හතර වටෙන් ඇහෙන කතා | Page 2 | සිළුමිණ

හතර වටෙන් ඇහෙන කතා

අපි මුණ­ගැ­හෙන්නේ රාජ­කා­රි­ය­කට

සුපිරි හොලි­වුඩ් නළු බ්‍රැඩ් පිට් අලුත් පෙම් කතා­ව­කට මුල පිරූ බව හොලි­වුඩ් පුර­යෙන් ඇහෙන්න පටන් අරන්. නිකොල් පොටු­රල්ස්කි කියන 27 හැවි­රිදි ජර්මානූ ජාතික නිරූ­පි­කාව තමයි බ්‍රැඩ් ගේ අලුත් පෙම්ව­තිය කියන්නේ.  

දෙන්නා අතර සම්බ­න්ධ­යක් තියෙ­න­වා­මයි කියලා කතා මවලා කියන උද­වි­යට අනුව නම් බ්‍රැඩ් - නිකොල් පල­හිල්ව්ව පටන් අරන් තියෙන්නේ පහු ගිය ගිම්හාන සෘතු­වේදී. නිකොල් දැන­ට­මත් විවා­හක අතර ඇය අවු­රුදු අටක දරු­වකු ගේ මවක්.

ඇගේ සැමියා ආපන ශාලා හිමි­යකු නිසා බ්‍රැඩ්ට අයත් වයින් සමා­ගම හා සැමි­යාගේ ආපන ශාලාව අතර ගිවි­සු­මක සාකච්ඡා සඳහා ඔවුන් කිහිප විට­ක දී හමු වූ බව නිකොල් මාධ්‍යට පවසා තිබුණා.

“අපි තුන්දෙනා අතර තියෙන්නේ වෘත්තී­මය සම්බ­න්ධ­තා­වක්. “ ඇය එලෙස පිළි­තුරු දුන් අතර බ්‍රැඩ් ද ඇගේ පිළි­තුරු සනාථ කර­මින් නිකොල් සමඟ වෘත්තී­මය සබ­ඳ­තා­වක් හැර වෙන කිසි­වක් නැතැයි පවසා තිබුණා.

 

වැරදි හංගන්න තවත් වැරදි කරලා

පසු­ගි­යදා මත්ද්‍රව්‍ය ජාවා­ර­මක් සම්බ­න්ධව අත්අ­ඩං­ගු­වට ගැනුණු ප්‍රසිද්ධ කර්ණා­ටක නිළි රාජිණි දිවේ­විදි ඇගේ මූත්‍රා සාම්ප­ල­යට වතුර මිශ්‍ර කර පරී­ක්ෂණ සිදු­ක­රන වෛද්‍ය­ව­රුන්ට ලබා  දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. මේ නිසා ඇය වැරැදි කාරි­යක් හා සමාජ විරෝධි කට­යු­තු­වල නියැෙ­ළ­න්නි­යක් යන්න තව තවත් තහ­වුරු වන බව පව­ස­මින් ඇයට විරෝ­ධතා මතුව තිබෙ­නවා..ඉතින් කවු­රුත් බලන් ඉන්නේ ඊළ­ඟට රාජිණී කුමක් කරා­විද මොකක් වේවිද කිය­ලයි.

 

කළු­කු­මා­රයා බලන්න හැන්දෑ­වට එන්න

ඇන්තනි පවුලේ බලයා සජිත ඇන්තනි රංග­න­යට, ගාය­න­ය­ට­ව­ගේම නර්ත­න­ය­ටත් දක්ෂ­යෙක්. ඉතින් පහු­ගිය දව­ස්වල සජිත ඉතා කාර්ය­බ­හුල වැඩක නියැ­ළිලා හිටි බව ආරංචි වුණා.  මොකද්ද ඒ වැඩේ කියලා හොයලා බලද්දි තමයි දැන ගත්තේ ඔන්න අද (20) සජි­තගේ ඒ අලුත් වැඩේ එළි දක්ව­නවා කියලා.  ‘කළු­කු­මා­ර­යාගේ හැන්දෑව‘. ඒ තමයි සජි­තගේ පළමු නිර්මාණ අධ්‍ය­ක්ෂ­ණය. මෙය සංගීත වීඩි­යෝ­වක් කිය­ලයි සජිත අපට කිව්වේ. ඉතින් අද හවස 5.30ට වැල්ල­වත්ත සැවෝයි  එකට කළ­එලි බහින මේ කළු­කු­මා­ර­යාගේ හැන්දෑ­වට හැමෝ­ටම එන්න කිය­ලත් සජිත ආරා­ධනා කළා.

 

මෙදා පාර උපන් දිනේ හරිම පාළුයි

 

ප්‍රිය­සාද් පවුලේ අක්ක නගාලා නොදන්න කෙනෙක් නැති තරම්. මේ පවුලේ බඩ­පිස්සි ඒ කිව්වේ ජන­ප්‍රිය නිළි ශනුද්‍රි ප්‍රිය­සාද් ගේ විසි තුන්වැනි උපන් දිනය පසු­ගිය දව­සක යෙදී තිබුණා. මෙවර ඇය උප­න් දි­නය සම­රලා තිබුණේ පුණ්‍ය කට­යු­ත්ත­කින්. හැබැයි මෙවර උප­න් දි­නය දවසේ ලොකු පාළු­වක් දැණුනු බව ඇගේ මුහුණු පොතේ සට­හන් කර තිබුණා. මේ පාළු­වට හේතුව වෙලා තිබුණේ ලොකු අක්කා දිනක්‍ෂි නැතිව උප­න්දි­නය සම­රන්න වුණු නිසාලූ.

 

කසා­දෙට තව කල් තියෙ­නවා

නවක නිළි කාවින්ද්‍යා දුල්ෂානි සුන්දර මනා­ලි­යක් ලෙස සැර­සුණු ඡායා­රූප පෙළක් පසු­ගිය දින­වල සමාජ මාධ්‍ය ඔස්සේ නොසෑ­හෙන්න එහා මෙහා වෙලා. ඡායා­රූප දැක්ක ගමන් කට්ටිය හිතලා තියෙන්නේ කාවි­න්ද්‍යාත් හොරෙන්ම බැන්ඳා තමයි කියලා. ඒත් ඇය නම් අපට කිව්වේ රූප­ලා­වණ්‍ය ශිල්පි­නි­ය­ක­ගෙන් ලැබුණු ආරා­ධ­නා­ව­කට මනා­ලි­යක ලෙස සැර­සුණු බවයි,  මගේ විවා­හ­යට තව ගොඩාක් කල් තියෙ­නවා කිය­ලත් ඇය විශේ­ෂ­යෙන්ම ප්‍රෙක්ෂ­ක­යන්ට කිව්වා.

Comments