නිහ­ඬ­වම නික්ම ගිය හැටේ දශ­කයේ හිතු­ව­ක්කා­රිය | සිළුමිණ

නිහ­ඬ­වම නික්ම ගිය හැටේ දශ­කයේ හිතු­ව­ක්කා­රිය

 හොලි­වුඩ් තිරයේ හැටේ දශ­කයේ හිතු­ව­ක්කා­රිය ලෙස ප්‍රක­ටව සිටි ඩයනා රිග් මෙලො­වින් සමු­ග­ත්තාය. ඇය පිළිකා රෝග­යට ගොදුරු වී ඇතැයි අනා­ව­ර­ණය වූයේ පසු­ගිය මාර්තු­වේ­දීය. ඉන් පසු ඇය ජීවත් වූයේ තවත් මාස 6 කටත් අඩු කාල­යකි. එකම දිය­ණිය රෂේල් ස්ටර්ලින්ගේ ආව­තේව මැද අන්තිම මාස කිහි­ප­යේදී හුදෙ­කලා ජීවි­ත­යක් ගෙවා දැමූ මේ 82 හැවි­රිදි නිළිය පසු­ගි­යදා සද­හ­ටම දෙනෙත් පියා ගත්තාය.

ජේම්ස් බොන්ඩ්ගේ පෙම්ව­තිය ලෙස වඩාත් ප්‍රකට වූ මේ නිළිය සිය ජීවි­තයේ සැඳෑ සම­යේදී අමෙ­රි­කානු ෆැන්ටසි වර්ගයේ නාට්‍ය­යක් වූ  Game of Thrones ටෙලි­නාට්‍ය මාලාවේ වසර කිහි­ප­යක්ම රංග­න­යෙන් දායක වූවාය. තරුණ වියේදී ඉතා මන­රම් රුව­කට හිමි­කම් කී බ්‍රිතාන්‍ය ජාතික නිළි­යක වූ ඩයනා රිග් සිය රංගන ජීවි­තයේ නිම් වළලු පුළුල් කර­ගත්තේ 1965 සිට 1968 දක්වා එංග­ල­න්තයේ ජන­ප්‍රිය රූප­වා­හිනි කතා­මා­ලා­වක් වූ The Avengers රඟ­පෑ­මෙනි. ඇය ජන­ප්‍රි­ය­ත්වයේ ඉහ­ළට ඔසවා තැබූ  ජේම්ස් බොන්ඩ් 6 වැනි චිත්‍ර­ප­ටය වන On her majesty's secret service සඳහා ඇයට දොරටු විවර වූයේ ද ‘දි ඇවෙ­න්ජර්‘ ටෙලි­නා­ට්‍ය­මා­ලාවේ ඇය රඟපෑ සට­න්කාමී චරි­තය නිසා­වෙනි.

ඉයන් ෆ්ලෙමින්ගේ පරි­ක­ල්ප­න­යෙන් බිහිවූ සුප්‍ර­කට බොන්ඩ් චරි­තයේ චිත්‍ර­පට මාලාව එහෙම පිටින්ම පිරී ඇත්තේ කාම­ධේ­නු­වන් බඳු සුරූපි පෙම්ව­ති­යන්ගේ වූවත් චිත්‍ර­පට දෙක­කදී බොන්ඩ් සැමි­යකු බවට පත්ව සිටි­යේය. පළ­මුව ඔහුගේ බිරිය බවට පත්වූයේ  ෂෝන් කොන­රිගේ රංග­න­යෙන් යුතුව 1967දී තිර­ගත වූ ජපා­නය කේන්ද්‍ර කර­ගත් You only live twice චිත්‍ර­ප­ටයේ කිසී සුසු­කිය. ඇගේ චරි­ත­යට පණ පොවනු ලැබුවේ ජපාන නිළි­යක වූ මයි හාමා විසිනි.

