දහ­සක් අඩු­පාඩු මත දහ­සක් මත ගැටු­ණාවේ; දහ­සක් මල් පිපු­ණාවේ | Page 2 | සිළුමිණ

දහ­සක් අඩු­පාඩු මත දහ­සක් මත ගැටු­ණාවේ; දහ­සක් මල් පිපු­ණාවේ

ලංකා පොත් ප්‍රකා­ශ­ක­යන්ගේ සංග­මය විසින් පව­ත්වනු ලබන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල පසු­ගි­යදා අව­සන් වූයේ එරික් ඉලි­ය­ප්ආ­රච්චි විසින් ලිය­න්නට යෙදුණ “පේත” නව­ක­තාව මෙවර ස්වර්ණ පුස්ත­කය ලෙසින් සම්මා­න­යට පත් කර­මිනි. කව­ර­දා­ටත් වඩා සංවි­ධා­නයේ ගැටලු ඉස්මතු වූ මෙකී සම්මාන ප්‍රදා­නය නිර්දේ­ශිත කතු­ව­රුන් සම­හ­ර­කට ඇර­යුම් කිරී­මට අම­තක කිරී­මට තරම් වග­කීම් විර­හිත විය.

එනි­සාම මෙත­රම් වටිනා සම්මා­නය වේදි­කාව මතින් පිළි­ගැ­නී­මට කතු­ව­රයා පැමිණ සිටියේ නැත. කෙසේ වුවත් මෙකී සම්මාන උලෙළ මෙසේ පැවැ­ත්වීම ගැන අපි සොම්නස පළ කර­න්නෙමු.

2007 වර්ෂයේ මුල් වරට ආරම්භ කෙරුණ හොඳම සිංහල නව­ක­තාව සඳහා රුපි­යල් ලක්ෂ 5 ක (අද එය හත් ලක්ෂ පනස් දහ­සනි.) මුදල් ත්‍යාග­යක් සහිත ස්වර්ණ පුස්තක සම්මාන උළෙල මෙවර පැවැ­ත්වුණේ 14 වන වතා­වට ය.

මුල් අව­ස්ථාවේ දී එනම් 2007 වර්ෂයේ දී ස්වර්ණ පුස්තක සම්මා­නය වෙනු­වෙන් සුදුසු කෘති­යක් නැතැයි යන පද­න­මින් අව­සාන වට­යට තේරුණු කෘතී පහ­ටම එකල නිය­මිත මුදල වූ ලක්ෂ පහ බෙදා හැරී­මෙන් කට­යුතු අව­සන් වුණත්, පසුව කොයි ආකා­ර­යෙන් හෝ ස්වර්ණ පුස්ත­ක­යක් තෝරා ගැනීමේ තැනට කට­යුතු යෙදුණි.

එසේම අව­සන් වට­යට තේරෙන සෙසු කෘති සඳහා රු. 50 000 බැගින් මුල­දීත් රු. ලක්ෂය බැගින් අද දව­සේත් ප්‍රදා­නය කර­න්නට යෙදෙයි.

සම්මාන උළෙලේ හැඩ ගැසී­මට අනුව වට තුන­කින් කෘති තෝරා ගැනීම් සිදු­වන අතර එය තෝරන්නා වු විනි­ශ්චය මණ්ඩල හඳුනා ගන්නේ මෙසේ ය. ඒ අනුව මුල් වටයේ දී පාදක විනි­ශ්චය මණ්ඩ­ලය ලෙසින් ද, දෙවැන්න මධ්‍ය විනි­ශ්චය මණ්ඩ­ලය ලෙසින් ද, අව­සා­නයේ දී උත්ත­රී­තර විනි­ශ්චය මණ්ඩ­ලය ලෙසින් ද ඒවා හඳුනා ගැනෙයි. මෙවර ස්වර්ණ පුස්ත­කය වෙනු­වෙන් ඉදි­රි­පත් ව තිබු මුළු කෘති සංඛ්‍යාව 108 ක් වූ අතර එයින් අව­සාන වට­යට තේරුණ පොත් පහ පිළි­වෙ­ලින් මෙසේ ය.

රතු ඉරි අඳින අත - ලිය­නගේ අම­ර­කීර්ති

කුමර කොබෙයි - ෂමෙල් ජය­කොඩි

තී සහ තා - සුරත් ද මැල්

නිෂ්ක්‍රා­න්තය - සුනේත්‍රා රාජ­ක­රු­ණා­නා­යක

පේත -එරික් ඉලි­ය­ප්ආ­රච්චි

අව­සාන වටයේ ස්වර්ණ පුස්ත­කය තෝරා­ගැ­නීම වෙනු­වෙන් පත් වු විනි­ශ්චය මණ්ඩ­ලය සැදුණේ ආචාර්ය සරත් අමු­ණු­ගම, මහා­චාර්ය උපුල් රංජිත්, මහා­චාර්ය රෝහිණි පර­ණ­වි­තාන, ආචාර්ය ලතා ගුරු­සිංහ, මහා­චාර්ය ජයන්ත අම­ර­සිංහ යන අය­ගෙනි.

