චීන අධි­රා­ජ­්‍යයට බෙහෙත් සැපයූ බෙයිජිං ඖෂධ මාලි­ගය | සිළුමිණ

චීන අධි­රා­ජ­්‍යයට බෙහෙත් සැපයූ බෙයිජිං ඖෂධ මාලි­ගය

ටොන්රෙන්ටාන්  ඔසුහල
ටොන්රෙන්ටාන් ඔසුහල

සර 3,500 කට වඩා පැරණි චීන සාම්ප්‍ර­දා­යික වෛද්‍ය විද්‍යාව (Traditional Chinese Medicine) අද­ටත් ඉතා සාර්ථක ප්‍රති­ඵල ගෙන දෙන පෙර­දිග වෛද්‍ය ශාස්ත්‍ර­යකි. ඊට අදාළ ඇතැම් ග්‍රන්ථ ලියැවී ඇත්තේ ඉපැ­රණි චීන ශිෂ්ටා­චා­ර­යට අයත් කහ අධි­රා­ජයා (Yellow Emperor ක්‍රි.පූ.2704–ක්‍රි.පූ.2597) සමයේ ය. “චින් යූරෙන්” ,“හ්වා ටූ”හා “සුන් සිමි­යාවෝ” ශ්‍රේෂ්ඨ චීන ‌වෛද්‍යව­රුන් ය. සම්ප්‍ර­දාය තුළ රැඳෙ­මින් නව පර්යේ­ෂණ හා අත්හදා බැලීම් ඔස්සේ ඉදි­රි­යට යෑම නිසා චීන සාම්ප්‍ර­දා­යික වෛද්‍ය විද්‍යාව වර්ත­මා­නයේ ජන­තාව අතර වඩාත් ජන­ප්‍රිය වී ඇත.

බට­හිර වෛද්‍ය විද්‍යාව බොහෝ විට යොමු වී ඇත්තේ රෝග ප්‍රති­කාර සඳහා වුවත් චීන සාම්ප්‍ර­දා­යික වෛද්‍ය විද්‍යාව සිරුරේ සමස්ත නිරෝ­ගී­භා­වය ඉලක්ක කර ගැනීම විශේ­ෂ­ත්ව­යකි. එය පද­නම් වී ඇත්තේ සිරුරේ සම­බ­ර­තා­වය, අනු­ව­ර්තිය සහ ශක්තිය මත ය. කටු චිකි­ත්සාව,කප් කිරීම හෙවත් සම මත චූෂණ ඇති කිරීම, සම පිළි­ස්සීම, ශාක­සාර ඖෂධ සැප­යීම, ආහාර චිකි­ත්සාව, භාව­නාව සහ තායි චි යන ව්‍යායාම එහිදී යොදා ගන්නා ප්‍රති­කාර ක්‍රම කිහි­ප­යකි.

චීන සාම්ප්‍ර­දා­යික වෛද්‍ය විද්‍යාවේ සඳ­හන් වන්නේ මිනිස් සිරුරේ, “යින්”(yin) සහ “යැං” (yang) යනු­වෙන් අනු­පූ­රක බල­වේග දෙකක් පව­තින බවයි.

බෙහෙත් ඇසුරුම්

මෙම බල­වේග දෙක අතර ගැටු­මක් නොප­ව­තින තාක් පුද්ග­ල­යකු නිරෝගී ය. අස­නී­ප­යක් යනු “යින්” සහ “යැං” සම­තු­ලි­ත­තා­වය බිඳ වැටීමේ ප්‍රති­ඵ­ල­යකි. චීන සාම්ප්‍ර­දා­යික වෛද්‍ය ප්‍රති­කාර ක්‍රම මඟින් උත්සාහ කෙරෙන්නේ ඒවා අතර ගතික සම­තු­ලි­තා­ව­යක් ඇති කිරී­මට ය.

චීන සාම්ප්‍ර­දා­යික වෛද්‍ය විද්‍යාවේ වැද­ගත් අංග­යක් වන්නේ ශරී­රයේ “චී” (qi) හෙවත් ජීව බලය (වච­නා­ර්ථ­යෙන් “වැද­ගත් හුස්ම”) පිළි­බඳ අව­බෝ­ධ­යයි.“චී” ශරී­රයේ අදෘ­ශ්‍ය­මාන නාළිකා හරහා ගලා යයි.

මෙම ශක්ති ජාලය, අව­යව, පටක, නහර, ස්නායු, සෛල, පර­මාණු සහ විඥා­නය එකි­නෙ­කට සම්බන්ධ කරයි. ශරී­ර­යෙහි ප්‍රධාන නාළිකා 12 ක් ඇති අතර ඒ සෑම එකක්ම සාම්ප්‍ර­දා­යික වෛද්‍ය න්‍යායේ ප්‍රධාන අව­යව 12 න් එක­කට සම්බන්ධ වේ.

