සංචා­රක ව්‍යාපෘති 7කට යුරෝපා සංග­ම­යෙන් ආධාර | Page 2 | සිළුමිණ

සංචා­රක ව්‍යාපෘති 7කට යුරෝපා සංග­ම­යෙන් ආධාර

ශ්‍රී ලංකාවේ සංචා­රක කර්මා­න්තය දියුණු කිරීම පිණිස අදාළ ව්‍යාපෘති 7ක් වෙනු­වෙන් යූරෝ මිලි­යන 4.9ක ආධාර ලබා දීමට යුරෝපා සංග­මය එකඟ වී ඇතැයි සංචා­රක ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා පව­සයි.

අදාළ මූල්‍ය ප්‍රති­පා­දන ලබා දෙන්නේ සංචා­රක ප්‍රව­ර්ධන අධි­කා­රිය විසින් ලබා දෙන යෝජනා මාලා­වන්ට බව පෙන්වා දුන් ඇමැ­ති­ව­රයා ඒ අනුව සංචා­රක මාර්ගෝ­ප­දේශ සැක­සීම,

ශරීර සුවතා ක්‍රියා­කා­ර­කම් සංච­ර­ණය, සුළු හා මධ්‍ය පරි­මාණ සංචා­රක ව්‍යාපා­රි­ක­යන්ට සහන සැල­සීම, සමාජ හා ආර­ක්ෂණ වැඩ­ස­ට­හන් හා ප්‍රජා සංචා­රක කර්මා­න්තය නංවා­ලීම ඇතුළු කරුණු අඩංගු වන බව පෙන්වා දුන්නේය.

අදාළ ප්‍රදා­න­යන් හැකි ඉක්ම­නින් ලබා දීමට යුරෝපා සංග­මය එකඟ වී ඇතැ­යිද කී ඇමැ­ති­ව­රයා ශ්‍රී ලංකාව හැකි ඉක්ම­නින් සංචා­ර­ක­යන් සඳහා විවර කිරීම කෙරෙ­හිද විශේෂ අව­ධා­න­යක් යොමු කර ඇති බවද පෙන්වා දෙයි.

Comments