2007 වර්ෂයේ දී මහා­චාර්ය ඒ. වී. සුර­වීර, මහා­චාර්ය තිස්ස කාරි­ය­වම් හා ආචාර්ය කේ. ජය­ති­ලක යන විද්ව­තුන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් ආරම්භ වුණ ස්වර්ණ පුස්තක සම්මා­නය 2020 දී දිනු එරික් ඉලි­ය­ප්ආ­ර­ච්චිගේ කෘතියේ අන්ත­ර්ග­ත­යට අනුව එය ගත හැක්කේ 1972 සිට 2010 අතර යැයි සැල­කිය හැකි කාල පරා­ස­ය­කට අයත් වු වාම­වාදී දේශ­පා­ලන පර­ම්පරා තුනක සමා­ජීය මෙන්ම දේශ­පා­ල­නික වු හැසි­රීම් ප්‍රකා­ශ­න­යක් හැටි­යට ය. ඒ අත­රට පිළිකා රෝග­යෙන් දුක් විඳි­මින් සිටි­මින් හඳුනා නොගත් ආකා­ර­ය­කින් සය­න­යිඩ් කා මිය යන හිටපු එල්. ටී. ටී. ඊ ස්ත්‍රී චරි­ත­යක් ද ඇතු­ළත් වෙයි. ඇයව සිය පරි­ශ්‍රයේ තබා­ගෙන රැක බලා ගන්නේ 71 වාම­වාදී කැරැ­ල්ලෙන් මතු­වන වය­ස්ගත චරි­ත­ය­යයි.

එරික් වෙනුවෙන් සම්මානය ලබා ගැනීමට ඇරියුම් ලද බුද්ධදාස ගලප්පත්ති කියුයේ තමා එරික්ට කතා කළ බවත් ඇරියුම්පතක් නොලැබීම නිසා උත්සවයට නොපැමිනි බව පැවසූ බවත්ය.

ස්වර්ණ පුස්තක සම්මා­න­ලාභි පේත නව­ක­තාවේ ලා නිරූ­පිත විශේ­ෂ­යෙන්ම 72 සිට 89 න් පසු දක්වා දකුණේ මෙන්ම උතුරේ දේශ­පා­ලන මත­වාද මෙන්ම ක්‍රියා­ක­ර­කම්හි ප්‍රච­ණ්ඩ­ත්වය පිළි­බඳ කෘතියේ විව­ර­ණය, එක් පාර්ශ්ව­යක් විසින් ජාති­වා­දය පිටු දැකීමේ ප්‍රබල නිර්මා­ණා­ත්මක විව­ර­ණ­යක් යැයි කිව හැකි තර­ම­ටම ඊට ප්‍රති­වි­රු­ද්ධව ඒ වනාහි ජන­ප්‍රිය මතු­පි­ට­වාදී ජාති­වා­දය නම් ඒ සුලබ ආස්ථා­න­යම පාදක කර­ග­නි­මින් ලියු­වක් යැයි විවේ­ච­න­යට ලක් වීමේ ඉඩ­ක­ඩක් ද පවතී. ඒ අනුව ලෝක දේශ­පා­ල­නය තුළ වාම­වාදී විප්ල­වීය ජය­ග්‍ර­හණ ලද රුසි­යාව, විය­ට්නා­මය, චීනය මතු නොව කියු­බාව පවා සිය වාමාං­ශික රැඩි­කල් විප්ල­ව­යන්හි ජය­ග්‍රාහී පෙර­මුණු නිර්මා­ණය කර­ගත්තේ තමන්ගේ රට­වල ජාති­ක­ත්වය එසේ නැත්නම් දේශ­ප්‍රේමී බල­වේ­ගත් සමග ද ගනු­දෙනු වල පසු­බි­ම­කය යන්න ප්‍රති­ක්ෂේප කළ හැක්කක් නොවේ.

ඒ වනාහි වඩාත් පුළුල් දේශ­පා­ලන කිය­වී­මක් සඳහා අපව නොකැ­ඳ­වන්නේ දැයි විමසා බැලීම වටී.

කෙසේ වෙතත් කතු­ව­රයා සිය දේශ­පා­ලන චරිත හැසි­ර­වීම වෙනු­වෙන් යොදා­ගෙන ඇති පේත (ප්‍රේත) නම් සංක­ල්පීය තත්ත්වය ප්‍රබල උත්ප්‍රා­ස­යක් යැයි සිතමි. ඒ දේශ­පා­ලන හැසි­රීම්හි පැව­තියා වු අත­ර­මැදි බව කදි­මට නිරූ­ප­ණය කර­න්නක්ම වේ.

ඇත්ත වශ­යෙන්ම එය ප්‍රස්තු­ථය හා මැන­වින් ගැළ­පෙන රූප­ක­යක් හා සම වෙතැයි ද සිතමි.

