ජෝන් කීල්ස් පදනමෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් | Page 2 | සිළුමිණ

ජෝන් කීල්ස් පදනමෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ජෝන් කීල්ස් සමූහයේ සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් මත්ද්‍රව්‍ය අවභාවිතාව වැළැක්වීම පිළීබ‍ඳ දැනුවත් කිරීමේ වැඩසටහන ඉකුත්දා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සමාරම්භ කරන ලදී.

මෙම සමාරම්භක සැසිවාරය හික්කඩුවාවේ ග්‍රාම නිලධාරි වසම් පහක පෙර පාසල් ගුරුවරුන් සහ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, අදාළ ග්‍රාම නිලධාරී වසම්වල ග්‍රාම නිලධාරීන්, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සහ හික්කඩුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත 39 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මෙම වැඩසටහන ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති - හික්කඩුව ව්‍යාපෘතියේ කොටසක් ලෙස සහ හික්කා ට්‍රාන්ස් බයි සිනමන් (Hikka Tranz by Cinnamon) සහ තාක්ෂණික හවුල්කරු වන හ්‍යුමෙඩිකා ලංකා (Humedica Lanka) සමඟ හවුල්කාරත්වයෙන් පවත්වන ලදී.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (JKH) යනු ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහය වන අතර විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර 7 ක් තුළ සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගී සාමාජිකයෙකි.

අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය, ජීවනෝපාය සංවර්ධනය, කලාව සහ සංස්කෘතිය සහ ආපදා සහන යන ක්ෂේත්‍ර හයක් යටතේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, තම සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම තුළින් “බලගන්වමු දේශය හෙට දිනට” යන දැක්ම ක්‍රියාත්මක කරයි.

Comments