style එකට කලින් කල්පැ­වැත්ම බලන්න | සිළුමිණ

style එකට කලින් කල්පැ­වැත්ම බලන්න

අත් බෑගය හෙවත් හෑන්ඩ් බෑග් කියන්නේ ඇඳුම් පැලැ­ඳුම් වගේම කාන්තා­වන්ගේ පෞරු­ෂය හා බැඳුණු සුවි­ශේෂි දෙයක්. එයත් කාන්තා­වන්ගේ ලස්සන වැඩි කරන එක්තරා විලා­සි­තා­වක්. බොහෝ කාන්තා­වන් හෑන්ඩ් බෑග්, එක­කට වඩා එදි­නෙදා ගමනට බිම­නට මාරු­වෙන් මාරු­වට යොදා ගන්නවා. හරි­යට ගමන් මල්ල වගේ. ඒ නිසාම සාප්පු­ව­කට ගිහින් හෑන්ඩ් බෑග් එකක් මිලදි ගන්න­කොට බෑග් එකේ ලස්ස­නට වඩා මේ කරුණු කාරණා ටික දැන සිටීම වැද­ගත් වේවි.

තෝරා ගන්නා හෑන්ඩ් බෑග් එක ඔබේ අත්‍ය­වශ්‍ය කළ­මනා සේම වටිනා කියන දේවල් පවා රැගෙන යෑමට තරම් ආර­ක්ෂිත දැයි සිතු­වාද.. ලස්ස­නට එක එක පාටින් තෝරා ගන්නා බෑගය විවිධ ලිය­කි­ය­විලි, අත්‍යා­වශ්‍ය දේවල් සුර­ක්ෂි­තව රැගෙන යාමට හැකි විය යුතු නේද... ඒ නිසා තෝරා ගන්නා බෑග් එකේ පොකට් හෙවත් සාක්කු කිහි­ප­යක් තිබීම වැද­ගත්. විශේ­ෂ­යෙන්ම රහස් පොක­ට්ටු­වක් තිබෙ­නවා නම් සුර­ක්ෂි­තව වටිනා දෑ රැගෙන යා හැකියි. අත් බෑග­යක් මිලදි ගන්නේ ගෙදර තියන්න නෙමෙයි නිසා දින­පතා පාවිච්චි කරන්න පුළු­වන් විදි­හට ශක්ති­මත් බවින් යුතු අත් බෑග­යක් තෝරා ගන්න වග බලා ගන්න. සම­හර විට එය ඔබ විය­දම් කරන මුද­ලට වඩා තර­මක් එය මිලෙන් වැඩි වෙන්න පුළු­වන්. එහෙත් අතේ තියෙන මුද­ලට සරි­ලන බෑග් එකක් මිල දී ගෙන කෙටි කලෙ­කින් තව බෑග් එකක් මිල දී ගන්න වෙනවා නම් එක­ව­රම හොඳම වර්ගයේ අත් බෑග­යක් මිලදී ගැනීම කොත­රම් නුව­ණට හුරු දැයි සිතා බලන්න. ගොඩක් බෑග් වර්ග ලෙදර් වලින් හා සින්ත­ටික් සම් පාවිච්චි කරපු නිෂ්පා­දන තිබෙ­නවා. තර­මක් මිලෙන් අධික වුණත් දිගු කාලක් පාවිච්චි කරන්න පුළු­වන්. අත් බෑගයේ පටි­වල ශක්ති­මත් බව, සිපර් එක ගැනත් මිල දී ගැනී­මට පෙර පරීක්ෂා කර බලන්න.

විවිධ හැඩ­ය­න්ගෙන් යුතු අත් බෑග් දක්නට ලැබෙ­නවා. ඒ නිසා ඒ දකින දකින ඒවා ලස්සනයි කියලා ගන්න යන්නේ නැතිව තමන්ගේ අව­ශ්‍ය­තා­වට ගැළ­පෙන හැඩ­ය­කින් යුතු අත් බෑග­යක් තෝරා ගන්න. වර්ණ ගැන සැල­කි­ලි­මත් වීමත් වැද­ගත්. එදි­නෙදා ගම­නට බිම­නට වගේම ඔෆිස් රැගෙන යාම සඳහාත් ඕනෑම ඇඳු­ම­කට ගැළපෙන අාකාරයෙන් අළු, කළු, දුඹුරු වර්ණ­ව­ලින් යුතු බෑග් කිහිපයක් තබා ගත්තට වර­දක් නැහැ. 

ඕනෑම දෙයක කල් පැවැත්ම තීර­ණය වෙන්නේ අපි එය පාවිච්චි කරන පිළි­වෙල අනු­වයි. ඒ නිසා හෑන්ඩ් බෑග් එක හැම­දාම දාගෙන ගිහින් ආපහු ගෙදර ගෙනල්ලා එහෙ­මම තියන්නේ නැතිව අන­වශ්‍ය දේවල් ඉවත් කර දුහු­විලි  පිස­දමා නිසි­යා­කා­රය බෑගය පරෙ­ස්සම් කළොත් සෑහෙන කාල­යක් යන­කල්ම අද ඊයේ මිලදී ගත්ත වාගේ පෙනු­මකින් තියා ගන්න පුළු­වන්.

Comments