ඒත් සම­ඟම කතාවේ ආකෘ­තිය ද වෙනස්ම තැනක පිහි­ට­න්නේය යන්න ද පිළි­ගැ­නීම වැරදි නොවේ.

කෘති­යට අදා­ළව සැඟ­වුණ ඒ දේශ­පා­ලන හැසි­රීම් පොලි­සි­යට ලබා දෙන කට උත්තර හරහා උත්ප්‍රා­සා­ත්ම­කව මතු කිරී­මට ගන්නා තැත ද වෙසෙස් තත්ත්ව­යක් වේ.

ඉනි­ක්බි­තිව නාට­කීය ආකා­ර­යෙන්, වඩාත් නිවැ­රැ­දිව කිය­නවා නම් ඒ දේශ­පා­ලන ක්‍රියා­කා­ර­කම් ඉදි­රි­යට යන ආකා­රය කතු­ව­ර­යාගේ උව­ම­නා­ව­ටත් වඩා කෘතියේ වුව­ම­නාව විසින් ඉල්ලා සිටින තත්ත්ව­යක් වැන්න.

ඊට අදා­ළව කතු­ව­ර­යාම පෙන්වා දෙන අන්ද­මට විවා­දා­ත්මක ආඛ්‍යා­න­යක් විවා­දා­ත්මක ශෛලි­ය­කින් නිරූ­ප­ණය වන පේත නව­ක­තාවේ චරිත මෙරට දේශ­පා­ල­නයේ ඵෙති­හා­සික වුත්, සම්පුර්ණ වූත් ජීවි­ත­ය­කින් පසු එහි කටුක ඉති­හා­සය අග්ගිස්සේ ප්‍රේත ස්වරූ­ප­යක රැඳී සිටියි.

තවද සනා­ත­නික මෙන්ම සාම්ප්‍ර­දා­යික ධර්ම­තා­වක් බඳු පිය පුතු ගැටුම ද මෙහි එන දේශ­පා­ලන හැසි­රීම්හි ගැටුම් නිර්මා­ණය කරන ආකා­රය මෙන්ම ඊට ලබා දෙන සමෝ­ධා­නික පිළි­තු­රක් ලෙසින් ගත හැකි කුල­සි­රිගේ ප්‍රකා­ශ­යෙන් පැව­සෙන තමන් සැබෑ­ව­ටම පුන­රු­ත්ථා­ප­නය වු අව­ධිය එනම් අම්මාගේ අව­දි­යෙන් තාත්තාගේ අව­දි­යට පැමි­ණීම අව­සා­නයේ දී සම්පු­ර්ණ­යෙන්ම ස්වාධී­න­ත්ව­යට පත් වීම යනු අම්මෙ­කුත් නැහැ තාත්තෙ­කත් නැහැ නම් ඒ කිය­වීම උගත් විචා­ර­ක­යන්ගේ අව­ධා­න­යට ලක්වනු ඇතැයි සිතමි. මක්නි­සා­ද­යත් මෙවැනි මතු කිරීම් (විශේ­ෂ­යෙන්ම සමාජ දේශ­පා­ලන විෂ­ය­යි­කව) හි පවත්නා සියුම් සංකී­ර්ණතා නොතකා හැරීම් මෙන්ම හරි­හැටි අරුත් නොදැන විලා­සිතා න්‍යායි­කව අලං­කා­ර­යෙන් යුතුව අගය කිරීම් හිත­කර ප්‍රති­ඵල ලබා නොදෙන හෙයිනි.

පේත නව­ක­තාව අව­සන් වන්නේ විවෘත අව­සා­න­යක් නිර්මා­ණය කර­මින් යැයි ඒ පිළි­බ­ඳව කළ විම­සී­මක දී කතු­ව­රයා අප හා පැව­සීය. ඒ සම්බ­න­ධ­යෙන් අපගේ මතය වන්නේ ද එය එසේ විය හැක්කක් බව ය.

එළ­ඹෙන කාලය වෙනු­වෙන් නිර්මා­ණය වු සංවා­ද­යත් විසං­වා­ද­යත් එහි ඇතු­ළත්ව ඇති බවත්, උගත් විචා­ර­ක­යන් වෙතින් මතු විය යුතු බවත් ඒත් සම­ඟම කිව යුතුව තිබේ.

මක්නි­සාද යත් පසු­ගිය ඒ දේශ­පා­ලන කාල වක­වානු තුළ නිර්මා­ණය වු දේශ­පා­ලන හැසි­රීම් විසින් ඉස්මතු කොට ඇති තාත්වික වුත් අතා­ත්වික වුත් සමාජ දේශ­පා­ලන නිග­මන කෘතිය විසින් මතු කරන ආකා­රය හමුවේ මා ඕ සේතුං කීවාක් මෙන් දහ­සක් මත ගැටෙන බිමක්, දහ­සක් මල් පිපෙන බිමක් දැකිය හැකි හෙයිනි.

ඡායාරූප - රංජිත් අසංක

Comments