චීන සාම්ප්‍ර­දා­යික වෛද්‍ය විද්‍යාව ගැන පර්යේ­ෂණ සිදු කළ විද්ව­තකු වූ “ලී ෂීසෙන්” (Li Shizhen) 1578 දී “Compendium of Materia Medica” නමැති ඔහුගේ සුප්‍ර­සිද්ධ ග්‍රන්ථය තුළ, ඖෂධ 1,892 ක් සහ නිශ්චිත රෝග සඳහා විධි­මත් බෙහෙත් වට්ටෝරු 11,000 ක් ලැයි­ස්තු­ගත කර තිබිණ. ඖෂධ ලෙස යොදා ගෙන ඇත්තේ ශාක හා සත්ත්ව කොටස් සහ ඛනිජ ද්‍රව්‍ය­යන්ය.

Covid-19 වසං­ග­තය පාල­නය කිරීම සඳහා චීන වෛද්‍ය­වරු සාම්ප්‍ර­දා­යික ඖෂධ බහුල ලෙස යොදා ගත්හ. එම ඖෂධ ලබා ගත් රෝගීන් ප්‍රමා­ණය, තහ­වුරු කරන ලද සමස්ථ රෝගී­න්ගෙන් සිය­යට 85කි. චීන සාම්ප්‍ර­දා­යික ඖෂධ පිළි­බඳ ජාතික පරි­පා­ලන ආය­ත­නය පව­සන්නේ එම ප්‍රති­කාර සාර්ථක ප්‍රති­ඵල අත්කර දුන් බවයි.

ස්වසන පද්ධ­තියේ හා ආහාර ජීරණ පද්ධ­තියේ සංකූ­ලතා මඟ­හ­රවා ගැනීම සඳහා ලබාදී ඇත්තේ “හුෂැං” (Huzhang) සහ “මාබි­යන්කෝ” (Mabiancao) යන චීන සාම්ප්‍ර­දා­යික ඖෂධ දෙකයි.

Covid-19 වෛරස් රෝගීන්ගේ පෙන­හළු පිරි­සුදු කිරීම සඳහා චීන ජාතික සෞඛ්‍ය කමි­ටුව සහ සාම්ප්‍ර­දා­යික ඖෂධ ජාතික පරි­පා­ලන එක්ව “චිංෆෙයි පයිඩූ” (Qingfei Paidu) නමැති සුප් වර්ගය නිර්දේශ කර තිබේ. එය ලබා ගත් රෝගී­න්ගෙන් සිය­යට 60කගේ පමණ බර­ප­තළ රෝග ලක්ෂණ පහව ගිය බව රෝහල් වාර්තා පෙන්වා දෙයි. චීනයේ Covid-19 වසං­ග­තය සාර්ථ­කව පාල­නය කිරී­මට මෙම සාම්ප්‍ර­දා­යික ඖෂධ ප්‍රති­කාර බෙහෙ­වින් ඉව­හල් වී ඇත.

සාම්ප්‍ර­දා­යික චීන ඔසු­ස­ල­කට යෑම කුඩා ස්වාභා­වික ඉති­හාස කෞතු­කා­ගා­ර­යක් නැර­ඹී­මට යෑම හා සමා­නය.

සාමාන්‍ය ඔසු­ස­ලක ඇති කැබි­නට් ලාච්චු, වීදුරු පෙට්ටි සහ භාජන සිය ගණ­නක විය­ළන ලද ශාක හා සත්ව ද්‍රව්‍ය අති­වි­ශාල ප්‍රමා­ණ­යක් අඩංගු වේ.

බෙයිජිං අග­නු­වර පිහිටි “ටොංරෙන්ටාං” (Tongrentang) ඔසු­සල, 1723 වසරේ සිට චීන අධි­රා­ජ­යන්ට සහ රාජ­කීය පවුලේ අයට ඖෂධ සැප­යීම සිදු කළ පෞරා­ණික ආය­ත­න­යකි. “යූ ෂියාන්යැං” (Yue Xianyang) නැමැත්තා විසින් කුඩා ඖෂධ ගබ­ඩා­වක් ලෙස එය ආරම්භ කර ඇත්තේ 1669 වස­රේ­දීය. 1723 දී “ටොංරෙන්ටාං” ඔසු­ස­ලෙන් බෙහෙත් ලබා ගත් මුල්ම චීන අධි­රා­ජයා “චිං රජ පෙළ­ප­තට”(Qing Dynasty) අයත් “කංසි අධි­රා­ජයා “(Emperor Kangxi) ය.

තරුණ වියේ සිටි­යදී වරෙක අමුතු රෝග­ය­කින් පෙළෙ­මින් සිටි කංසි අධි­රා­ජ­යාගේ ශරී­රය කුෂ්ඨ­ව­ලින් පිරුණු අතර දරුණු ලෙස කැසීම් ඇති විය. රාජ­කීය වෛද්‍ය­ව­රයා දැඩි උත්සා­හ­යක නිරත වුවද අධි­රා­ජයා සුව­පත් කිරී­මට ඔහු අස­මත් විය.

