සාම්ප්‍ර­දා­යෙන් ඔබ්බට ගිය ‘අරාගේ හබක්කොලම’ | සිළුමිණ

සාම්ප්‍ර­දා­යෙන් ඔබ්බට ගිය ‘අරාගේ හබක්කොලම’

 සාහිත්‍ය මාසය පුරා  දොරට වඩින කෘති රැසකි. ඒ අතර කුරු­ණෑ­ගල දී පසු­ගිය 19 වැනිදා දොරට වැඩි අපූරු කෘති­යක් ගැනයි මේ සට­හන. 'අරාගේ හබක්කොලම'    නම් එම කෘතිය ගැන එහි කර්තෘ   නීතිඥ අර­වින්ද හබ­ක්කල කීවේ මෙහෙම කතා­වකි.

"මේ කෘති­යට පද­නම් වුණේ මීට වස­ර­කට පමණ පෙර මම පටන් ගත් 'අරාගේ හබක්කොලම' නම් ෆේස් බුක් පේජ් එකක්. එහි ලියූ සට­හ­න්ව­ලින් තෝරා­ගත් සට­හන් 100ක් එකතු කරලා තමයි මේ කෘතිය ප්‍රකා­ශ­යට පත් කළේ. පොතක් කරන්න මම පෙල­ඹුණේ ෆේස්බුක් පේජ් එකට ලැබුණු ප්‍රති­චාර නිසයි. විශේ­ෂ­යෙන්ම අරාගේ කොලම වෙනු­වෙන්  මට කිය­ව­න්න­න්ගෙන් මල් සහ ගල් යන ප්‍රති­චාර දෙකම ලැබුණා. ඒ නිසයි එය ඇසු­රින් පොතක් කළ යුතුයි කියන අද­හස ආවේ"

'අරාගේ හබක් කොලම' තුළ අන්ත­ර්ගත කතා­ව­ලට පාදක වූ  කරුණු ගැන නීතිඥ අර­වින්ද මෙසේ පැව­සුවා.

" මම උපන්නේ  පොළො­න්න­රුවෙ හල්පොත ගමේ. ඉගෙන ගත්තේ හිඟු­ර­ක්ග­මන මහා විද්‍යා­ලයේ. මම ජීවත් වුණේ අති­ශය දුෂ්කර පරි­ස­ර­යක. මේ කෘතිය තුළ අඩංගු කතා­ව­ලින් භාග­ය­කට වැඩිය ඒ පරි­ස­රය ඇසු­රින් නිර්මා­ණය වූ කතා. ඉතිරි අර්ධය තුළ තියෙන්නේ  සමාජ ප්‍රශ්න සහ පෞද්ග­ලික අත්දැ­කීම් මා දුටු ආකා­ර­යයි. මේ වන විට මගේ නීතිඥ ජීවි­ත­යට දශක දෙකක් සම්පූර්ණ වී තිබෙ­නවා. මම නිත­රම දුටු දෙයක් තමයි බෙහෝ මිනි­සුන් සමාජ ප්‍රශ්න­වල තිත්ත ඇත්ත සඟ­ව­න්නට උත්සාහ දර­නවා. නමුත් මම ඒ තිත්ත ඇත්ත මට ආදේශ කර ගනි­මින් තමයි ඒ කතා ලිව්වෙ. ඒ නිසාම මේ පොතේ එන කතා රාශි­යක් මගේ පෞද්ග­ලික අත්දැ­කීම්.  මම ජීවි­තය පුරා මුහුණ දෙන ප්‍රශ්න ඇතුළු පෞද්ග­ලික සිදු­වීම් රැසක් ඊට ඇතු­ළත් කර තිබෙ­නවා"

'අරාගේ හබක් කොලම' කෘතිය වෙනත් කෘති­ය­කින් වෙනස් වන කරුණු කිහි­ප­යක්ද එම කෘතිය තුළින් දැක­ගත හැකියි. ඒ ගැන කතු­ව­රයා කීවේ මෙවැ­න්නක්.

