කොවිඩ් -19 SLS සම්මානය ලිට්රෝ ගෑස් වෙත | Page 2 | සිළුමිණ

කොවිඩ් -19 SLS සම්මානය ලිට්රෝ ගෑස් වෙත

ශ්‍රී ලංකාවේ ගෘහස්ත ගැස් සැපයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම කොවිඩ්- 19 වසංගත තත්ත්වය තුළ දිවයින පුරා සිය පාරිභෝගිකයන් හට සුවිශේෂී මෙහෙවරක් ඉටු කර ඇත.

ඇඳිරි නීතිය සහ වෙනත් සෞඛ්‍යමය නීති තුළ ගෑස් සැපයීම අභියෝගාත්මක කාර්යයක් වුවත් සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ගෝලීය ප්‍රමිතීන්ට අදාළ වන ක්‍රමවේද අනුගමනය කරමින් මිලියන 4 කට අධික පාරිභෝගිකයන් පිරිසකට අඛණ්ඩ ව ගෘහස්ථ ගෑස් සැපයීමට ඒ සමාගම කටයුතු කර ඇත.

ලිට්‍රෝ ගෑස් මෙලෙස අනුගමනය කළ ආරක්‍ෂිත ක්‍රමවේද SLS COVID-19 සෞඛ්‍ය ආරක්ෂක කළමනාකරණ පද්ධතින්ට අනුකූල වූ බැවින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලිට්‍රෝ ගෑස් සඳහා SLS 1672: 2020 සහතිකය ප්‍රදානය කර ඇත.

වෙළඳපොළ කොටස සහ උපයන ආදායම අනුව ශ්‍රී ලංකාවේ බලශක්ති අංශයේ ප්‍රමුඛ ස්ථානයක් දරන ලිට්‍රෝ ගෑස් රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් වන අතර රුපියල් බිලියන 45 කට අධික ආදායමක් වාර්තා කරමින් රාජ්‍ය ආයතනයක් ලෙස සුවිශේෂී කාර්යයභාරයක නියැළී සිටියි.

ලිට්‍රෝ ගෑස් සමාගම පැවතුණ ඇඳිරි නීතිය තත්ත්වය තුළ ද ගෑස් මිලදි ගැනීමට ආසන්නතම ලිට්‍රෝ ගෑස් නියෝජිතයා සමඟ සම්බන්ධ වීම සඳහා 1311 ඇමතුම් අංකය හඳුන්වා දුන් අතර ගෘහස්ථ ජංගම දුරකථන යෙදුමක් ( APP) දියත් කර එමඟින් දිවයින පුරා විසිරී සිටින අළෙවිකරුවන්ගේ ජාලය හරහා පාරිභෝගිකයන්ගේ දොරකඩට ම පහසුවෙන් හා කඩිනමින් ගෑස් ලබා ගැනීමටද කටයුතු කර ඇත.

Comments