ඩයනා රිග් රග­පෑවේ බොන්ඩ්ගේ දෙවැනි හා අව­සන් බිරි­යගේ භූමි­කා­වය. 1969දී තිර­ගත වූ මේ චිත්‍ර­ප­ටයේ දී නවක නළු­වකු ලෙස ජෝර්ඩ් ලැසෙ­න්බයි බොන්ඩ් චරි­ත­යට පණ පෙවූ අතර, ඇය රඟ­පෑවේ ට්‍රේසි බොන්ඩ් නමැති චරි­ත­යයි. හැටේ දශ­කයේ හොලි­වුඩ් නිළි­යන් අතර ඩය­නාට හිමි­වූයේ අද්වි­තීය ස්ථාන­යකි. අඩි 5කුත්, අඟල් 9ක් උසැති මේ නිළිය වඩාත්ම ප්‍රකට වූයේ ඇය සතු සරාගී පෙනුම නිසා බව කවු­රුත් කියති.

එහෙත් ඩය­නාගේ සැබෑ භූමි­කාව ඉන් ඔබ්බට ගිය එකකි. ඇය සට­න්ක­ලාව ප්‍රගුණ කළ බුද්ධි­මත් කාන්තා­වකි. රිදී තිර­යේදී මෙන්ම සැබෑ ජීවි­ත­යේ­දිත් ඇගේ සට­න්කා­මී­ත්වය මැන­වින් ප්‍රද­ර්ශ­නය වූයේ ස්ත්‍රීවා­දය සම්බ­න්ධව පැණ නැඟුණු ගැට­ලු­ව­ල­දීය.

ස්ත්‍රී පුරුෂ සමා­නා­ත්ම­තා­ව ගැන ඇය තරම් කතා කළ වෙනත් නිළි­යක් හොලි­වු­ඩයේ නැති තරම්ය. හැට ගණ­න්වල සිට කාන්තා අයි­ති­වා­සි­කම් ගැන ඇය ඕනෑ­ව­ටත් වඩා කතා කළාය. ඒ වෙනු­වෙන් පෙර­මුණ ගෙන කට­යුතු කළාය. නළු­වන්ට මෙන්ම නිළි­ය­න්ටත් එක හා සමාන ගෙවීම් ලැබිය යුතු බවට ඇය විසින් තර්ක විතර්ක ඉදි­රි­පත් කරනු ලැබූ වාර අන­න්තය.

කාන්තා­වන්ගේ කර වටා අතක් දමා අද ඔබ වඩාත් ලස්සන බව කියන පිරි­මින් තමන්ට පෙන්න­න්නට බැරි බව ඇය කියද්දී හොලි­වු­ඩයේ සෙසු නිළි­යන් අතර ඇය වඩාත්ම කැපී පෙනු­ණාය. ස්වාධී­න­ත්වය ගැනත් ඇයට තිබුණේ වෙනම මත­යකි. ලිංගි­ක­ත්වය ගැනත්, නිළි­යන්ගේ සරාගී පෙනුම ගැනත් මිනි­සුන් කතා කරද්දී ඇය උර­හිස් හකු­ළුවා ගන්නා බව ඇය හා සමීප මිතු­රන් එකල නිතර නිතර කිය­න්නට වූහ.

රංග­න­යට එක්වූ මුල් කාල­යේ­දිම චිත්‍ර­පට අධ්‍යක්ෂ පිලිප් සැවිල් සමඟ වසර අටක් එකට ජීවත් වූ ඇය ටැබ්ලො­යිඩ් පුව­ත්ප­ත්වල නිතර නිතර අව­ධා­න­යට ලක්වූ නිළි­යක් ද වූවාය. අන­තු­රුව වසර 1973දී ඊශ්‍රා­ය­ලයේ ජන­ප්‍රිය චිත්‍ර ශිල්පි­යකු වූ මෙන­චෙම් ගුෆේන් සමඟ විවාහ වූවත් ඒ විවා­හ­යට  වැඩි ආයුෂ තිබුණේ නැත. වසර තුන­කට පසු ඇය සැමි­යා­ගෙන් වෙන්වූයේ ස්වාධී­නව ජීවත් වීමට ඇති ආශාව නිසා­වෙනි.

