විශා­ඛාව වෙමි | සිළුමිණ

විශා­ඛාව වෙමි

දරා­ගෙන දුක් සුසුම් කඩ­තොළු
බලා­ගෙන හිඳ විලස අරු­ණලු
විසි­රිලා කාලයේ දිගු බැම්මේ
හදකි විය­පත්, දැමුණු සිත් ඇති
සමිඳ, ඇවි­දිමි සසර තෝතැන්නේ.....
වාන් දමනා සොරොව් ඇස් ඇති
ගෙයක් ගානේ අබ සොයා නොයමී
දෝර ගල­මින් වහි­න­විට දුක්
විශා­ඛා­වක වෙමින් දුක නිවමී....
පසක් වූ දා සැපෙහි අනි­යත
සක්සු­දක් සේ මටද මා අහිමී
දුක ද සර­සන සිතක රජ­යන
සමිඳු වද­හළ බණ පදක නිවෙමී.....

තුෂාරි බොඹු­වල


වැසුණු දොරටු

උස් ප්‍රාකා­ර­යෙන් ඔබ 
මට වැසුණු දොර­ටු­වැති 
බිම් කඩෙකි. 
ඇතැයි එහි පාරා­දී­ස­යක් 
ඇතැ­මෙක් පව­සති. 
දිය කඳුරු, මල් ගොමු

තුරු ලතා පිරි උයන තැන තැන
අතින් අතගා බැලි­යැකි
කිරි ගරුඬ පිළිරූ
ඇතිලු එහි
ගොස් පැමි­ණි­යෙක් පව­සති.
නැතැයි ඔය තර­මට සොඳුරු මන­රම්
කටු කොහොල් රළු පරළු මුඩු බිමක්
නෙක් සපුන් මුරු­ග­යන් ගැව­සෙන තැනක්
කියා පව­සයි ගොස් පැමිණි තව අයෙක්
බලා එන්නට ඇත්නම්
මගෙම දෑසින් එකම එක් වරක් ---?
වැසුණු දොර­ටුව අබි­යස
තැවෙමි ළතැ­වෙමි මම්
“රළු පරළු මුඩු බිම
වන වඳුලු පිරි තැනි බිම
දකින දෑසට අනුව ය.
ඇවිද යන දුර අනුව ය. ”
ප්‍රාකාර බැම්මෙහි හිඳ
නටව නටවා පෙඳ
මට ඇසෙ­න්නට ගී ගයන්නී
පැණි කිරි­ල්ලිය ඈ.

පද්මිණී ශ්‍රියා­ලතා

Comments