" මේක සාම්ප්‍ර­දා­යික පොතක් නෙවෙයි. පෙර­ව­ද­නක් හෝ පසු­ව­ද­නක් නැහැ. ඒ වගේම ව්‍යාක­රණ නීති රීති ගැන නොත­ක­මින් කට­ව­හ­රට ලියූ පොතක්. සර­ලව භාෂාව ටිකක් අමු­වෙන් ම තමයි භාවිත කළේ. ඒ වගේම මෙහි එන කිසිදු සිද්ධි­යක් හෝ චරි­ත­යක් මනඃ­ක­ල්පිත නැහැ.  පොත තුළින් පාඨ­ක­යාට හමු­වන සියලු දෙනා සැබෑ ජීවි­තේදී මට හමුවූ පුද්ග­ල­යන්. ඒ අයගේ නම්ව­ලින් ඒ කතා ලියා තිබ­නෙවා. මම විදි­හට ලියා තිබෙන කතා සිය­ල්ලම පෞද්ග­ලික මම මුහුණ දුන් සිදු­වීම්.

ඒ වගේම පොතේ පිට­ක­ව­රය නිර්මා­ණය කළේ 'අරාගේ හබක්කොලම' ෆේස්බුක් පේජ් එකට ලැබුණු කමෙ­න්ට්ව­ලින්. එයත් එක්තරා විශේ­ෂ­ත්ව­යක්."

කර්තෘ ප්‍රකා­ශ­යක් වන 'අරාගේ හබ­ක්කො­ලම' කෘතියේ මිල රුපි­යක් 600ක් වන අතර එය වෙළෙඳපොළේ අලෙවි නොවන අතර මිලදී ගත  හැක්කේ කතෘ වෙතින්ම පම­ණයි. ඒ සඳහා 0777 398111 අංක­යට නීතිඥ අර­වින්ද හබ­ක්කල ඇම­තී­මෙන්  ඔබේ පිට­පත වෙන්කර ගත හැකියි.

 

තබ්ලා­වෙන් ග්‍රන්ථ­ක­ර­ණ­යට පිවි­සෙන විශා­රද මනෝජ් පීරිස්  

විශා­රද මනෝජ් පීරිස් කියන්නේ තබ්ලා වාද­නයේ ප්‍රවී­ණ­යෙක්. වයස අවු­රුදු දහ­යේදී  මහා­චාර්ය සංගීත් නිපුන් සනත් නන්ද­සිරි යටතේ ශාස්ත්‍රා­නු­කූ­ලව තබ්ලා වද­නය ඉගෙන ගැනීම ආරම්භ කළ ඔහු පසුව ඉන්දි­යාවේ භාත්ඛණ්ඩේ සංගීත් විද්‍යා පීඨය යටතේ විශා­රද පරී­ක්ෂ­ණ­යෙන් සමත් වූයේ විශිෂ්ට ශ්‍රේණියේ සාමා­ර්ථ­යක් ලබා ගනි­මින්. වසර ගණ­නා­වක් තිස්සේ සරල සහ ශාස්ත්‍රීය තබ්ලා වාද­නයේ යෙදෙ­මින් රසික සිත් අම­න්දා­න­න්දට පත් කළ විශා­රද මනෝජ් පීරිස් සංගීත භාණ්ඩ වාද­නය පිළි­බඳ සංයුක්ත තැටි කිහි­ප­යක්ද නිකුත් කර තිබෙ­නවා. මෙවර පොත් වස­න්ත­යේදී ඔහු ගත්ක­තු­ව­ර­යකු ලෙසද දොරට වඩි­නවා. ඒ ‘ඉගෙන ගමු වයන හැටි තබ්ලාව’ කෘතිය තුළින්. එම කෘතිය ගැන විශා­රද මනෝජ් පීරිස් මෙසේ පැව­සුවා. 

