොහැකි බව කී විට කෙටි දින ලබාදී නඩු ඉක්මන් කිරී­මට උප­දෙස් ලබාදී ඇත.

ඇතැම් නඩු­වල පාර්ශ්ව­යන් පවා නොමැ­තිව නඩු අසන අවස්ථා ඇති අතර ඇතැම් පාර්ශ්ව­යන් මිය­ගොස් සිටි­යදී පවා නඩු අසනු ලැබේ.

ශ්‍රී ලංකා නීති ආධාර කොමි­සන් සභාවේ ජනා­ධි­පති නීතිඥ රොහාන් සහ­බන්දු මහතා මෙසේ කීය. “කොවිඩ් යුගයේ සිර­ක­රු­වන් එහෙට මෙහෙට කරන්න බැහැනේ. ඒ නිසා වීඩියෝ තාක්ෂ­ණය මඟින් නඩු ඇසීමේ ක්‍රම­වේ­ද­යක් සිදු­කළා.

එය අප කාටත් හරිම පහ­සු­වක් වුණා. පිට­ර­ට­වල නම් එසේ තාක්ෂ­ණය භාවිතා කර­නවා. අපට වඩා දියු­ණුයි.

ඉන්දි­යාවේ කොවිඩ් කාලේ නීති­ඥ­වරු අනු­ග­ම­නය කළෙත් ඔවැනි ක්‍රම­යක්. මේ ක්‍රමය නිසා මිනිස්සු එකට එක ගැටෙන්නෙ යොමු වෙන්නෙත් නෑ. සිර­ක­රු­වන් උසා­වි­යට ගෙනි­යන්න අවශ්‍ය වන්නේ නැහැ.

නඩු­කා­ර­තුමා ලිස්ට් එකේ පිළි­වෙ­ළට නඩු අහන්නේ. උසා­වියේ ඉඳලා විනි­සු­රුට පුළු­වන් ඇප දෙන්න. තව­දු­ර­ටත් රිමාන්ඩ් කරන්න පුළු­වන්. දුර­ස්ථ­භා­වය රැගෙන නඩු අහ­න්නත් පුළු­වන්.

කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තුමිය මේක දිග­ටම කර­ගෙන ගියා. ඒ දින­වල උසා­වි­යට මිනි­සුන් ඒම අඩු වුණා. සාර්ථක ක්‍රම­යක් ලෙස ස්කයිප් තාක්ෂ­ණය මඟින් නඩු ඇසීමේ ක්‍රම­වේ­දය ගත හැකියි.

මේ අනුව බල­විට දිනෙන් දින ගොඩ­ගැ­හෙන දහ­සක් නඩු දිගින් දිග­ටම කල් නොයවා මෙවැනි අති නවීන ක්‍රම මඟින් කඩි­න­මින් නඩු ඇසීම සිදු කළ­හොත් දිගින් දිග­ටම පව­තින මේ තද­බ­දය අවම කර­ගත හැකිය.

 


Comments