බඩ ඉරිඟුවලින් හදමු රස බොජුන් | සිළුමිණ

බඩ ඉරිඟුවලින් හදමු රස බොජුන්

මේ   දවස් වල බඩ ඉරිඟු ගැන නොයෙක් කතා හතර වටෙන් ඇහෙ­න­වානේ. ඒ නිසාම කට්ටිය ඇත්ත­ටම බඩ ඉරිඟු වලින් හදන්න පුළු­වන් කෑම ජාති ගැනත් හොයන්න ගත්තා. බඩ ඉරිඟු වලින් හදන්න පුළු­වන් කෑම ජාති නම් ඕන තරම්... ඉතින් අපි හිතුවා අද එහෙම කෑම ජාති කිහි­ප­යක් ගැන ඔබට කියන්න.  

බඩ ඉරිඟු පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය  

පොල් කිරි කෝප්ප­යක්  

කස්ටර්ඩ් පවු­ඩර් කෝප්ප 3/1ක්  

සීනි මේස හැඳි 3ක්  

තම්බා බ්ලෙන්ඩ් කර ගත් ඉරිඟු කෝප්ප­යක්  

මඳ ගින්නේ පෑන් එකක් ලිප තබා පොල් කිරි හා කස්ටර්ඩ් කුඩු සහ සීනි එකතු කරන්න. විනාඩි 2ක් පමණ කැට නොහි­ටින සේ උකු වන තුරු හැඳි ගාන්න. දැන් ඉරිඟු කෝප්පය එකතු කර හොඳින් හැඳි ගාන්න. තවත් විනාඩි 10 පමණ එසේ හැඳි ගා ලිපෙන් බා වෙනත් බඳු­න­කට හෝ හැඩැති බඳුන් වලට දමා ශීත­ක­ර­ණයේ තබන්න . 

 

බඩ ඉරිඟු කේක්  

අවශ්‍ය ද්‍රව්‍ය  

තම්බා වියළා පිටි කර ගත් ඉරිඟු පිටි කෝප්ප­යක්  

තැම්බු ඉරිඟු ඇට කෝප්ප­යක්  

කොටු හැඩ­යට කැපූ බෙල් පෙපර් ගෙඩි­යක්  

පිටි ග්‍රෑම් 150ක්  

සීනි තේ හැඳි 5 ක්  

බේකිං සෝඩා තේ හැඳි 1/3ක්  

බේකිං පවු­ඩර් තේ හැඳි 1/3ක්  

ලුණු ස්වල්ප­යක්  

බිත්තර 3 ක් 

 

පාන් පිටි සහ පිටි කර ගත් ඉරිඟු බඳු­න­කට දමා එයට බේකිං සෝඩා, බේකින් පවු­ඩර් දමා කල­වම් කළාට පසු සීනි, බිත්තර තෙල් සහ කිරි කොප්ප දෙකක් දමා හොඳින් බීට් කර ගන්න. දැන් එම මිශ්‍ර­ණ­යට තම්බා ගත් ඉරිඟු සහ රතු බෙල් පෙපර් එක් කර මිශ්‍ර කර ගන්න. මිශ්‍ර­ණය තැටි­ය­කට දමා ෆැරන් හයිට් 375 ප්‍රී හීට් කර­ගත් අවන් එකේ බේක් කර ගන්න.  

 

 

බඩ ඉරිඟු සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය  

තම්බා තර­මක් සිසිල වූ බඩ ඉරිඟු කර­ලක ඇට  

ඔලිව් තෙල් තේ හැඳි 3 ක් හෝ බටර්  

සිහින්ව ලියා ගත් සුදු ලූනූ බික් 3ක්  

කුඩාව කැපූ තක්කාලි ගෙඩි 2  

තලා ගත් කරා­බු­නැටි 2 ක්  

ගම්මි­රිස් කුඩු තේ හැඳි1/2 ක්  

මිරිස් කුඩු තේ හැඳි1/2 ක්  

ලුණු ස්වල්ප­යක්  

චෙඩාර් චීස්, මොසැ­රැල්ලා හෝ ක්‍රීම් චීස් මේස හැඳි 2ක් (අත්‍ය­වශ්‍ය නොවේ)  

සලාද කොළ 2ක්  

සැන්ඩ්විච් පාන් පෙති 6 ක්  

 

පෑන් එකට ඔලිව් තෙල් හෝ බටර් දමා රත් වූ විට. සුදු ලූනූ, කරාබු නැටි එකතු කර තර­මක් බැදෙන්න හරින්න. ඉන්පසු එයට ඉරිඟු එක් කර මඳ ගින්නේ මිනි­ත්තු­වක් පමණ තෙම්ප­රාදු වීමට හරින්න. දැන් එය­ටම ගම්මි­රිස් කුඩු, මිරිස් සහ ලුණු එක් කර හොඳින් කල­වම් කර ලිප නිවා තක්කාලි දමා මිශ්‍ර කර ගන්න. මිශ්‍ර­ණය තර­මක් නිවුණු පසු චීස් හෝ බටර් තැවරු පාන් පෙති මත මිශ්‍ර­ණය පුරවා එයට උඩින් සලාද කොළ තබා අනෙක් පාන් පෙත්තෙන් වසා ගන්න. අවශ්‍ය නම් ටෝස්ටර් කළ හැක.  

 

බඩ ඉරිඟු අග්ගලා

  

අවශ්‍ය ද්‍රව්‍ය  

කබලේ බැද­ගත් බඩ ඉරිඟු ග්‍රෑම් 200ක්  

පොල් කෝප්ප­යක්  

සීනී කෝප්ප 2/1ක් හෝ හකුරු භාග­යක්  

ලුණු  

බඩ ඉරිඟු ඇට ග්‍රයින්ඩ් කර­ගන්න. දැන් එයට පොල්, සීනි හා ලුණු දමා හොඳට කල­වම් කර බෝල සාදන්න. මිශ්‍ර­ණයේ තෙත ගතිය අඩු නම් පම­ණක් පැණි ටිකක් එකතු කර බෝල හදා ගන්න.  

Comments