ඉන් පසු 1982 දක්වා ගත වූ වසර 6ක කාල පරි­ච්ඡේ­දය පුරා ඩය­නාගේ පහස පැතූ නළු­වන්ගේ මෙන්ම ව්‍යාපා­රි­ක­යන්ගේ ගණන නිමා­වක් නැත.

ඇය පළ­මු­ව­රට මෙන්ම අව­සන් වර­ටත් මවු පද­වි­යෙන් පිදුම් ලැබුවේ ස්කොට්ස් ආර­ක්ෂක සේවාවේ නිල­ධා­රි­යකු වූ ආර්චි­බෝල්ඩ් ස්ටර්ලින් සමඟ ගත කළ කාල­යේ­දීය. පසුව ඇය ඔහු සමඟ විවාහ වූ අතර ඒ වෙද්දී දිය­ණි­යට වසර 5කි. 1990දී  මේ විවා­හය බිඳ වැටුණේ ස්ටර්ලින් තවත් නිළි­යක හා පැට­ලුණු නිසාය.

පසු­කා­ලී­නව දරු­වන් වෙනු­වෙන් ගොඩ­නැ­ගුණු සුබ­සා­ධන ආය­ත­න­යක් පව­ත්වා­ගෙන යමින් ද, විවිධ සමාජ සේවා කට­යුතු වල නිර­ත­වෙ­මින් ද සිය පාළුව හා තනි­කම මකා ගත් ඩයනා හුදෙ­කලා ජීවන රටා­ව­කට හුරු වූවාය.හොලි­වුඩ් නිළි­යන් දුම්වැ­ටි­යට සහ මත්පැ­නට ලොල්වූ­වත්, ඩයනා තරම් දුම් වැටි පානය කළ නිළි­යන් ඇත්තේම නැති තරම්ය.

ඇය දුම්වැ­ටි­යට ලොල් වී ඇත්තේ 18 හැවි­රිදි වියේ සිට­මය. වසර 2009 වෙද්දී පවා ඇය දින­කට දුම්වැටි 20ක් පමණ පුළුස්සා දම­න්නට වූවාය. එහෙත් 2017දී බර­ප­තළ හෘද සැත්ක­ම­කට මුහු­ණ­දී­මෙන් පසු ඇය දුම්වැ­ටි­යට සමු දුන්නාය. 

දුම්රිය ඉංජි­නේ­රු­වකු වූ ඇගේ පියා කලක් ඉන්දි­යාවේ රාජ­ස්ථාන ප්‍රාන්තයේ රැකි­යාවේ නිර­තව සිටි බැවින් ඩය­නාගේ ළමා­වියේ මුල් අවු­රුදු අටම ගෙවුණේ ඉන්දි­යා­වේය. එබැ­වින් ඇයට හින්දි භාෂාව ද මැන­වින් කතා කළ හැකිය.

ඉංග්‍රීසි සාහි­ත්‍ය­යට දැඩි ඇල්මක් දැක්වූ මේ අපූරු නිළිය අනූව දශ­කයේ මැද භාගය වන­විට ස්කොට්ල­න්ත­යේත්, එංග­ල­න්තයේ ලීඩ්ස් විශ්ව­වි­ද්‍යා­ලයේ, නොටි­න්හැම් සහ දකුණු ලන්ඩ­නයේ විශ්ව­වි­ද්‍යා­ල­ව­ලින් සාහිත්‍ය පිළි­බඳ ගෞරව උපාධි කිහි­ප­ය­ක­ටම හිමි­කම් කීවේ ඇය සතු බුද්ධි මහි­මය විදහා දක්ව­මිනි.

Comments