“මෙම පොත තුළින් මට අවශ්‍ය වුණේ තබ්ලා වාද­නය හදා­රන විද්‍යා­ර්ථීන්ට තබ්ලා වාද­නය පිළි­බඳ ප්‍රායෝ­ගික දැනු­මක් ඉතා සර­ලව ලබා දීම­ටයි. ඒ අනුව තබ්ලාව මත ඇඟිලි තබන ආකා­රය, අභ්‍යා­ස­වල යෙදෙන ආකා­රය පිළි­බඳ  ඉතා සර­ලව පුළුල් දැනු­මක් ලබා­දී­මට උත්සාහ කළා. මෙවැනි කෘති­යක් එළි­දැ­ක්වීමේ කාලෝ­චිත බව යෝජනා කර­මින් මෙම කෘතිය සම්පා­ද­නය කිරී­මට මා උනන්දු කළ සියලු දෙනා­ටත් කෘතියේ ප්‍රකා­ශන කට­යුතු සිදු කළ ඇම්.ඩී. ගුණ­සේන සමා­ග­ම­ටත් මම විශේ­ෂ­යෙන් ස්තුති­වන්ත වනවා.”

 

“සැරි­සර” සංගීත ශාලි­කාවට නවක සිසුන් බඳවා ගැෙන්

සංගී­තය යනු විශ්ව භාෂා­වකි. ඒ විශ්ව භාෂාව විෂ­ය­යක් ලෙස හැදෑ­රී­මට කැමැති අයට නිසි මඟ­පෙ­න්වී­මක් ලැබීම වඩාත් වැද­ගත්ය.  ඒ සඳහා නුගේ­ගොඩ "සැරි­සර" සංගීත ශාලි­කා­වේදී පසු­ගිය දා විශේෂ  කඩ­හඬ පුහුණු කරන පන්ති­යක් ආරම්භ වෙන්නේ සංගීත විශා­රද එඩ්වඩ් ජය­කොඩි, විශා­රද චරිතා ප්‍රිය­ද­ර්ශනී පීරිස්  සහ සංගී­ත­වේදී චන්දීප ජය­කොඩි ගේ මග­පෙ­න්වීම යට­තේය. මෙම පන්තියේ ඇති විශේ­ෂ­ත්වය වන්නේ වයස් භේද­ය­කින් හෝ කිසිදු තරා­ති­ර­ම­කින් තොරව සංගී­තය හදා­රන්න සහ කට­හඬ පුහු­ණුව ලැබී­මට කැමති ඕනෑම කෙන­කුට ඒ සඳහා සහ­භාගි විය හැකි වීමයි. 

නුගේ­ගොඩ "සැරි­සර" සංගීත ශාලි­කා­වේදී පසු­ගිය 9 වැනිදා එම විශේෂ සංගීත පන්තිය ආරම්භ කිරීමේ අව­ස්ථාව උත්ස­වා­කා­ර­යෙන් සිදුවූ අතර එහිදී විශේෂ අමු­ත්තන් ලෙස වෛද්‍ය රනිල් ජය­සේන, විශා­රද ප්‍රදීපා ධර්ම­දාස, දයාන් විතා­රණ සහ සරත් විතාන යන මහත්ම මහ­ත්මීන් සහ­භාගී වූහ.

 

කීර්තිගේ සංගීත පංති යළි ඇර­ඹෙයි

පසු­ගිය කොවිඩ් 19 වසං­ගත තත්ත්වය හේතු­වෙන් තාව­කා­ලි­කව නවතා දමා තිබූ , කීර්ති පැස්කු­වල්ගේ කොහු­වල , නාරා­හේ­න්පිට සහ කඩ­වත පැවැති සංගීත පන්ති නැවත ආරම්භ කර ඇත. නවක සිසුන් බඳවා ගැනීම්ද මේ දින­වල සිදු කෙරේ.

Comments