දැඩි මාන­සික පීඩ­න­යෙන් පසු වූ කංසි අධි­රා­ජයා දිනක් විවේක ගැනීම සඳහා මාළි­ගා­වෙන් පිට­තට ගොස් ඖෂධ ගබ­ඩා­වක ඇවිද ගියේය. එහි සිටි වෛද්‍ය­ව­ර­යකු ඔහුට ස්නානය කිරී­මේදී වතු­රට දැමීම සඳහා ඖෂධ වර්ග­යක් ලබා දුන්නේය.

වෛද්‍ය නිය­මය අනු­ග­ම­නය කළ අධි­රා­ජ්‍යයා දින තුන­කට පසු සම්පූර්ණ සුවය ලැබීය. වෛද්‍ය­ව­ර­යාට ස්තූති කිරීම සඳහා කංසි අධි­රා­ජයා ඔහුට ඔසු­ස­ලක් ලබා දුන් අතර එය “ටොංරෙන්ටාං” නම් විය. ඖෂධ ගබ­ඩා­වක් ලෙස පැවති “ටොංරෙන්ටාං” ඔසු­ස­ලක් බවට පත් වූයේ එලෙ­සය. 1723 දී “යොන්ෂෙන් අධි­රා­ජ්‍යයා” (Emperor Yongzheng) විසින් “ටොංරෙන්ටාං” රාජ­කීය ඔසු­ස­ලක් බවට ප්‍රකා­ශ­යට පත් කළේය. වසර 188ක කාල­යක් තිස්සේ අධි­රා­ජ­යන් 8දෙනෙ­කුට එම ඔසු­ස­ලෙන් ඖෂධ සපයා තිබේ.

දශක හත­ර­කට ආසන්න ඉති­හා­සය තුළ “ටොංරෙන්ටාං” ඔසු­සල දැවැන්ත නවී­ක­ර­ණ­ය­කට ලක් වී ඇත.

රාජ­කීය පවු­ලට වෛද්‍ය සේවා සැපයූ මෙම ආය­ත­න­යෙන් දෙස් විදෙස් සාමාන්‍ය ජන­තා­ව­ටද දැන් චීන සාම්ප්‍ර­දා­යික වෛද්‍ය සේවා ලබා ගත හැකිය. එහි ශාඛා කිහි­ප­යක් චීනයේ විවිධ නග­ර­වල පිහි­ටුවා ඇත.

කටු චිකිත්සාව

චීනයේ නවීන තාක්ෂ­ණය සාම්ප්‍ර­දා­යික වෛද්‍ය විද්‍යාව හා මුසු කිරීම “ටොංරෙන්ටාං” ඔසු­සලේ ඇති විශේ­ෂ­ත්ව­යයි. ඖෂධ අලෙ­වි­යට අම­ත­රව විශේ­ෂඥ වෛද්‍ය සේවා, රෝග පරී­ක්ෂණ, චිකි­ත්සක සේවා, රූප­ලා­වණ්‍ය සේවා හා සෞඛ්‍යා­ර­ක්ෂිත ආහාර පානද එහිදී ලබා ගත හැකිය.

බෙහෙත් වට්ටෝරු සකස් කර ගැනී­මෙන් අන­තු­රුව “ටොංරෙන්ටාං” ඔසු­ස­ලෙන් ඖෂධ නිකුත් කරනු ලබන්නේ සව­යං­ක්‍රීය රොබෝ­ව­ර­යකු විසිනි.

පරි­ග­ණක කේත­යක් ස්කෑන් කිරී­මෙන් වට්ටෝ­රුව හඳුනා ගැනීමේ හැකි­යාව එම රොබෝ­ව­රයා සතුය.

ශරී­රයේ විවිධ ආබාධ හඳු­නා­ගැ­නීම සඳහා “ටොංරෙන්ටාං” ඔසු­සල භාවිත කරන්නේ අධෝ­රක්ත තාප සංවේ­දක (Thermal infrared detector) උප­ක­ර­ණයි. මහල් තුන­කින් සම­න්විත “ටොංරෙන්ටාං” ඔසු­සලේ ඖෂධ තැම්බීම හා උණු­කි­රීම සිදු කරන්නේ පැරණි තාක්ෂ­ණය යොදා ගැනෙන නවීන උප­ක­රණ මඟිනි.

ඖෂධ කිරීම සඳහා නූල් යොදා සකස් කළ බෙහෙත් තරාදි යොදා ගැනීම තව­මත් එහිදී දැකිය හැකිය.

1954 සිට “ටොංරෙන්ටාං” ඔසු­සල රාජ්‍ය-පෞද්ග­ලික ඒකා­බද්ධ කළ­ම­නා­ක­රණ ව්‍යාපා­ර­යක් ලෙස ක්‍රියා­ත්මක වෙයි.

දාම වෙළ­ඳ­සැල් 600 කට අධික ප්‍රමා­ණ­යක් සහ දේශීය විදේ­ශීය හවුල් ව්‍යාපාර 20ක් පමණ ඊට සම්බන්ධ වී ඇත. 2006 දී “ටොංරෙන්ටාං” ඔසු­සල චීනයේ ජාතික අස්පෘශ්‍ය සංස්කෘ­තික උරුම ලැයි­ස්තු­වට (National Intangible Cultural Heritage) ඇතු­ළත් කරන ලදී.

Comments